නව ව්‍යවස්ථාවක් රටට අවශ්‍ය නැහැ

marvin silva

Well-known member
  • Jan 22, 2010
    4,120
    1,994
    113
    නව ව්‍යවස්ථාවක් රටට අවශ්‍ය නැහැ

    නව ව්‍යවස්ථාවක් රටට අවශ්‍ය නැහැ

    tri-nikaiyaka-mahanahimi.jpg

    නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් මෙරටට අවශ්‍ය නැති බවටත්, අතුරුදන් වූවන් පිළිබද පනත පාර්ලිමේන්තුවට ගෙන ඒමේදී ඒ පිළිබදව මැති ඇමැතිවරුන්ට තවදුරටත් කරුණු අධ්‍යයනය කිරීමට කාලයක් ලබාදෙන ලෙසටත්, සයිටම් ප‍්‍රශ්නය කඩිනමින් විසදීමටත්, රජය වහා කටයුතු කළ යුතු බවට ඊයේ (04) සවස අස්ගිරි මහා විහාර මූලස්ථානයට රැස්වූ ත්‍රෛනිකායික මහා සංඝරත්නය ඒකමතිකව තීරණය කළහ.
    අස්ගිරි මහා නාහිමි වරකාගොඩ ඤාණරතන හිමියන් ඇතුළු අස්ගිරි කාරක සංඝ සභාවේ හිමිවරුන් ප‍්‍රමුඛ ත්‍රෛනිකායික මහා නාහිමිවරු හැත්තෑපස් නමකට අධික මහා සංඝයා වහන්සේලා රැස් වී මෙරට පවතින ජාතික ආගමික සංස්කෘතික ප‍්‍රශ්න සහ ගැටලූ පිළිබදව දීර්ඝ වශයෙන් එහිදී සාකච්ඡා කළහ.
    මෙරටට අලූතින් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් සැකසීමේදී නැති ගැටලූ ඇතිකිරීමට නව ව්‍යවස්ථාවක් ඇති කිරීම නුසුදුසු බවද එහිදී උන් වහන්සේලා තීරණය කළහ. පවත්නා ව්‍යවස්ථාව ඒ ආකාරයෙන්ම පවත්වාගෙන යාම ඉතා උචිත බව ත්‍රෛනිකායික මහානායක හිමිවරුන් ප‍්‍රමුඛ සංඝරත්නය ඒකමතිකව තීන්දු කළ අතර ඡුන්දයක් පැවැත්වීමේදී මනාප ක‍්‍රමය පිළිබඳව යම් ගැටුම්කාරී තත්ත්වයක් ඇති නිසා එහි මනාප ඡන්ද ක‍්‍රමය පමණක් සංශෝධනය කිරීම සුදුසු බවද උන්වහන්සේලා ඒකමතිකව තීරණය කළහ.
    මේ අතර පාර්ලිමේන්තුවට ගෙන ඒමට සූදානම් වන බලහත්කාරයෙන් අතුරුදන් කිරීම්වලින් සියලූ තැනැත්තන් ආරක්ෂා කිරීම සඳහා වූ ජාත්‍යන්තර සම්මුති පනත 05 වන දින පාාර්ලිමේන්තුවට ගෙන ඒමට කටයුතු නොකරන ලෙසත් ඒ පිළිබඳව මැති ඇමැතිවරුන්ට කරුණු අධ්‍යයනය කිරීමට අවකාශ සලසාදෙන ලෙසත් රජය වහා පියවර ගත යුතු බවද එහිදී ත්‍රෛනිකායික මහා නාහිමිවරුන් අවධාරණය කර සිටියහ.
    ජාතික ආගමික වශයෙන් යම් යම් ගැටලූකාරී තත්ත්වයන් රට තුළ පැන නැගී ඇති අතර ඒ පිළිබඳවද රජය මැදිහත් වී සියලූ පාර්ශ්වයන් සමග සාකච්ඡා කර වහා ඒ සඳහා සැමට පිළිගත හැකි විසදුමක් ලබාදීමටද රජය කටයුතු කළ යුතු බව මහා සංඝරත්නය ඒකමතිකව තීන්දු කළහ.
    රටේ දැවැන්ත අර්බුදයක් බවට පත්ව ඇති සයිටම් පිළිබද ප‍්‍රශ්නය අදාළ සියලූ පාර්ශ්වයන් සමග සාකච්ඡුා කර කඩිනමින් සාධාරණ විසඳුමක් ලබා දිය යුතු යයි රජයට යෝජනා කරන බවද එහිදී මහා සංඝරත්නය තීරණය කළහ.
    මේ මස 06 වන දින ජනාධිපතිවරයා මහා නාහිමිවරුන් බැහැදැකීමට සූදානමක් ඇති නිසා මෙම කරුණුවලට අමතරව තවත් කරුණු රැසක් ඇතුළත් සංදේශයක් එතුමාට බාරදීමටද එහිදී මහා සංඝරත්නය එහිදී තීන්දු කළහ. එමෙන්ම සිංහල බෞද්ධයින්ට සිදුවන අසාධාරණකම් පිළිිබදව සොයා බැලීම සදහා කමිටුවක් පත් කිරීමටද එහිදී මහා සංඝරත්නය සාකච්ඡුා කළහ.
    මෙම මහා සංඝ සම්මේලනයට අස්ගිරි පාර්ශ්වයේ මහා නාහිමි වරකාගොඩ ඤාණරතන හිමි, රාමඤ්ඤ මහා නිකායේ මහානායක නාපානේ පේමසිරි හිමි, මල්වතු පාර්ශ්වයේ අනුනාහිමි, නියංගොඩ විජිතසිරි හිමි, මල්වතු පාර්ශ්වයේ අනුනාහිමි දිඹුල් කුඹුරේ විමලධම්ම හිමි, අස්ගිරි පාර්ශ්වයේ අනු නාහිමි ආණමඩුවේ ධම්මදස්සි හිමි, අස්ගිරි පාර්ශ්වයේ අනුනාහිමි වේඬරුවේ උපාලි හිමි, රෝහණ පාර්ශ්වයේ අනුනාහිමි ඕමාරේ කස්සප හිමි, කැලණි විශ්වවිද්‍යාලවේ කුලපති වැලමිටියාවේ කුසල ධම්ම හිමි, පුරාවිද්‍යා චක‍්‍රවර්තී එල්ලාවල මේධානන්ද හිමි, අස්ගිරි පාර්ශ්වයේ ලේ්ඛකාධිකාරී මැදගම ධම්මානන්ද හිමි, රංගිරි දඹුලූ රජමහා විහාරාධිපති ගොඩගම මංගල හිමි, අස්ගිරි පිරිවේණාධිපති නාරම්පනාවේ ආනන්ද හිමි යන හිමිවරුන් ඇතුළු මහා සංඝරත්නය හැත්තෑපස් නමකට අධික සංඛ්‍යාවක් මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

