හිටපු අමාත්‍ය ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වෙයි

Jihadi john

Well-known member
  • Aug 22, 2024
    4,329
    8,479
    113


    මෙරට දේශපාලනයේ කෘතහස්ථ දේශපාලනඥයෙකු වූ හිටපු අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා. කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත වූ හිටපු අමාත්‍යවරයා මිය යන විට අසූ දෙවැනි වියෙහි පසු වුණා.

    වර්ෂ 1960 දී එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකයෙකු ලෙස ක්‍රියාකාරී දේශපාලනයට පිවිසි ඔහු 1983 වසරේ දී ජේ.ආර් ජයවර්ධන මහතාගේ රජය යටතේ කැස්බෑව මැතිවරණ බලප්‍රදේශයෙන් කොළඹ දිස්ත්‍රික්කය නියෝජනය කරමින් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට තේරී පත්ව පසුව 1989 වසරේදී සහ 2002 වසරේදී එක්සත් ජාතික පක්ෂ රජයන්හි රනිල් වික්‍රමසිංහ මහතා යටතේ සංචාරක අමාත්‍යවරයා ලෙසද කටයුතු කළා.

    2006 වසරේදී මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ආණ්ඩුවට එක්වූ ඔහු 2007 වසරේ ජනවාරි මාසයේදී ක්‍රීඩා හා පොදු විනෝද කටයුතු පිළිබඳ අමාත්‍යවරයා ලෙස පත් කෙරුණා.

    මීට අමතරව 2019 වසරේදී ඔහු නාගරික සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙසද කටයුතු කළ අතර ඔහු 2020 වසරේ ප්‍රවාහන කැබිනට් අමාත්‍යවරයා ලෙසද මහින්ද රාජපක්ෂ රජය යටතේ කටයුතු කරමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කැස්බෑව ආසනයේ ප්‍රධාන සංවිධායකවරයා ලෙසද කටයුතු කරනු ලැබුවා. ගාමිණී ලොකුගේ මහතා 2020 වසරේ ව්‍යවස්ථාදායක ස්ථාවර කමිටුවට ද පත් කෙරුණා.

    හිටපු අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතා 1983 වසරේ සිට අඛණ්ඩව 2024 වසර දක්වාම ජනතා ඡන්දයෙන් තේරී පත්ව අඛණ්ඩව වසර හතළිහකට වඩා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව නියෝජනය කර තිබෙන අතර පසුගිය 2025 මහා මැතිවරණයට ඉදිරිපත් නොවී ක්‍රියාකාරී දේශපාලනයෙන් සමු ගත්තා. ගාමිණි ලොකුගේ මහතා දියණියන් දෙපලකගේ පියෙකු වන අතර පිළියන්දල, හොන්නන්තර ප්‍රදේශයේ පදිංචිව සිටියා.

    ඔහුගේ දේහය පිළියන්දල, හොන්නන්තර නිවසේ තැන්පත් කෙරෙන අතර දේශය පිළිබඳ අවසන් කටයුතු පසුව දැනුම් දෙන බවයි පවුලේ ඥාතීන් ප්‍රකාශ කළේ.
     

    lilman

    Well-known member
  • May 10, 2009
    41,049
    54,711
    113
    Colombo
    පකයල ඉන්නකම් කෙලල කෙලලා මැරිලා යනව.අපි පව් ගෙවනවා :angry:
     

    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,156
    113
    514288530_767585225696819_4892676018023568359_n.jpg
     
    • Haha
    Reactions: banda065

    praskruz

    Well-known member
  • Nov 28, 2007
    1,316
    1,019
    113
    ඔන්න ඔය වෙලාවට තමයි කර්මයත් විස්වාස නැතුව් යන්නේ. ඔය යසට හොර මැර ජඩකම් ඔක්කොම කරලා සැපත් විඳලා පාර්ලිමේන්තුවේත් අවුරුදු 40ක් විතර ඉඳල, හැම ආණ්ඩුවකම අමතිකමුත් කරලා පරම්පරා ගානකටත් හම්බකරලා නාකිවෙලා මැරිලයන්නේ.
     
    • Like
    Reactions: nppcheguevara

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,992
    12,078
    113
    ඔන්න ඔය වෙලාවට තමයි කර්මයත් විස්වාස නැතුව් යන්නේ. ඔය යසට හොර මැර ජඩකම් ඔක්කොම කරලා සැපත් විඳලා පාර්ලිමේන්තුවේත් අවුරුදු 40ක් විතර ඉඳල, හැම ආණ්ඩුවකම අමතිකමුත් කරලා පරම්පරා ගානකටත් හම්බකරලා නාකිවෙලා මැරිලයන්නේ.
    Ekath 80+ wenakan hondata awidala katha karala best quality of life windala..
    Ape un wage 60 indan leda ande indala nemi..
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,954
    8,296
    113
    Kotahena
    ඇති යාන්තං පවු කාරයා මැරුණ.

    @AnuradhaRa මැරෙන දවසට මම කියන්නේ මෙක ම තමයි. Scammer And liar (suicidal wennne නෑ කියලා දන්නවා. Accident එකකින් වගේ මැරුණ නම් ela)