කවුද මචං රාජ්‍ය අමාත්‍ය
රාජ්‍ය අමාත්‍ය කියන්නෙත් ප්‍රධාන අමාත්‍ය ම ද ? බලතල වෙනසක් තියේද මචං ?

රාජ්‍ය අමාත්‍යවරුන් සිව් දෙනෙකු සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් තිදෙනෙකු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දී තිබේ.
මීට ටික වේලාවකට පෙර ජනාධිපති ලේකම් කාර්යාලයේදී ඔවුන් දිවුරුම් දී ඇති බව සඳහන්ය
ඒ අනුව,
- Derana News (May 31, 2017 01:08 pm)
- විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළ ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා, ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දී තිබේ.
- රන්ජන් රාමනායක මහතා සමාජ සවිබල ගැන්වීම්, සුබසාධන හා කන්ද උඩරට සංවර්ධන නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙසත්,
- පාර්ලිමේන්තු කටයුතු හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ධුරයේ කටයුතු කළ කරුණාරත්න පරණවිතාන මහතා නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු නියෝජ්‍ය අමාත්‍ය ධුරයේත් දිවුරුම් දී ඇත.
- රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළ ඉරාන් වික්‍රමරත්න මහතා, මුදල් රාජ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දී ඇති අතර
- මුදල් රාජ්‍ය අමාත්‍ය ධූරයේ මීට පෙර කටයුතු කළ ලක්ෂ්මන් යාපා මහතා රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දී ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.
- පාලිත රංගේ බණ්ඩාර මහතා වාරිමාර්ග රාජ්‍ය අමාත්‍යවරයා ලෙසත්
- වසන්ත සේනානායක මහතා විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා ලෙසත් දිවුරුම් දී තිබේ.
- මුදල් හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස ලසන්ත අලගියවන්න මහතා දිවුරුම් දී ඇත.
රාජ්‍ය අමාත්‍ය කියන්නෙත් ප්‍රධාන අමාත්‍ය ම ද ? බලතල වෙනසක් තියේද මචං ?


Last edited: