නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පෙරටම.. අගමැති විෂය මොඩියුල ගැනත් කියයි..
August 27, 2025 at 8:02 am | lanka C news
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය හා විදුහල්පති සහ ගුරු සංගම් සමඟ පවත්වන ලද විශේෂ සාකච්ඡාවක් අධ්‍යාපන අමාත්‍යංශයේ දී පැවැත්වුණි.
මෙහි දී නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳව විදුහල්පති සහ ගුරු සංගම් වෙත ඇති ගැටලු සහ නව ප්‍රතිසංස්කරණවල විෂය මොඩියුල සම්බන්ධව දීර්ඝව සාකච්ඡා විය.
එමෙන්ම අධ්‍යාපන අමාත්‍යශය, ජාතික අධ්‍යාපන ආයතනය සහ ජාතික අධ්‍යාපන කොමිසම ඇතුළු ආයතන අතර පැවතිය යුතු අනෙයෝන්ය සම්බන්ධතාවයේ වැදගත්කම සහ ඒ තුළින් අධ්‍යාපන ක්ෂේත්රය තුළ සිදුවන සංවර්ධනය සම්බන්ධව අවධාරණය කරන ලදී.
Good