නව ව්‍යවස්‌ථාවෙන් රටේ ඒකීයභාවයට හානි නො&#3520

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,108
    5,915
    113
    canada
    නව ව්‍යවස්‌ථාවෙන් රටේ ඒකීයභාවයට හානි නො&#3520

    ලංකාව ෆෙඩරල් රටක් කරන්න වලිකන රනිල්ට, මහනායක හාමුදුරුවෝ කනේ ඇබ ගහගන්න දීල නේද ?

    බුද්ධාගමට ප්‍රමුඛස්‌ථානය හිමි විය යුතුයි
    නව ව්‍යවස්‌ථාවෙන් රටේ
    ඒකීයභාවයට හානි නොවිය යුතුයි
    අස්‌ගිරි - මල්වතු මහ නාහිමිවරු
    අගමැති හමුවේ අවධාරණය කරති


    සිරිල් විමලසුරේන්ද්‍ර , සමන්ති වීරසේකර
    copyright: Divaina Newspaper

    පාර්ලිමේන්තුව මගින් සම්මත කිරීමට යන නව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව මගින් රටේ ඒකීය භාවයට හෝ බෞද්ධාගමට හිමිව තිබෙන ප්‍රමුඛස්‌ථානයට කිසිදු අයුරකින් හානියක්‌ සිදුනොවිය යුතු බව මල්වතු අස්‌ගිරි මහානායක ස්‌වාමින්ද්‍රයන් වහන්සේ දෙනම අවධාරණය කර සිටිති.

    මේ සම්බන්ධව මල්වතු මහනාහිමියන්ගේ අදහස්‌ හා අස්‌ගිරි මහනාහිමි ප්‍රමුඛ විංසත් වර්ගික කාරක සංඝ සභාවේ යෝජනා ඇතුළත් ලිපි දෙකක්‌ පෙරේදා (24දා) අගමැතිවරයාට මහනාහිමිවරුන් දෙනම විසින් බාරදෙනු ලැබූහ.

    අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ශ්‍රී දළදා සමිඳුන් වැඳ පුදා ගැනීමෙන් පසු පෙරේදා (24 දා) අස්‌ගිරි මහනායක ස්‌වාමින්ද්‍රයන් වහන්සේ ශ්‍රී දළදා මාලිගාවේදීද මල්වතු මහ නායක ස්‌වාමින්ද්‍රයන් වහන්සේ මල්වතු මහ විහාරයේදීද බැහැදැක ආශීර්වාද ලබා ගත් අතර ඒ මහතා මහනාහිමිවරු සමග රටේ වත්මන් තත්ත්වය පිළිබඳව සාකච්ඡාවකද නිරතවිය. එම අවස්‌ථාව ආවරණය කිරීමට මාධ්‍යයට අවසර නොලැබිණි.

    අගමැතිවරයා සමග මහනාහිමිවරුන් සාකච්ඡා කිරීමෙන් අනතුරුව අස්‌ගිරි පාර්ශවයේ ලේඛකාධිකාරි මැදගම ධම්මානන්ද හිමියෝ මාධ්‍යයට අදහස්‌ දක්‌වමින් යෝජිත ව්‍යවස්‌ථාවට ඇතුළත් විය යුතු කරුණු සම්බන්ධ යෝජනා අස්‌ගිරි කාරක සංඝ සභාව දීර්ඝ ලෙස සාකච්ඡා කර ඒ සම්බන්ධ ලියවිල්ලක්‌ අගමැතිවරයාට බාරදුන් බව ප්‍රකාශ කළහ.

    ශ්‍රී ලංකා රජය නිදහස්‌, ස්‌වෛරී, ස්‌වාධින හා ඒකීය රාජ්‍යයක්‌ ලෙස අඛණ්‌ඩ පැවැතිය යුතු අතරම ජාතික ප්‍රතිපත්ති පිළිබඳ තීරණ ගැනීමේ බලය මධ්‍යම රජය සතුව පැවතිය යුතු බවටත් මෙම ලිපි මගින් මහනායක හිමිවරු අවධාරණය කර ඇත.

    නව ව්‍යවස්‌ථාව කෙටුම්පත් කිරීමෙන් අනතුරුව සම්මත කිරීමට ප්‍රථම ඊට මහනායක ස්‌වාමින්ද්‍රයන් වහන්සේ දෙනමගේ අනුමැතිය ලබා ගන්නා බව මෙහිදී අගමැතිවරයා මහනාහිමිවරු දෙනම හමුවේ පවසා තිබේ.

