නව කැබිනට් ඇමතිවරු 09ක් දිවුරුම් දෙයි : හරීන් ප්‍රනාන්දු ඒ අතර

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,142
    5,966
    113
    canada
    copyright : Neth news

    http://nethnews.lk/article/95355


    නව රජයේ කැබිනට් අමාත්‍යවරුන් 09 දෙනෙකු අද පෙරවරුවේ දිවුරුම් දුන්නා. ඒ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේයි.
    ඒ අනුව වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍යවරයා ලෙස නිමල් සිරිපාල ද සිල්වා එහිදී දිවුරුම් දුන්නා. සුසිල් ප්‍රේමජයන්ත් දිවුරුම් දුන්නේ අධ්‍යාපන අමාත්‍යවරයා ලෙසයි. කෙහෙළිය රඹුක්වැල්ල සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්නා. විජේදාස රාජපක්ෂ දිවුරුම් දුන්නේ අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යවරයා ලෙසයි.
    හරීන් ප්‍රනාන්දු දිවුරුම් දුන්නේ සංචාරක හා ඉඩම් අමාත්‍යවරයා ලෙසයි. මනූෂ නානායක්කාර, කම්කාරු හා විදේශ රැකියා අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්නා. රමේෂ් පතිරණ අද දිවුරුම් දුන්නේ වැවිලි කර්මාන්ත අමාත්‍යවරයා ලෙසයි.
    නලින් ප්‍රනාන්දු, වෙළඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යවරයා වනවා. ටිරාන් අලස් මහජන ආරක්ෂක අමාත්‍යවරයායි.
    ඒ අනුව මෙම ආණ්ඩුවේ මීට පෙර පැවති අමාත්‍ය මණ්ඩලවල අමාත්‍ය ධූර දැරූ පිරිසෙන් අද අමාත්‍ය ධූර හිමිවූයේ නිමල් සිරිපාල ද සිල්වා, කෙහෙළිය රඹුක්වැල්ල හා රමේෂ් පතිරණටයි.
    මීට පෙරද අමාත්‍යවරුන් සිව්දෙනෙකු ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දුන්නා. එහිදී දිවුරුම් දුන්නේ මහාචාර්ය ජී එල් පීරිස්, දිනේෂ් ගුණවර්ධන, ප්‍රසන්න රණතුංග හා කංචන විජේසේකරයි.
    කෙසේවෙතත් ශ්‍රී ලංකාව මේ වන විට දැඩි ආර්ථික අර්බුදයක පසුවුවද නව මුදල් අමාත්‍යවරයෙකු මේ දක්වා පත්කර නැහැ.

    සමගි ජන බලවේගයට මොකද වෙන්නේ????
     
    • Like
    Reactions: NRTG

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    horu samaga wase...lol lankawe minisunta wechcha deyak koti walgaya allgatt wage tama Rajapassala genawa kiyanne... LOL api munta kuwa kata kadenakan atha kadenakan type kara. ahuwe ne.. dan itng natapan horuth ekkama

    Thread dapu eka maha THADI BAYYEK OKA ADATH BAYYA HETATH BAYYA JIVITHA KALEMA WAHAL BAYYA. 🤮🤮🤮🤮KOHEDA RATAKA IDAGENA RAJAPSSALATA DENAWA. TAMATH
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,142
    5,966
    113
    canada

    copyright:Lankadeepa news paper]]​

    lankadeepa

    අප්පිරියා නිසා පත්වීම ගත්තේ අහක බලාගෙන​

    (ඩයනා උදයංගනී)

    ජනාධිපතිවරයා අතින් ඇමතිවරයකු ලෙස පත්වීම ලබාගන්නා විට අප්පිරියාවක් ඇතිවූ බවත්, එම අවස්ථාවේ ඔහු සමඟ වචනයක් හෝ කතා නොකර ඉවත බලාගෙන පත්වීම් ලිපිය ලබාගත් බවත් ඉඩම් හා සංචාරක අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන් හරීන් ප්‍රනාන්දු මහතා පැවසීය.

    තමන් අමාත්‍යධූරය ලබාගන්නා අවස්ථාවේ ඡායාරූපයක්වත් නැත්තේ ඒ නිසා බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

    අප්පිරියාව නිසා රට වැටෙන තුරු බලා සිටීම ඊටත් වඩා අප්පිරියාවක් බැවින් ආසයි බයයි කියමින් නොසිට රට වෙනුවෙන් තීරණයක් ගත් බව කී ඇමතිවරයා ගෝඨාභය ජනාධිපතිවරයා ගෙදර යා යුතුය යන තම ස්ථාවරය දශමයක්වත් වෙනස් වී නොමැති බව ද කීවේය.

    මේ අවස්ථාවේ කළ යුත්තේ සර් පාස් කිරීමට වඩා රට පාස් කිරීම බව කී ඇමති හරීන් ප්‍රනාන්දු මහතා ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඉවත්කිරීම කළ යුතු ආකාරය ඇතුළු කරුණු 7ක් සම්බන්ධයෙන් ඇමතිධූරය ලබාගැනීමට පෙර අගමැතිවරයා සමඟ සාකච්ඡා කළ බව ද පැවසීය.

    ඇමතිවරයා මේ බව පැවසුවේ කොළඹ දී අද (20) පැවති විශේෂ මාධ්‍ය හමුවක් අමතමිනි.

    ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඉදිරියට කොන්ද කෙලින් තබාගෙන ගොස් කතා කිරීමට හා බැණ වැදීමට තමාට අදටත් හැකියාවක් ඇතැයි ද හරීන් ප්‍රනාන්දු මහතා පැවසීය.

    වත්මන් අභියෝගය සජිත් ප්‍රේමදාස මහතා භාරනොගත් අවස්ථාවේ එය භාරගත් රනිල් වික්‍රමසිංහ මහතාගේ කකුලෙන් අදින ප්‍රතිපත්තියක තමන් නොමැති බව කී ඇමතිවරයා ආණ්ඩුවට එක්වීමේ තම තීරණය හදවතින් ගත් එකක් බවත්, කලකදී විවේචනය කළ අය සමඟ එක් කැබිනට් මණ්ඩලයක අසුන් ගැනීම පහසු කටයුත්තක් නොවන බවත් කීවේය.
     
    • Haha
    Reactions: Rasika212 and NRTG