O/L Fail unath A/L 2019 සිට

dxx

Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    ලබන වසරේ සිට පාසල් දරුවන්ට ලැබෙන අයිතිය ගැන ඇමති කියයි


    වසර 2019 සිට සාමාන්‍ය පෙළට පෙනී සිටින සියලු දරුවන්ට උසස් පෙළ හැදැරීමේ අවස්ථාව සලසාදෙමින් 13 වසරක පාසල් අධ්‍යාපනය සහතික කිරීමත්, අනාගත රැකියා වෙළඳපොළ ජයගත හැකි දිශානතියකට දරුවන් යොමු කිරීමත් රජයේ අරමුණ බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් පවසනවා.

    රටේ කිසිදු දරුවෙකුට සාමාන්‍ය පෙළ විභාගයෙන් අසමත්වීම නිසා උසස් පෙළ හැදෑරීමට ඇති අයිතිය අහිමි කළ නොහැකි බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

    විභාගයක් යනු මතකය මැනබැලෙන එක් ක්‍රමයක් වන හෙයින් දරුවන්ගේ අනාගතය ඒ මත තීරණය කරනු වෙනුවට පිරුණු හැකියාවන්ගෙන් යුත් මානව සම්පත් ගොඩනැඟිය හැකි තැනක් බවට පාසල් පරිවර්තනය කළ යුතු බවයි අමාත්‍යවරයාගේ මතය වන්නේ.

    අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ, 13 වසරක සහතික කළ අධ්‍යාපන වැඩසටහනේ පළමු අදියරේ ප්‍රගතිය සමලෝචනය සහ දෙවැනි අදියර ක්‍රියාවට නැංවීම වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ පැවති විශේෂ හමුවකට එක්වෙමින්.

    අධ්‍යාපනයේ විප්ලවීය වෙනසක් සිදුකරමින් ක්‍රියාවට නැංවෙන මෙම වැඩසටහන සම්බන්ධ ව විවිධ විවේචන, චෝදනා, මතවාද පැවතියත්,ලොව පිළිගත් අධ්‍යාපනඥයින් විසින් සිදු කරන ලද අධ්‍යයනයන් සහ නිර්දේශ ඇසුරෙන් මෙම ප්‍රතිපත්තිමය පියවර ක්‍රියාත්මක කළ බවත් මෙහි දී අමාත්‍යවරයා සඳහන් කළා.

    13 වසරක සහතික කළ අධ්‍යාපන වැඩසටහන හරහා නව ලොව රැකියා අවස්ථා සඳහා පුළුල් ඉඩ ප්‍රස්ථා විවර කරදෙමින් නව වෘත්තීය විෂයයන් 26ක් සහිතව වෘත්තීය විෂය ධාරාවක් හඳුන්වා දී තිබෙනවා.

    මෙම වැඩසටහනෙහි පළමු අදියරේ දී පාසල් 42ක සිසුන් 4000කට අධික සංඛ්‍යාවකට ‍වෘත්තීය විෂයධාරාව හැදෑරීමට අවස්ථාව සැලසුණු අතර, දෙවැනි අදියරේ දී පාසල් 150ක සිසුන් 14000කට අධික පිරිසකට මෙම අවස්ථාව ලබාදීමට කටයුතු යොදා තිබෙනවා.

    ඒ අනුව, දිවයිනේ සියලු පළාත් සහ සියලු අධ්‍යාපන කලාප නියෝජනය වන පරිදි තෝරාගත්, පාසල් 192 ක මේ වසර වනවිට මෙම විෂය ධාරාව ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පහසුකම් සැලසීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා.

    මේ සඳහා ගුරුවරුන් 2100ක් මේ වනවිටත් අධ්‍යාපන පද්ධතිය වෙත බඳවා ගැනීමට කටයුතු යොදා ඇති අතර, ජාතික අධ්‍යාපන ආයතනය මඟින් එම ගුරුවරුන් පුහුණුකිරීමේ කටයුතු සිදුකිරීමට නියමිතයි.

    මෙම වැඩසටහන වෙනුවෙන් මෙවර අයවැයෙන් රුපියල් මිලියන 3600 ක් වෙන් කර ඇති අතර පන්ති කාමර පහසුකම්, ගොඩනැගිලි පහසුකම් සහ ප්‍රමාණවත් ගුරුවරුන් සම්බන්ධව මතුවන ගැටළු සහ අභියෝගවලට ඒ හරහා විසඳුම් ලබාදිය හැකි බව ද අමාත්‍යවරයා මෙම හමුවේ දී පැහැදිලි කළා.

    මේ අවස්ථාවට අධ්‍යාපන ලේකම් සුනිල් හෙට්ටිආරච්චි, අධ්‍යාපන රාජ්‍ය ලේකම් තිස්ස හේවාවිතාන, අතිරේක ලේකම් (අධ්‍යාපන ප්‍රතිසංස්කරණ) වයි. ඒ. එන්. ඩී. යාපා ඇතුළු අමාත්‍යාංශ නිලධාරීන්, සියලු පළාත් සහ කලාප අධ්‍යාපන බලධාරීන්, 13 වසරක සහතික කළ අධ්‍යාපන වැඩසටහන ක්‍රියාවට නැංවෙන පාසල්වල විදුහල්පතිවරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියා.



    neth news
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    13 weddi ape un out wenne job ekak karanna knowledge ekak nathuwa kalakanni system ekak thinne. ita kalin a/l iwara wenna haduwa nam hari or dip lvl ekak wath ekka out wenne 13 yr ma sch yanawa nam
     

    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    13 weddi ape un out wenne job ekak karanna knowledge ekak nathuwa kalakanni system ekak thinne. ita kalin a/l iwara wenna haduwa nam hari or dip lvl ekak wath ekka out wenne 13 yr ma sch yanawa nam

    :yes:
    ඔව් බන්. American , Europe රට වල අවරුදු 12 ඉදං වගේ ජොබ් කරනවා, සල්ලි හොයනවා.අපේ එවුන්ට මාසෙට රුපියල් 10,000ක් හම්බුනත් කමක් නෑ ජෙන්ට ගහල වැඩට යන්න තිබ්බනම්.
     

    JBLs

    Well-known member
  • May 6, 2018
    3,550
    3,327
    113
    :yes:
    ඔව් බන්. American , Europe රට වල අවරුදු 12 ඉදං වගේ ජොබ් කරනවා, සල්ලි හොයනවා.අපේ එවුන්ට මාසෙට රුපියල් 10,000ක් හම්බුනත් කමක් නෑ ජෙන්ට ගහල වැඩට යන්න තිබ්බනම්.

    sad truth
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    rajayata AL kala kiyala hama ekatama job denna ba

    OL fail una eka mechanic wadakata hari yai
    gihin u thanakata awith hodata hamba karai
    campus gihin eliyata eddi
    nogiya eka hamba karala iwarai
    eka nathi wena eka ratatath
    thamantath paduwak