    source
     
    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,994
    113
    කරන්න ඕන දේවල් තියෙද්දි වෙන වෙන වංගු ගහනව කියන්නෙ ඕවට තමයි
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    මේ රට පාලනය කරන්නේ චන්දෙන් පත් කරගත්තු පොරවල්ද නැත්තම් මේ උන්නාසෙලාද?? චන්ද තියලා වැඩක් නැනේ, ක්‍රියාත්මක වෙන්නේ මේ යොජනා නම්. කෙලින්ම මේ උන්නාන්සේ කෙනෙකුට ජනපති මැදුරට වැඩ්ඩෙව්වානම් අහවරයි. කොටි ගානක් ඉතුරුයි, තාප්ප, බිත්ති ලයිට් කනු ජරා වෙන්නෙත් නැ. ඔලුවටම වෙඩි තියන්න වෙන්නෙත් නැ කොමාට ආතතිය හැදෙන්නෙත් නැ.

    මේක අමුතු රටක් දේශපාලුවො පින්කැට වලට සීල් තියනවා, හාමුදුරුවො විවස්තා හදනවා.
     
    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,994
    113
    මේ රට පාලනය කරන්නේ චන්දෙන් පත් කරගත්තු පොරවල්ද නැත්තම් මේ උන්නාසෙලාද?? චන්ද තියලා වැඩක් නැනේ, ක්‍රියාත්මක වෙන්නේ මේ යොජනා නම්. කෙලින්ම මේ උන්නාන්සේ කෙනෙකුට ජනපති මැදුරට වැඩ්ඩෙව්වානම් අහවරයි. කොටි ගානක් ඉතුරුයි, තාප්ප, බිත්ති ලයිට් කනු ජරා වෙන්නෙත් නැ. ඔලුවටම වෙඩි තියන්න වෙන්නෙත් නැ කොමාට ආතතිය හැදෙන්නෙත් නැ.

