නව ව්‍යවස්ථාවක් රටට අවශ්‍ය නැහැ
නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් මෙරටට අවශ්‍ය නැති බවටත්, අතුරුදන් වූවන් පිළිබද පනත පාර්ලිමේන්තුවට ගෙන ඒමේදී ඒ පිළිබදව මැති ඇමැතිවරුන්ට තවදුරටත් කරුණු අධ්‍යයනය කිරීමට කාලයක් ලබාදෙන ලෙසටත්, සයිටම් ප්රශ්නය කඩිනමින් විසදීමටත්, රජය වහා කටයුතු කළ යුතු බවට ඊයේ (04) සවස අස්ගිරි මහා විහාර මූලස්ථානයට රැස්වූ ත්‍රෛනිකායික මහා සංඝරත්නය ඒකමතිකව තීරණය කළහ.
අස්ගිරි මහා නාහිමි වරකාගොඩ ඤාණරතන හිමියන් ඇතුළු අස්ගිරි කාරක සංඝ සභාවේ හිමිවරුන් ප්රමුඛ ත්‍රෛනිකායික මහා නාහිමිවරු හැත්තෑපස් නමකට අධික මහා සංඝයා වහන්සේලා රැස් වී මෙරට පවතින ජාතික ආගමික සංස්කෘතික ප්‍රශ්න සහ ගැටලූ පිළිබදව දීර්ඝ වශයෙන් එහිදී සාකච්ඡා කළහ.
මෙරටට අලූතින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සැකසීමේදී නැති ගැටලූ ඇතිකිරීමට නව ව්‍යවස්ථාවක් ඇති කිරීම නුසුදුසු බවද එහිදී උන් වහන්සේලා තීරණය කළහ. පවත්නා ව්‍යවස්ථාව ඒ ආකාරයෙන්ම පවත්වාගෙන යාම ඉතා උචිත බව ත්‍රෛනිකායික මහානායක හිමිවරුන් ප්රමුඛ සංඝරත්නය ඒකමතිකව තීන්දු කළ අතර ඡුන්දයක් පැවැත්වීමේදී මනාප ක්‍රමය පිළිබඳව යම් ගැටුම්කාරී තත්ත්වයක් ඇති නිසා එහි මනාප ඡන්ද ක්‍රමය පමණක් සංශෝධනය කිරීම සුදුසු බවද උන්වහන්සේලා ඒකමතිකව තීරණය කළහ.
මේ අතර පාර්ලිමේන්තුවට ගෙන ඒමට සූදානම් වන බලහත්කාරයෙන් අතුරුදන් කිරීම්වලින් සියලූ තැනැත්තන් ආරක්ෂා කිරීම සඳහා වූ ජාත්‍යන්තර සම්මුති පනත 05 වන දින පාාර්ලිමේන්තුවට ගෙන ඒමට කටයුතු නොකරන ලෙසත් ඒ පිළිබඳව මැති ඇමැතිවරුන්ට කරුණු අධ්‍යයනය කිරීමට අවකාශ සලසාදෙන ලෙසත් රජය වහා පියවර ගත යුතු බවද එහිදී ත්‍රෛනිකායික මහා නාහිමිවරුන් අවධාරණය කර සිටියහ.
ජාතික ආගමික වශයෙන් යම් යම් ගැටලූකාරී තත්ත්වයන් රට තුළ පැන නැගී ඇති අතර ඒ පිළිබඳවද රජය මැදිහත් වී සියලූ පාර්ශ්වයන් සමග සාකච්ඡා කර වහා ඒ සඳහා සැමට පිළිගත හැකි විසදුමක් ලබාදීමටද රජය කටයුතු කළ යුතු බව මහා සංඝරත්නය ඒකමතිකව තීන්දු කළහ.
රටේ දැවැන්ත අර්බුදයක් බවට පත්ව ඇති සයිටම් පිළිබද ප්රශ්නය අදාළ සියලූ පාර්ශ්වයන් සමග සාකච්ඡුා කර කඩිනමින් සාධාරණ විසඳුමක් ලබා දිය යුතු යයි රජයට යෝජනා කරන බවද එහිදී මහා සංඝරත්නය තීරණය කළහ.
මේ මස 06 වන දින ජනාධිපතිවරයා මහා නාහිමිවරුන් බැහැදැකීමට සූදානමක් ඇති නිසා මෙම කරුණුවලට අමතරව තවත් කරුණු රැසක් ඇතුළත් සංදේශයක් එතුමාට බාරදීමටද එහිදී මහා සංඝරත්නය එහිදී තීන්දු කළහ. එමෙන්ම සිංහල බෞද්ධයින්ට සිදුවන අසාධාරණකම් පිළිිබදව සොයා බැලීම සදහා කමිටුවක් පත් කිරීමටද එහිදී මහා සංඝරත්නය සාකච්ඡුා කළහ.
මෙම මහා සංඝ සම්මේලනයට අස්ගිරි පාර්ශ්වයේ මහා නාහිමි වරකාගොඩ ඤාණරතන හිමි, රාමඤ්ඤ මහා නිකායේ මහානායක නාපානේ පේමසිරි හිමි, මල්වතු පාර්ශ්වයේ අනුනාහිමි, නියංගොඩ විජිතසිරි හිමි, මල්වතු පාර්ශ්වයේ අනුනාහිමි දිඹුල් කුඹුරේ විමලධම්ම හිමි, අස්ගිරි පාර්ශ්වයේ අනු නාහිමි ආණමඩුවේ ධම්මදස්සි හිමි, අස්ගිරි පාර්ශ්වයේ අනුනාහිමි වේඬරුවේ උපාලි හිමි, රෝහණ පාර්ශ්වයේ අනුනාහිමි ඕමාරේ කස්සප හිමි, කැලණි විශ්වවිද්‍යාලවේ කුලපති වැලමිටියාවේ කුසල ධම්ම හිමි, පුරාවිද්‍යා චක්‍රවර්තී එල්ලාවල මේධානන්ද හිමි, අස්ගිරි පාර්ශ්වයේ ලේ්ඛකාධිකාරී මැදගම ධම්මානන්ද හිමි, රංගිරි දඹුලූ රජමහා විහාරාධිපති ගොඩගම මංගල හිමි, අස්ගිරි පිරිවේණාධිපති නාරම්පනාවේ ආනන්ද හිමි යන හිමිවරුන් ඇතුළු මහා සංඝරත්නය හැත්තෑපස් නමකට අධික සංඛ්‍යාවක් මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.
source