    පාර්ලිමේන්තුව මගින් නව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවක්‌ සම්පාදනය කිරීමට හෝ පවතින ව්‍යවස්‌ථාව සංශෝධනය කිරීමට ගෙන තිබෙන ක්‍රියාමාර්ගය අනුව පත්කර තිබෙන අනු කාරක සභා විසින් ඉදිරිපත් කර තිබෙන ඇතැම් යෝජනා මෙරට ඒකීය භාවයට හා සම්බුද්ධ ශාසනයේ චිරස්‌ථිතියට අභියෝගයක්‌ වන බවට නොයෙක්‌ මත පැතිර යන බවත් ඊට ඉඩක්‌ නොතබා රටේ ඒකීය භාවය,බෞද්ධාගමේ චිර පැවැත්ම, ජාතික හා ආගමික සංහිඳියාව ආරක්‌ෂා කිරීමට කටයුතු කිරීම රජයේ වගකීම බවත් මල්වතු මහනාහිමියෝ ලිපිය මගින් ප්‍රකාශ කර සිටිති.

    උතුරු නැගෙනහිර ප්‍රදේශයන්හි වන රක්‌ෂිත හා පුරා විද්‍යාත්මක වටිනාකමින් යුතු බෞද්ධ සිද්ධස්‌ථාන විනාශයට ලක්‌ කෙරෙමින් නීති විරෝධී ලෙස ජනපද පිහිටුවීමේ ක්‍රියාවලියක යම් යම් පිරිස්‌ යෙදී සිටින බවට හා උතුරට වෙනම අනිසි දේශපාලන බලතල පවරා දෙමින් මුල් සිංහල පදිංචි කරුවන්ට ඔවුන් පදිංචි ස්‌ථාන අහිමි කිරීමටත් යන බවටත් තොරතුරු වාර්තාවන බැවින් ඒ පිළිබඳ මධ්‍යස්‌ථව කරුණු අධ්‍යයනය කොට දේශපාලනඥයන්ට අමතරව අපක්‌ෂපාතී, මධ්‍යස්‌ථ, වගකිව යුතු පිරිස්‌ සමගද මැදහත් කතිකාවක්‌ පවත්වා ජාතියේ අගමේ හා ඓතිහාසික උරුමයන්ගේ චිර පැවැත්ම සඳහා කටයුතු කිරීම රජයේ වගකීම බවද මල්වතු මහනාහිමියෝ ලිපිය මගින් පෙන්වා දී තිබේ.

    වර්තමාන ශ්‍රී ලංකාව විවිධ ජාතීන් හා ආගමිකයන්ගෙන් සමන්විත විවිධ ගති පැවැතුම් ඇති සංකීර්ණ භින්න රුචික සමාජයකින් යුක්‌තවීම නිසා හුදු ජාතිවාදී, ආගම්වාදී හා පක්‌ෂවාදී පටු ආකල්පවලට කොටුවී ආවේගශීලීව ක්‍රියාකිරීම තුළින් අභියෝග ජයගත නොහැකි බවද මල්වතු මහනාහිමියෝ මෙම ලිපියේ සඳහන් කර තිබේ.

    ඉතිහාසය පුරාවට සිංහල ජාතියට, බෞද්ධාගමට හා උරුමයන්ට එල්ලවූ විවිධ අභියෝගයන්හිදී අපේ පැරැන්නන් ඊට එරෙහිව ක්‍රියාත්මක වෙමින් ඒවා මතු පරපුරට ආරක්‌ෂා කර දීමට ක්‍රියාකළ බවත් එම දීර්ඝ ඉතිහාසය තුළ බෞද්ධ භික්‌ෂූන් වහන්සේ අපක්‌ෂපාතීව මෙන්ම මධ්‍යස්‌ථව ක්‍රියාකරමින් පාලකයන්ට නිසි මාර්ගෝපදේශයන් ලබාදුන් බවද මහනාහිමියෝ පවසති.

    උතුරේ ඇතැම් දේශපාලනඥයන් හා අන්තවාදී පිරිස්‌ පවරා දෙන්නැයි යෝජනා කරන ඇතැම් බලතල ඒ ආකාරයෙන් ලබාදුන හොත් අනාගතයේ මුහුණ දීමට සිදුවිය හැකි අනිටු පලවිපාක පිළිබඳව දැන්ම සිහියෙන් යුතුව කල්පනා කර තීරණ ගැනීම වඩා උචිත බවද උන්වහන්සේ පවසති.වන රක්‌ෂිත විනාශ කරමින් බලහත්කාරයෙන් ජනපද පිහිටුවීමක්‌ සිදුවන්නේ නම් එය වැළැක්‌වීම රජයේ වගකීම බවද මහනාහිමියෝ කියති.