    මේක අමුතු රටක් දේශපාලුවො පින්කැට වලට සීල් තියනවා, හාමුදුරුවො විවස්තා හදනවා.

    මේ රට විකෘති කරල තියෙන්නෙ කොහොමත් දැන් රට පාලනය කරන්නෙ ඡන්දෙන් ආපු අය නෙවෙයි පරාද වෙලා ජාතික ලයිස්තුවෙන් ආපු අය. ජනාධිපති වරනෙට සපෝට් කලාට අගමැතිකම දෙන, බලට තියාගන්න පරාදවුන අය ජාතික ලයිස්තුවෙන් දාන පුදුම රටක් මේක.
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    මේ රට පාලනය කරන්නේ චන්දෙන් පත් කරගත්තු පොරවල්ද නැත්තම් මේ උන්නාසෙලාද?? චන්ද තියලා වැඩක් නැනේ, ක්‍රියාත්මක වෙන්නේ මේ යොජනා නම්. කෙලින්ම මේ උන්නාන්සේ කෙනෙකුට ජනපති මැදුරට වැඩ්ඩෙව්වානම් අහවරයි. කොටි ගානක් ඉතුරුයි, තාප්ප, බිත්ති ලයිට් කනු ජරා වෙන්නෙත් නැ. ඔලුවටම වෙඩි තියන්න වෙන්නෙත් නැ කොමාට ආතතිය හැදෙන්නෙත් නැ.

    මේක අමුතු රටක් දේශපාලුවො පින්කැට වලට සීල් තියනවා, හාමුදුරුවො විවස්තා හදනවා.

    ගුගුල් බෝයි කියන්නේ උඔ හරීන් යවපු බැලුමකින් අහසින් වැටුනු එකෙක්ද?.. නොදන්න *කක් කතා නොකර ඉදපන්...... අතීතේ ඉදල පාලකයෝ නන්නත්තාර වෙලා උන්ට ඕන වැඩ කරනකොට මුන්නාන්සෙලා තමයි මේ විදියටවත් රටක් සංස්කාතියක් ආරක්ෂා කරල දීල තියෙන්නේ... අදටත් ඒ යුතුකම කරන්න පමාවෙලා හරි මුන්නාන්සේලාගේ ඇස් කන් ඇරුන එකට පින්දෙන්නයි වටින්නේ..
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    මේ රට විකෘති කරල තියෙන්නෙ කොහොමත් දැන් රට පාලනය කරන්නෙ ඡන්දෙන් ආපු අය නෙවෙයි පරාද වෙලා ජාතික ලයිස්තුවෙන් ආපු අය. ජනාධිපති වරනෙට සපෝට් කලාට අගමැතිකම දෙන, බලට තියාගන්න පරාදවුන අය ජාතික ලයිස්තුවෙන් දාන පුදුම රටක් මේක.
    හවුල් කෙරුවාව අච්චාරුවක් කියන එක පැහැදිලියි. ඔනම රටක මත දෙකක් නියොජනය වෙන්න ඔනා. එතකොටයි බැලන්ස් වෙන්නේ. ඔක්කොම ආන්ඩු කරන්න ගියාම දැන් විපක්ශයක් නැ. විපක්ශ නායකත් ආන්ඩුවේ. එහෙම බලපුවහම දැන් රට කරන්න වෙන්නේ මේ අයට් තමයි. රට කාලකන්නි වෙලා ඉවරයි. මොන මගුල කලත් අන්තිමට පාලනය වෙන්නේ ජනතා කැමැත්තට නෙමෙයි. එකෙක් දෙන්නෙක්ගේ ආතල් එකකට.
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    ගුගුල් බෝයි කියන්නේ උඔ හරීන් යවපු බැලුමකින් අහසින් වැටුනු එකෙක්ද?.. නොදන්න *කක් කතා නොකර ඉදපන්...... අතීතේ ඉදල පාලකයෝ නන්නත්තාර වෙලා උන්ට ඕන වැඩ කරනකොට මුන්නාන්සෙලා තමයි මේ විදියටවත් රටක් සංස්කාතියක් ආරක්ෂා කරල දීල තියෙන්නේ... අදටත් ඒ යුතුකම කරන්න පමාවෙලා හරි මුන්නාන්සේලාගේ ඇස් කන් ඇරුන එකට පින්දෙන්නයි වටින්නේ..

    මුකුත් නොකියා නිකන් ඉන්නම් මහත්තයො.. අරාක්ශාව මයි ඇස්..