copyright : Neth news
http://nethnews.lk/article/95355
නව රජයේ කැබිනට් අමාත්‍යවරුන් 09 දෙනෙකු අද පෙරවරුවේ දිවුරුම් දුන්නා. ඒ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේයි.
ඒ අනුව වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍යවරයා ලෙස නිමල් සිරිපාල ද සිල්වා එහිදී දිවුරුම් දුන්නා. සුසිල් ප්‍රේමජයන්ත් දිවුරුම් දුන්නේ අධ්‍යාපන අමාත්‍යවරයා ලෙසයි. කෙහෙළිය රඹුක්වැල්ල සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්නා. විජේදාස රාජපක්ෂ දිවුරුම් දුන්නේ අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යවරයා ලෙසයි.
හරීන් ප්‍රනාන්දු දිවුරුම් දුන්නේ සංචාරක හා ඉඩම් අමාත්‍යවරයා ලෙසයි. මනූෂ නානායක්කාර, කම්කාරු හා විදේශ රැකියා අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්නා. රමේෂ් පතිරණ අද දිවුරුම් දුන්නේ වැවිලි කර්මාන්ත අමාත්‍යවරයා ලෙසයි.
නලින් ප්‍රනාන්දු, වෙළඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යවරයා වනවා. ටිරාන් අලස් මහජන ආරක්ෂක අමාත්‍යවරයායි.
ඒ අනුව මෙම ආණ්ඩුවේ මීට පෙර පැවති අමාත්‍ය මණ්ඩලවල අමාත්‍ය ධූර දැරූ පිරිසෙන් අද අමාත්‍ය ධූර හිමිවූයේ නිමල් සිරිපාල ද සිල්වා, කෙහෙළිය රඹුක්වැල්ල හා රමේෂ් පතිරණටයි.
මීට පෙරද අමාත්‍යවරුන් සිව්දෙනෙකු ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දුන්නා. එහිදී දිවුරුම් දුන්නේ මහාචාර්ය ජී එල් පීරිස්, දිනේෂ් ගුණවර්ධන, ප්‍රසන්න රණතුංග හා කංචන විජේසේකරයි.
කෙසේවෙතත් ශ්‍රී ලංකාව මේ වන විට දැඩි ආර්ථික අර්බුදයක පසුවුවද නව මුදල් අමාත්‍යවරයෙකු මේ දක්වා පත්කර නැහැ.
සමගි ජන බලවේගයට මොකද වෙන්නේ????