    අස්‌ගිරි මහවිහාරීය විංසත් වර්ගික කාරක සංඝ සභාව එක්‌රැස්‌ව සාකච්ඡා කර එම පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය වරකාගොඩ ඤාණරතන මහනාහිමියන්ගේ අනුමැතියෙන් නව ව්‍යවස්‌ථා සම්පාදනය කිරීමේ ක්‍රියාවලිය සඳහා ඉදිරිපත් කළ යෝජනාවලිය තුළින් මෙරට ඒකීය භාවයත් බෞද්ධාගමට හිමි ප්‍රමුඛස්‌ථානයත් ආරක්‌ෂා විය යුතු බව පෙන්වා දී තිබේ.

    මෙරට ඒකීය රාජ්‍යයක්‌ ලෙස පවත්වා ගෙන යැමට බාධාවක්‌ වන 13 වැනි ව්‍යවස්‌ථා සංශෝධනයේ ඇති අහිතකර විධිවිධාන ඉවත් කළ යුතු බවටද එම යෝජනාවලියේ සඳහන් කර ඇත.

    පළාත් සභා දෙකක්‌ ඒකාබද්ධ කිරීමට දැනට ව්‍යවස්‌ථාවෙන් පවත්නා විධිවිධාන අහෝසි කළ යුතු බවටද අස්‌ගිරි මහ විහාරීය කාරක සංඝ සභාව යෝජනා කර තිබේ. එමෙන්ම ඉඩම් හා පොලිස්‌ බලතලද පළාත් සභා විෂයෙන් ඉවත්කළ යුතු බව එහි දක්‌වා තිබේ.

    පළාත් සභා මගින් සම්මත කරගනු ලබන රටට අහිතකර යෝජනාවන් සාමාන්‍ය බහුතර ඡන්දයෙන් වෙනස්‌ කිරීමට පාර්ලිමේන්තුවට බලය තිබිය යුතු බවද ආණ්‌ඩුකාරවරු පත්කිරීමේ බලය මධ්‍යම රජය යටතේ පැවැතිය යුතු බවද මෙම ලිපියේ වැඩිදුරටත් සඳහන් කර ඇත.

    රාජ්‍ය තන්ත්‍රයේ ඉහළ තනතුරුවලට පත් කිරීමේ ක්‍රියාවලිය පාර්ලිමේන්තුවේ බහුතර අනුමැතිය යටතේ සිදුවිය යුතු බවත් පළාත් සභා ක්‍රමය ක්‍රියාත්මක වනතුරු සමගාමී ලැයිස්‌තුව ක්‍රියාත්මක විය යුතු බවත් අදාළ යෝජනාවලිය මගින් අස්‌ගිරි සංඝ සභාව කියා සිටී.

    දැනට පවත්නා අධිකරණ පද්ධතියෙන් බැහැරව වෙනත් අධිකරණ පද්ධතියක්‌ හෝ ව්‍යවස්‌ථාදායක අධිකරණ පිහිටුවීමක්‌ නොකළ යුතු අතරම කිසිඳු අවස්‌ථාක ජනවර්ග පදනම් කර ගනිමින් සුවිශේෂී පත්කිරීම නොකළ යුතු බවට සංඝ සභාව යෝජනා කර තිබේ.

    සිංහල භාෂාවට අමතරව දෙමළ භාෂාවද රාජ්‍ය භාෂාව ලෙස වර්තමානයේ පිළිගෙන තිබෙන නමුත් යම් යම් පරස්‌පර හා ගැටලු සහගත අවස්‌ථාවලදී සිංහල භාෂාව ප්‍රමුඛස්‌ථානයේ තබා ක්‍රියා කළ යුතු බවටද අස්‌ගිරි සංඝ සභාව රජයට යෝජනා කර සිටී.
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,950
    4,625
    113
    මහා නායක හිමිවරු පුදුමයි ඕකට වත් කටක් ඇරිය
     

    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    ලංකාව ෆෙඩරල් රටක් කරන්න වලිකන රනිල්ට, මහනායක හාමුදුරුවෝ කනේ ඇබ ගහගන්න දීල නේද ?

