නව රජයේ අමාත්‍ය මණ්ඩලය

kapiladinirukshana

Active member
  • Jan 21, 2011
    268
    76
    28
    Veyangoda
    නව රජයේ අමාත්‍ය මණ්ඩලය

    අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මුදල්, ආර්ථික හා ප්‍රතිපත්ති සංවර්ධන, බුද්ධ ශාසන සංස්කෘතික හා ආගමික කටයුතු, නාගරික සංවර්ධන ජල සම්පාදන හා නිවාස පහසුකම් අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්නේය.

    නිමල් සිරිපාල ද සිල්වා මහතා අධිකරණ, මානව හිමිකම් හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍ය ධුරයේ දිවුරුම් දුන් අතර ආරුමුගන් තොණ්ඩමන් මහතා ප්‍රජා සවිබල ගැන්වීම් හා වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ධුරයේ දිවුරුම් දෙනු ලැබුවේය.

    විදේශ සබඳතා, නිපුණතා සංවර්ධන, රැකීරක්ෂා හා කම්කරු සබඳතා අමාත්‍ය ධූරයේ දිවුරුම් දෙනු ලැබුවේ දිනේෂ් ගුණවර්ධන මහතායි.

    ඩග්ලස් දේවානන්ද මහතා ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය ධුරයේදි දිවුරුම් දුන් අතර පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය කාන්තා හා ළමා කටයුතු සහ සමාජ ආරක්ෂණ, සෞඛ්‍ය හා දේශිය වෛද්‍ය අමාත්‍යවරිය ලෙස දිවුරුම් දෙනු ලැබුවේය.

    තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ උසස් අධ්‍යාපන, තාක්ෂණ හා නවෝත්පාදන අමාත්‍ය ධුරයේ දිවුරුම් දුන්නේ බන්දුල ගුණවර්ධන මහතායි.

    ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පලාත් පාලන අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන් අතර, චමල් රාජපක්ෂ මහතා මහවැලි කෘෂිකර්ම වාරිමාර්ග හා ග්‍රාමීය සංවර්ධන, අභ්‍යන්තර වෙළඳ ආහාර සුරක්ෂිතතාව හා පාරිභෝගික සුබසාධන අමාත්‍ය ධුරයේ දිවුරුම් දුන්නේය.

    අධ්‍යාපන, ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය ධුරයේ දිවුරුම් දුන්නේ ඩලස් අලහප්පෙරුම මහතායි.

    ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා මාර්ග හා මහා මාර්ග, වරාය හානාවික කටයුතු අමාත්‍ය ධුරයේ දිවුරුම් දී ඇත.

    විමල් වීරවංශ මහතා දිවුරුම් දෙනු ලැබුවේ කුඩා හා මධ්‍ය පරිමාණ, ව්‍යාපාර හා ව්‍යවසාය සංවර්ධන සහ කර්මාන්ත සහ සැපයුම් කළමණාකරන අමාත්‍යවරයා ලෙසයි.

    මහින්ද අමරවීර මහතා මගී ප්‍රවාහන කළමණාකරන, විදුලි බල හාබල ශක්ති අමාත්‍ය ධුරයේ දිවුරුම් දී ඇත.

    එස්.එම් චන්ද්‍රසේන මහතා පරිසර හා වන ජීවි සම්පත්, ඉඩම් හා ඉඩම් සංවර්ධන අමාත්‍ය ධුරයේ දිවුරුම් දුන් අතර රමේෂ් පතිරණ මහතා වැවිලි කර්මාන්ත හා අපනයන කෘෂිකර්ම අමාත්‍ය ධුරයේ දිවුරුම් දෙනු ලැබුවේය.

    ප්‍රසන්න රණතුංග මහතා දිවුරුම් දෙනු ලැබුවේ කාර්මික අපනයන හා ආයෝජන ප්‍රවර්ධන සංචාරක හා ගුවන් සේවා අමාත්‍ය ධුරයේයි.
     

    aliya

    Well-known member
  • Oct 22, 2007
    905
    388
    63
    Colombo
    ඇමතිවරු අඩු කරන එක ‍රැවටෙන්න එපා.මේක තාවකාලික එකක් මහා මැතිවරනය එනකම්.මහා මැතිවරනයෙන් පස්සේ කරුමෙට හරි දිනුවොත් ඇමතිවරු 100 පනිනවා.ඒක නිසා මේක නිකන් තේරුමක් නැති වැඩක්. මහා මැටිවරනයක් අත ලග නිසා ඉස්සර වගේ නටන්න යන එකක් නෑ.ඇමති 15 ජනතාව ‍රැවටීමක්.රනිල් නැති පාඩුව ඔයාලට තදින්ම පස්සේ දැනේවී යාලුවනේ
     

    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    ඇමතිවරු අඩු කරන එක ‍රැවටෙන්න එපා.මේක තාවකාලික එකක් මහා මැතිවරනය එනකම්.මහා මැතිවරනයෙන් පස්සේ කරුමෙට හරි දිනුවොත් ඇමතිවරු 100 පනිනවා.ඒක නිසා මේක නිකන් තේරුමක් නැති වැඩක්. මහා මැටිවරනයක් අත ලග නිසා ඉස්සර වගේ නටන්න යන එකක් නෑ.ඇමති 15 ජනතාව ‍රැවටීමක්.රනිල් නැති පාඩුව ඔයාලට තදින්ම පස්සේ දැනේවී යාලුවනේ


    :lol::lol::lol::lol::lol:
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,131
    20,719
    113
    හස්තිශෛලපුර
    පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය කාන්තා හා ළමා කටයුතු සහ සමාජ ආරක්ෂණ, සෞඛ්‍ය හා දේශිය වෛද්‍ය අමාත්‍යවරිය ලෙස දිවුරුම් දෙනු ලැබුවේය...


    මේකටනම් හොටුත් පැන්නා.. අයියෝ GMOA එකට කනට ගහලා වගේ..
     

    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    E4-B31-F94-8-AC3-4-C0-C-B86-C-9-F5-EE0-B96434.jpg