නව ජීමේල් පණිවිඩ ජංගම දුරකතනයට ලබා ගැනීම

spirit89

Active member
  • Dec 7, 2008
    266
    89
    28
    නව ජීමේල් පණිවිඩ ජංගම දුරකතනයට ලබා ගැනීම

    අලුතින් එන ජී මේල් පණිවිඩ ජංගම දුරකතනයට ලබා ගන්න කැමතිද​ ?
    සමහර අයට නම් ඒක ගොඩක් වැදගත් වෙයි...
    හැබැයි මේ සඳහා එම්.එම්.එස් පහසුකම සහිත ජංගම දුරකතනයක් තිබිය යුතුයි...

    1.
    සියලුම නව පණිවිඩ ජංගම දුරකතනයට ලබා ගැනීම​...

    පලමුව ඔබගේ ජීමේල් ගිණුම වෙත පිවිසෙන්න​..

    ඉන්පසු දකුණු උඩ කෙලවරේ
    setting ලින්ක් එක ක්ලික් කරන්න​..
    එහි Forwarding and POP/IMAP යන්න තෝරන්න​...

    3.jpg


    එහි Forwarding කියන තැන
    [email protected]

    ලෙස ඔබගේ එම්.එම්.එස් ලිපිනය ඇතුලත් කරන්න​...
    ( 071xxxxxxx වෙනුවට ඔබගේ දුරකතන අංකය ඇතුලත් කරන්න​..ඩයලොග් ගැන නොදනිමි... )


    Send Verification instructions යන්න ක්ලික් කරන්න​...

    ඔබගේ දුරකතනයේ mms settings නිවැරදි ලෙස තිබේ නම් ඔබට mms පණිවිඩයක් ලැබෙනු ඇත​...
    එහි ඇති අංකය ඇතුලත් කර verify ක්ලික් කරන්න​..

    dfg.jpg


    ඉන් පසු පහළ ඇති save changes යන්න ක්ලික් කරන්න​..
    දැන් ඔබට ලැබෙන සියලුම ජීමේල් පණිවිඩ ජංගම දුරකතනයට ලැබෙනු ඇත​.. ( ජීමේල් ඉන්බොක්ස් එකේද නව පණිවිඩ ලෙස පෙන්වයි )




    2.
    අවශ්‍ය පණිවිඩ පමණක් ජංගම දුරකතනයට ලබා ගැනීම​


    ඉහත දක්වා ඇති ආකාරයට Forwarding email address එකක් සාදා ගෙන එහි අවසාන පියවරේදී Disable Forwarding යන්න තෝරාගෙන save කරන්න​..



    ඉන්පසු නැවත settings වල​ filters යන්න ක්ලික් කරන්න​..

    එහි ඔබට අවශ්‍ය ලෙස filters ඇතුලත් කරන්න​.. ( එක් කොටුවක් පමණක් පිරවීමද ප්‍රමාණවත් වේ... )

    Test Search යන්න ක්ලික් කිරීමෙන් ඔබගේ filters සඳහා ඇතුලත් වන කලින් ලැබී ඇති පණිවිඩ දැකගත හැක​..
    Next Step ක්ලික් කරන්න​...

    aaaa.jpg




    Forward it to යන්න select කර Create Filter ක්ලික් කරන්න​...

    ඉන්පසු ඔබට අවශ්‍ය පණිවිඩ පමණක් ජංගම දුරකතනයට ලැබෙනු ඇත​....

    සැලකිය යුතුයි : GPRS ගාස්තු අදාල වේ....


    copyright: http://vidusewana.blogspot.com

    .
    මට කලින් ලංකාවෙ කෙනෙක් මේ ගැන හොයාගත්තද දන්නෑ...
    නමුත් මේක මම හොයාගත්තෙ තනියම​...
     
    Last edited:

    spirit89

    Active member
  • Dec 7, 2008
    266
    89
    28
    ela

    dialog barida meken

    dialog mms address 1 mama dan na ban..

    ubata puluwannam dialog phone 1kin mms 1k email address 1kata yawala, 4n eke mms address 1 balapan.
    eeta passe a address 1 deela oka try karala balapan..
    ehema baluwoth matath kiyapan dialog mms address 1....