නව අරහාදී බුදු ගුණ

asliyanage

Well-known member
  • Nov 2, 2006
    6,850
    11,543
    113
    Colombo
    නව අරහාදී බුදු ගුණ

    නිමක් නැති සසරේ කල්ප ගණනාවකට එක වරක් මනුෂ්‍ය ලෝකයේ බිහිවී ඉන් අවබෝධය ලබා දෙවියන්ටත් බඹුන්ටත් මිනිසුන්ටත් වඩා අසීමිත ගුණ ඇති දෙවියෙකුදු මිනිසෙකුදු නොවන පුද්ගල විශේෂ වර්ගයකි "ලොව්තුරා බුදු රජාණන් වහන්සේලා". ඒ උත්තමයන් වහන්සේලාගේ ගුණ, බල , නැණ අප්‍රමාණය අසීමිතය. බුදු රජාණන් වහන්සේලාගේ අසීමිත ගුණ කොටස් වශයෙන් නවයකට බෙදේ. මේ මහා භද්‍ර කල්පයේ මීට අවුරුදු 2550 කට පමණ පෙර (ක්‍රි.පූ. 563-483 අතර කාල සීමවෙහි ) වැඩ සිටි ගෞතම බුදු රජණන් වහන්සේගේ ශ්‍රි මුඛයෙන් එය මෙසේ දේශනා කරන ලදී (අවස්ථව සොයා මෙතන යොදන්න ). "ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදූ අනුත්තරෝ පුරිස ධම්ම සාරථි සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති" (බුදු රජණන් වහන්සේලගේ භාෂාව විශ්ව භාෂාවකි, එය අපි පාලි භාෂාව ලෙස හැදින්වෙයි. එය මනුෂ්‍ය ලොකයේ කාලයෙන් කාලයට ඇතිවී නැතිවී යයි. නමුත් තිරිසන් ලෝකයේ හැර සක්වළක පවතින අනෙකුත් ලෝක විසි නමයේ (29) සැමදා පවතින විශ්ව භාෂාවකි )

    අරහං බුදු ගුණය

    මාගේ ස්වාමී වූ බුදුරජාණන් වහන්සේ සියලු කෙලෙසුන් කෙරෙන් දුරු වූ සේක, සියලු පාපයන්ගෙන් මිදුණ සේක, සියළු ලෝවැසියන්ගේ ආමිස පූජා ප්‍රතිපත්ති පූජා පිළිගැනීමට සුදුසු වන සේක, එමනිසා බුදුරජාණන් වහන්සේ අරහං නම් වන සේක. අරහං නම් වන සේක. අරහං නම් වන සේක.

    සම්මා සම්බුද්ධ ගුණය

    මාගේ ස්වාමී වූ බදුරජාණන් වහන්සේ උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මයන් ගුරු උපදේශ නැතිවම තමාගේ නුවණින් අවබෝධ කොට ගත් නිසා සම්මා සම්බුද්ධ නම් වන සේක. සම්මා සම්බුද්ධ නම් වන සේක. සම්මා සම්බුද්ධ නම් වන සේක.

    විජ්ජාචරණසම්පන්න ගුණය

    මාගේ ස්වාමී වූ බුදුරජාණන් වහන්සේ අනන්ත ඥානයෙන්ද, අනන්ත ශීලයෙන්ද, අනන්ත සමාධියෙන්ද, අනන්ත ගුණයෙන්ද, අනන්ත ප්‍රඥාවෙන්ද, අනන්ත විමුක්තියෙන්ද, සමන්විත වන නිසා විජ්ජාචරණසම්පන්න වන සේක. විජ්ජාචරණසම්පන්න වන සේක. විජ්ජාචරණසම්පන්න වන සේක.

    සුගත ගුණය

    මාගේ ස්වාමී වූ බුදුරජාණන් වහන්සේ සුන්දර නිවන් මග අවබෝධ කොට සුන්දර නිවනට වැඩමකළ නිසා සුගත නම් වන සේක. සුගත නම් වන සේක. සුගත නම් වන සේක.

    ලෝකවිදු ගුණය

    මාගේ ස්වාමී වූ බුදුරජාණන් වහන්සේ සියලු බඹ ලොවද, සියලු දෙව් ලොවද, මිනිස් ලෝකයද, ප්‍රේත ලෝකයද, තිරිසන් ලෝකයද, නිරයද, දස දහස් සක්වළද, සැබෑ තත්වය අවබෝධ කොට එම සියලු ලෝක වලින් නිදහස් වුණු නිසා ලෝකවිදු වන සේක. ලෝකවිදු වන සේක. ලෝකවිදු වන සේක.

    අනුත්තර පුරිසදම්මසාරථී ගුණය

    මාගේ ස්වාමී වූ බුදුරජාණන් වහන්සේ දමනය කළ නොහැකි බ්‍රහ්මයන්, දෙවියන්, මිනිසුන්, ඇතුළු සත්වයන් මහා කරුණාවෙන්, මහා ප්‍රඥාවෙන්, ප්‍රතිහාර්යයෙන් දමනය කර සැනසීම ලබාදීමට කටයුතු කළ නිසාද, සත්වයන් දමනය කරන්නන් අතර ලෝකයේ අග්‍ර වූ නිසාද, අනුත්තර පුරිසදම්මසාරථී නම් වන සේක. අනුත්තර පුරිසදම්මසාරථී නම් වන සේක. අනුත්තර පුරිසදම්මසාරථී නම් වන සේක.

    සත්තා දේව මනුස්සානං ගුණය

    මාගේ ස්වාමී වූ බුදුරජාණන් වහන්සේ නුවණ ඇති දෙව් මිනිසුන්ට, මෙලොව දියුණුව පිණිසද, පරලොව සුගතිය පිණිසද, උතුම් නිර්වාණාවබෝධය පිණිසද, ශ්‍රී සද්ධර්මය මහා කරුණාවෙන් දේශනා කොට වදාල නිසා සත්තා දේව මනුස්සානං වන සේක. සත්තා දේව මනුස්සානං වන සේක. සත්තා දේව මනුස්සානං වන සේක.

    බුද්ධ ගුණය

    මාගේ ස්වාමී වූ බුදුරජාණන් වහන්සේ තමන් අවබෝධ කරන ලද උතුම් ධර්මය අන් අයටද අවබෝධ කර ගැනීම පිණිස මහා කරුණාවෙන් දේශනා කොට වදාළ නිසා බුද්ධ වන සේක. බුද්ධ වන සේක. බුද්ධ වන සේක.

    භගවා ගුණය

    මාගේ ස්වාමී වූ බුදුරජාණන් වහන්සේ සියළු සම්බුදු ගුණ දරා ගැනීමට තරම් භාග්‍ය ඇති නිසා භගවා වන සේක. භගවා වන සේක. භගවා වන සේක.
     
    Last edited: