![]()
ජයග්‍රහණයට බාධා
සිංහ ලග්නයෙන් උපන් ඔබේ ලග්නාධිපති රවි ග්‍රහයා උච්ච බලයෙන් යුතුව භාග්‍ය ස්ථානයේම ගත කරන අතර ඔබේ මාරක ස්ථානයත්, ආයුෂ ස්ථානයත් වන 08 වැන්නේ 08 වැන්න අධිපති ගුරු ග්‍රහයා ස්වක්ෂේත්ර බලයෙන් ඔබේ ධන ස්ථානය, අය ස්ථානය අධිපති නීච භංග රාජ යෝග බලැති බුධ සමඟත් ලග්නයට යෝග කාරක කුජ ග්‍රහයා සමඟත් යුරේනස් ග්‍රහයා සමඟත් යෝගව සිටී. ර්ථික ගැටලුවලට තදින් මුහුණ දීමට සිදු වන අතර අධ්‍යාපන කටයුතුවලට බාධා ගෙන දේ.
ධනය :-
නව වසර තුළත් ඔබට ආර්ථික ගැටලු විසඳා ගැනීමට නොහැකි වන අතර තවදුරටත් ඔබට ණය තුරුස් වීමට සිදු වන වසරකි. එහෙත් ඔබගේ ධන ස්ථානය / අය ස්ථානය අධිපති බුද ග්‍රහයා නීච භංග රාජ යෝග බලයෙන් ඉතා බලගතු ගුරු සමඟ 08 වැන්නේ ගත කිරීම අනුව සාමාන්‍ය ලෙසින් මුදල් ලැබීම් පෙන්නුම් කරනවා.
රැකියාව :-
විශේෂයෙන්ම විදේශ රැකියා බලාපොරොත්තු වන්නන්ගේ බලාපොරොත්තු ඉටු වන අතර රැකියා උසස් වීම් බලාපොරොත්තු වන්නන්ගේ සහ නව රැකියා බලාපොරොත්තු වන්නන්ගේ අරමුණු ඉටු වේ.
ගෘහ ජීවිතය :-
නව වසර ආරම්භයත් සමඟ ඔබට මංගල යෝග යෙදී තිබුණත් ඔබේ විවාහක ස්ථානය අධිපති සෙනසුරු ලග්න ඒරාෂ්ඨක සහ ජන්ම ඒරාෂ්ඨකයකට මැදිව ගත කරන බැවින් එම මංගල යෝග පිළිබඳව බොහෝ සැලකිලිමත් වන්න. දේපළවලින් ඔබට ලැබෙන ආදායම හීන වන අතර දේපළ සම්බන්ධයෙන් ද ගැටලුවලට නිතර නිතර මුහුණ දීමට සිදු වේ. දරුවන්ගේ වැඩ කටයුතුවලින් දෙමවුපියන්ට සතුටු වීමට අවස්ථාවක් නොලැබෙයි.
අධ්‍යාපනය :-
රාහු ග්‍රහයා ප්ලූටෝ ග්‍රහයා සමඟ යෝගව තම විද්‍යස්ථානයේ ගමන් කිරීම අනුව නව වසර උදාවේ සිට ජුනි මස 06 වන දින දක්වා අධ්‍යාපන කටයුතුවලට බාධා ගෙන දේ. ජුනි මස 06 වන දිනෙන් පසු අධ්‍යාපනයට සුබයි. ඔබ විදේශ අධ්‍යාපනයක් ලබා ගැනීමට සූදානම් වන සිංහ ලග්න හිමියෙක් නම් එම බලාපොරොත්තු ජුනි 06 වන දිනෙන් පසු ඉටු වේ.
සෞඛ්‍යය :-
ඔබේ රෝග ස්ථානයත් / සතුරු ස්ථානයත් අධිපති සෙනසුරු ග්‍රහයා ලග්න ඒරාෂ්ඨකයකට සහ ජන්ම ඒරාෂ්ඨකයකට මැදිව සිටීම අනුවත් - සඳු ග්‍රහයා ලග්නයේම ගත කිරීම අනුවත් හදවත් සහ වකුගඩු රෝගීන්ට අපලදායක වසරකි. ඒ ගැන බොහෝ සෙයින්ම සැලකිලිමත් වන්න.
සුබ දවස් : ඉරිදා, අඟහරුවාදා, බදාදා, සිකුරාදා
ජය අංකය : 01, 04




thnks![]()
ගෘහ ජීවිතය :-
දේපළ ඇති මකර ලග්න හිමියන්ට දේපළ පිළිබඳව ගැටලුවලට මුහුණ දීමට සිදු වන අතර දේපළවලින් අලාභ සිදු වේ. වර්ෂ ආරම්භයත් සමඟ සඳු ග්‍රහයා ඔබේ ආයුෂ ස්ථානයේ නීචව ගත කිරීම අනුවත්, වසරේ ඉදිරි ග්‍රහ ගමන් අනුවත් ඔබට සුළු අනතුරුවලට ඉඩ ඇති බැවින් බොහෝ සැලකිලිමත්ව කටයුතු කරන්න.
ඊර්ෂ්‍යාකරුවන් ඇති වන අතර නඩුහබවලට පැටලී සිටින මකර ලග්න කරුවන්ට දඬුවම් විඳීමට පවා සිදු වේ. ඔබේ කීර්තියට හානි වීමට ඉඩ ඇති බැවින් නිතර නිතර ඒ ගැන සැලකිලිමත් වන්න. වර්ෂය පුරාම ඔබේ අසනීප තත්ත්වයන් පිළිබඳ විශේෂයෙන්ම සැලකිලිමත් වන්න.

thnks
me kotasa nm denatama attha wenna yanne![]()


oh ehamada awurudda echarama hoda naa wage![]()





thanks machan, umba kohenda meka beluwe
http://www.silumina.lk/2011/04/10/_art.asp?fn=af1104104
ehemama ne.
som1 z buggin me(not in EK).![]()
hikz ow ekat aththa.hmm owa ohoma thamai



![]()
සතුරු කරදරවලින් නිදහසක්
වෘශ්චික ලග්නයෙන් උපන් ඔබේ ලග්නාධිපති කුජ ග්‍රහයා ත්‍රිකෝණස්ථාන බලයෙන් ඉතා බලගතු ගුරු සමඟත් නීච භංග රාජ යෝග බලයෙන් යුත් බුධ සමඟත්, යුරේනස් සමඟත් වර්ෂ ආරම්භයත් සමඟ 05 වැන්න වන ත්‍රිකෝණ ස්ථානයේ ගත කරයි. වෘශ්චික ලග්න ඔබට නව වසරේ නව රැකියා වාසනා හිමිවන අතර, රැකියා උසස්වීම් ගෙන දේ. දේපළ වලින් ලාභ ලැබෙන අතර, මවු පාර්ශ්වයේ ඥාතින්ගෙන් උදව් ලැබේ. අධ්‍යාපන බලාපොරොත්තු ඉටුවන අතර, දරු සම්පත් අපේක්ෂාවෙන් සිටින්නා වූ කාන්තාවන්ට පින්බර දරුවන් බිහි කිරීමට භාග්‍ය හිමි වේ.
ධනය :-
ආර්ථික අතින් සුබයි. බලාපොරොත්තු රහිත ලෙස හදිසි ධන ලාභ ලැබේ. වෙළෙද ව්‍යාපාරවලින් ලාභ ලැබෙන අතර, දේපළ වලින් ද ආදායම් ලැබීම් පෙන්නුම් කරයි. විදේශ සම්බන්ධතා හේතුකොට ගෙනත් ආර්ථික වාසි පෙන්නුම් කරයි.
රැකියාව :-
රැකියාව පැත්තෙන් සුබදායක වසරකි. නව රැකියා අපේක්ෂිත අයට මෙන්ම රැකියා උසස්වීම් බලාපොරොත්තු වන්නන්ට තම අපේක්ෂා මුදුන්පත් කර ගැනීමට හැකි වේ. විදේශ රැකියා බලාපොරොත්තු වන අයගේ එම ප්‍රාර්ථනා ඉටු වන අතර ඒ සඳහා වඩාත් හොඳින් වාසනාව ගෙන දෙන්නේ නව වසරේ නොවැම්බර් 16 වෙනිදායින් පසුවයි.
ගෘහ ජීවිතය :-
සිකුරු ග්‍රහයා දිග් බලයෙන් තම 04 වැන්නේ ගමන් කිරීම හේතුකොට ගෙන මවු පාර්ශ්වයේ ඥාතින්ගෙන් විශේෂ උදව් උපකාර ලැබෙන අතර, නව ඉඩකඩම් මිලදී ගැනීමේ බලාපොරොත්තු, නව නිවාස මිලදී ගැනීමේ සහ නව වාහන මිලදී ගැනීමේ බලාපොරොත්තු ඉටු වේ. දරුවන්ගේ වැඩ කටයුතුවලින් බොහෝ සෙයින්ම සතුටු වීමට ඉඩකඩ ලැබෙන අතර, අධ්‍යාපනයේ යෙදී සිටින තම දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ඉතා සාර්ථක වේ. දරු ඵල අපේක්ෂාවෙන් පසුවන්නන්ට ඉතා පින්බර දරුවන් බිහි කිරීමට භාග්‍යය ලැබෙයි.
අධ්‍යාපනය :-
අධ්‍යාපනයෙන් විශිෂ්ට ප්‍රතිඵල ලබා ගත හැකි වන වසරකි. උසස් අධ්‍යාපනය සම්බන්ධයෙන් විදෙස් ගතවීමට වාසනාව ලැබෙන වසරකි. මේ මොහොත වන විට අධ්‍යාපනයෙන් උසස් තත්ත්වයකට පත්වූවන්ට තවත් ඉදිරියට අධ්‍යාපන කටයුතුවල යෙදීමට මංපෙත් විවර වන වසරකි.
සෞඛ්‍යය :-
අසනීප තත්ත්වයෙන් පසුවන්නන් හට හොඳ ශාරීරික සෞඛ්‍යයෙන් ගත කිරීමට හැකි වන වසරකි. කාලයක් තිස්සේ පැවති අසනීප තත්ත්වයන්ගෙන් බලාපොරොත්තු නොවන ආකාරයෙන් සුවය ලැබෙන වසරකි.
සුබ දවස් : ඉරිදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා
ජය අංක : 01, 02, 04, 05, 07