    බුද්ධාගමට ප්‍රමුඛස්‌ථානය හිමි විය යුතුයි
    නව ව්‍යවස්‌ථාවෙන් රටේ
    ඒකීයභාවයට හානි නොවිය යුතුයි
    අස්‌ගිරි - මල්වතු මහ නාහිමිවරු
    අගමැති හමුවේ අවධාරණය කරති




    නෑ එහෙම ඇබ ගහන්න, මුඩු ගහන්න තරම් දෙයක් වෙලා නෑ......... නිවාඩු පාඩුවේ ඉන්න හින්දා එහෙම හිතලා ආතල් එකක් ගත්තට කමක්නෑ...... :lol: :lol: ඒත් එහෙම කියලා නෑ.... නායක හාමුදුරුවරු කියලා තියෙන්නේ වැදගත් දේවල්. :) :)

    දැන් මතකද මහා බෞද්ධ රජ්ජුරුවන්ගේ කාලේ නායක හාමුදුරුවරු කිව්වා..."මේ නායකයා අපි කියන ඒවා අහන්නේ නෑ........අපිව ගණන් ගන්නේ නෑ කියා.." අන්න ඒවානම් ඇබ වදින කතා.
    :lol: :lol: :lol:
     
    • Like
    Reactions: kasun137

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,950
    4,625
    113
    නෑ එහෙම ඇබ ගහන්න, මුඩු ගහන්න තරම් දෙයක් වෙලා නෑ......... නිවාඩු පාඩුවේ ඉන්න හින්දා එහෙම හිතලා ආතල් එකක් ගත්තට කමක්නෑ...... :lol: :lol: ඒත් එහෙම කියලා නෑ.... නායක හාමුදුරුවරු කියලා තියෙන්නේ වැදගත් දේවල්. :) :)

    දැන් මතකද මහා බෞද්ධ රජ්ජුරුවන්ගේ කාලේ නායක හාමුදුරුවරු කිව්වා..."මේ නායකයා අපි කියන ඒවා අහන්නේ නෑ........අපිව ගණන් ගන්නේ නෑ කියා.." අන්න ඒවානම් ඇබ වදින කතා.
    :lol: :lol: :lol:

    හා මැක්ක මල්ලි
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,259
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    මහා නායක හිමිවරු පුදුමයි ඕකට වත් කටක් ඇරිය

    මහානායක හිමිවරු හැමදාම රට ගැන හිතුව බන් .දේශපාලුවො තමා උන්නාන්සෙලගෙ විශ්වාසය නැතිකරගත්තෙ . ඉතින් උන්නාන්සෙල කියන දේවල් පිලිගන්නෙ නැති එකාලව කොහොමත් ගනන්ගන්නෙත් නෑ
     
    • Like
    Reactions: ruchira55

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,988
    40,875
    113
    මහානායක හිමිවරු හැමදාම රට ගැන හිතුව බන් .දේශපාලුවො තමා උන්නාන්සෙලගෙ විශ්වාසය නැතිකරගත්තෙ . ඉතින් උන්නාන්සෙල කියන දේවල් පිලිගන්නෙ නැති එකාලව කොහොමත් ගනන්ගන්නෙත් නෑ

    අනිවා මචන්. උන්වහන්සේලා එදත් අවවාද අනුශාසනා කරා අදත් කරනවා. හැබැයි අපේ රටේ හිටපු/ඉන්න කිසිම දේශපාළුවෙක් උන්වහන්සේලාගේ අවවාද අනුශාසනා සත පහකට වත් ගනන් ගත්තේ නෑ. දේශපාළුවන්ට උන්වහන්සේලාව ඕන උනේ අටපිරිකර පිලිගන්වන්වලා ටීවි එකට දම්මගන්න විතරයි.

    එදා මහින්දට බනිද්දි, බයියෝ උන්වහන්සේලාට මඩ කැම්පේන් කරා.
    අද රනිල්ට බනිනකොට, ටොයියෝ උන්වහන්සේලාට මඩ කැම්පේන් කරයි.

    කවදා හැදෙයිද සිංහළු
    රට, ජාතිය, ආගම රොක්ස්:dull:
     
    • Like
    Reactions: skymicro

    sudathmadusanka

    Well-known member
  • Jul 12, 2011
    4,663
    545
    113
    මොකක්ද මචන්ලා ඔය ෆෙඩරල් රටක් කියන්නේ... දන්නැ.. එකයි අහන්නේ...:sorry: