නව ෂර්ලොක් හෝම්ස් කතා - පසන් ඉරෝෂණ බණ්ඩාර

Mens Rea

Well-known member
  • Nov 10, 2011
    501
    325
    63
    Colombo
    එළකිරි මචෝ...දිගටම කරගෙන යනඩ.
    11.gif
    11.gif
    11.gif

    මම පලුවන් උපරිමයෙන් සප් එක දෙනව.මං හිතන්නෙ මේ නූල ගොඩක් දෙනෙක් බලනව එ උනාට ගොඩක් අය කමෙන්ට් දාන්නෙ නැතිව යනව.එයාල හිතන්නෙ නෑ රචකයෙක් දිරිමත් වෙන්නෙ ලැබෙන ප්රතිවාර අනුව කියල.ගොඩක් උං වල් සයිට් වලනම් ඔ්න තරම් කමෙන්ට් දානව.එ උනාට අපේ කොල්ලෙක් මේවග් හොද වැඩක් පටන් ගත්තම කමෙන්ට් එකක් දානව කියන්නෙ ගොඩක් උංගෙ අැගෙන් කෑල්ලක් යනව වගේ.කොහොම උනත් මේ නූල ගොඩක් වටිනවා. මේක දිගටම කරගෙන යන්න මම සුභ පතනව.
    මේ නූලට එන හැමෝගෙන්ම මම ඉල්ලන්නෙ පුංචි කමෙන්ට් එකක් හරි දාල රචක සහෝදරයව දිරිමත් කරන්න කියලා.පොත් පරිවර්තනය කරන එක හැමෝටම කරන්න බෑ.මේ වගේ පොත් පරිවර්තනය කරල තමන්ගෙ වටිනා කාලයත් වැය කරල අපිට කතා ලබාදෙන කෙනෙක්ව අපි දිරිමත් කරල දිගටම එලකිරි එකේ තියාගන්න ඔනෙ.ජය වේවා ්

    අනේ බං! උඹලාගේ කටේ මසුරන් නෙවෙයි දියමන්තියි ප්ලැටිනමුයි දාන්න වටිනවා. :lol: මාර හැපී ඈ!
    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::lol::lol::lol::lol::lol::lol:
     

    Mens Rea

    Well-known member
  • Nov 10, 2011
    501
    325
    63
    Colombo
    3 වන කොටස

    [FONT=&quot]මේ සියල්ල ආරම්භ වූයේ ඔබ හොඳින් දන්නා පැඩිංටන් දුම්රිය පොළෙනි. ඒ 1973 හේමන්ත ඍතුවයි. ඔහු ඩබ්ලින්හි ත්‍රිත්ව විද්‍යාලයෙන් සමු ගැනීමෙන් අනතුරු ව ඔහු ග්‍රෙන්විල් පීඨයට ඇතුලත් විය. එක් සන්ධ්‍යා භාගයක, හෝම්ස් බ්‍රිතාන්‍ය කෞතුකාගාරයේ ලේඛනාගාරයේ සිට නැවත ඔක්ස්ෆර්ඩ් බලා දුම්රියෙන් ගමන් කරමින් සිටියේ ය. ඔහු තෝරාගෙන තිබුණේ සම්පුර්ණයෙන් ම හිස් වූ, සුවපහසු මැදිරියකි. තම තනි නොතනිය සඳහා ඇමරිකානු ශාක විශේෂයන්ගෙන් ලබා ගන්නා මාරක විෂ පිලිබඳ වූ නිබන්ධනයක් සමඟ මිත්‍ර වී, ඉතා සැහැල්ලුවෙන් සිටි හෝම්ස්ගේ දැහැන බිඳුනේ පැඩිංටන් දුම්රියපොළෙන් දුම්රිය අද්ද්දනවාත් සමඟ ම, හෝම්ස් සිටි මැදිරියේ එල්ලෙන්නට උත්සාහ කළ පුද්ගලයකු නිසාවෙනි.[/FONT]

    [FONT=&quot][/FONT]
    [FONT=&quot]හෝම්ස් නොසිටින්නට ඔහු එතැන ම සමාදානයේ සැතපෙන්නට ඉඩ තිබිණ. නමුත් හෝම්ස්ගේ ක්‍ෂණික ප්‍රතික්‍රියා හැකියාව නිසා ඔහුගේ පණ බේරා ගන්නට හෝම්ස් සමත් විය.[/FONT]

    [FONT=&quot][/FONT]
    [FONT=&quot]වේගවත් ව ඉදිරියට ඇදුණු දුම්රිය නිසා ඇතුලට පැමිණි දැඩි සුළං පහර වලකාලන අටියෙන් දොර තදින් වසා දැමූ හෝම්ස් ඉදිරිපිට සිටියේ පොත් මල්ල හෝම්ස් සිටි අසුනට මුහුණ ලූ අනෙක් අසුනේ විසුරුවා ලූ හෝම්ස්ට වඩා වසර දහයකින් පමණ වැඩිමහලු පෙනුමක් තිබූ තරුණයෙකි.[/FONT]

    [FONT=&quot][/FONT]
    [FONT=&quot]“බොහෝ ම ස්තුතියි මහත්මයා! ඔබ මගේ ජීවිතය බේරාගත්තා.” ඔහු අසුනට බර වී හති අරින අතරේ ඉතා අපහසුවෙන් වචන අමුණා ගනිමින් පැවැසී ය.
    [/FONT]


    [FONT=&quot][/FONT]
    [FONT=&quot]“ස්තුති කරන්න තරම් දෙයක් මම කළේ නැහැ මහත්මයා. මම කළේ ඒ වගේ අවස්ථාවක ඕනෑ ම කෙනෙක් කරන දෙයක්. ඒක නෙවෙයි මහත්මයා, මට පෙනෙන්නේ ඔබට අද හවස් වරුව එච්චර සාර්ථක එකක් නොවුණු බවයි...”[/FONT]

    [FONT=&quot][/FONT]
    [FONT=&quot]හෝම්ස්ගේ තීක්‍ෂණ දෑසට මෙම තරුණ පුද්ගලයාගේ මුහුණේ වූ අසාමාන්‍ය සුදුමැලි බව හොඳින් නිරීක්‍ෂණය විය.
    [/FONT]


    [FONT=&quot][/FONT]
    [FONT=&quot]“මහත්මයා, මම හිතන්නේ රථවාහන තදබදයට අසු වී පරක්කු වීම කරදරකාරී සිදු වීමක් වුනත් තමන් නගින්න හිටපු දුම්රිය වැරදීම කබලෙන් ලිපට වැටීමක් හා සමානයි.” හෝම්ස් කරුණාවෙන් පැවසුවේ ය.[/FONT]

    [FONT=&quot][/FONT]
    [FONT=&quot]තරුණයාගේ කට බාගෙට ඇරිණ. “මොනවා! ඔහේ කොහොම ද.....? ඔබ ඉන්ද්‍රජාලිකයකු ආරුඪ වුණු දෙවියෙක් ද?”
    [/FONT]


    [FONT=&quot][/FONT]
    [FONT=&quot]එවර අන්දුන් කුන්දුන් වූයේ හෝම්ස් ය. “මම හිතන්නේ ඔබ අදහස් කළේ මම දෙවියෙක් ආරුඪ වුණු ඉන්ද්‍රජාලිකයකු කියලා ද?”[/FONT]

    [FONT=&quot][/FONT]
    [FONT=&quot]“ඒක තමයි මමත් කිව්වේ! මං කියන්නේ එහෙම වුණා කියලා මට කියන්න බය වෙන්න එපා. මම මුහුණ දීලා ඉන්න තත්ත්වේ හැටියට මට මේ වෙලාවේ ඔබ සාතන්ගේ සාක්ෂිකරුවෙක් වුනත් කමක් නෑ. මම ඒක හිස් මුදුනෙන් පිළි ගන්නවා!” තරුණ පුද්ගලයා කෑ ගැසුවේ ය.[/FONT]

    [FONT=&quot][/FONT]
    [FONT=&quot]“බය වෙන්න දෙයක් නෑ මහත්මයා. මගේ ක්‍රම සහ විධි වල කිසිම පාරභෞතික සංසිද්ධි නෑ. මම කියන සෑම දෙයක් ම තර්කණ බුද්ධියට අනුකූලයි. මම යොදා ගන්නා විධික්‍රම වන නිරීක්‍ෂණය, සම්පරීක්‍ෂණය සහ නිගමනය තුළ තිබෙන්නේ විද්‍යාත්මක පදනමක් පමණයි. ඔබේ ප්‍රශ්නයට පිළිතුර වන්නේ මම ඉන්ද්‍රජාලිකයකු නොවේ කියන එකයි.”[/FONT]

    [FONT=&quot][/FONT]
    [FONT=&quot]“ඒත්?” තරුණයා තවමත් මුල් මතය අත හැරීමට සූදානම් නැත.
    [/FONT]


    [FONT=&quot][/FONT]
    [FONT=&quot]“මම ඔබේ බ්‍රැඩ්ෂෝ දුම්රිය කාලසටහන් පොත කල් ඉකුත් වූ පැරණි එකක් බව නිරීක්‍ෂණය කළා.” හෝම්ස් තරුණයාගේ පොත් මිටිය අතරේ වූ බ්‍රැඩ්ෂෝ දුම්රිය කාලසටහන් පොතේ පිටපත දෙසට ඇඟිල්ල දිගු කළේ ය. “මේ දුම්රිය ගිය සැප්තැම්බරයේ පටන් මිනිත්තු දහයක් වේලාසනින් තමයි පිටත් වෙන්නේ.”
    [/FONT]


    [FONT=&quot][/FONT]
    [FONT=&quot]“අති විශිෂ්ටයි. ඉතා ම තර්කානුකූලයි. ඒත් කොහොම ද ඔබ මාර්ග තදබදය ගැන අනාවැකියක් කිව්වේ?” මේ වන විට මරණාසන්න අත්දැකීමක් ලබා සිටි තරුණයාගේ තිගැස්ම මඳක් දුරට අඩු වී තිබිණ.[/FONT]

    [FONT=&quot][/FONT]
    [FONT=&quot]“ඉතා ම සරලයි මහත්මයා. මීට විනාඩි දහයකට පෙර තදින් වහිමින් තිබුණේ. නමුත් ඔබේ උඩුකය පමණයි තදින් තෙත්බරියම් වී තිබෙන්නේ. නිසැකව ම ඔබ එන්නට ඇත්තේ කුලී රියක. නමුත් ඔබට ඒ කරත්තයෙන් දුම්රිය පොළට ළඟාවීමට පෙර ම බහින්නට සිදු වුණා. ඒක නිසා ඔබ තදින් වැස්සට තෙමුණේ නැහැ. මේ වැහිබර හවස් වරුවේ කෙනෙකුට වැස්සේ තෙමෙමින් තම කුලී රියෙන් බසින්නට සිදු වන්නේ හවස් වරුවේ වැඩ ඇරීම හේතුවෙන් ඇති වෙන වාහන තදබදය නිසා.”[/FONT]

    [FONT=&quot][/FONT]
    [FONT=&quot]“ඔබ කොහොම ද මම කුලී රියක ආ බව හරියට ම දන්නේ? එහෙ ම දෙයක් අනුමාන කරන්න නම් ඔබේ ඔය කියන නිරීක්‍ෂණ නිගමන මගෝඩි ක්‍රමයට බෑ මහත්මයා. මම නම් කියන්නේ ඔබ ඉන්ද්‍රජාලිකයකු කියාමයි.”[/FONT]

    [FONT=&quot][/FONT]
    [FONT=&quot] [/FONT][FONT=&quot][FONT=&quot]“[/FONT]ඔබට කැමති දෙයක් හිතා ගන්න ඔබට අවසරයක් තියෙනවා මහාචාර්ය තුමා. නමුත් ඒක නිගමනය කිරීම ඉතා පහසු දෙයක්. ඔබ හදිසියෙන් කුලීරථ රියැදුරාට මුදල් ගෙවීමට උපයෝගී කරගත් මුදල් පසුම්බිය තවමත් තිබෙන්නේ ඔබේ අතේ.”[/FONT]

    [FONT=&quot][/FONT]
    [FONT=&quot]මෙවර හෝම්ස්ගේ දුම්රිය සගයා වචනයේ පරිසමාප්තාර්ථයෙන් ම උඩ ගොස් බිම වැටුණේ ය.[/FONT]

    [FONT=&quot][/FONT]
    [FONT=&quot]“මොනවා, මම මහාචාර්ය වරයෙක් බව දැන ගත්තේ කොහොම ද?” ඔහු මේ වන විට සිටියේ හෝම්ස්ට දණ ගසා වැඳ, පුද පූජා කරන මට්ටමේ මානසිකත්වයක ය.[/FONT]

    [FONT=&quot][/FONT]
    [FONT=&quot]“මම ෂර්ලොක් හෝම්ස්, මම ඉගෙන ගන්නේ ග්‍රෙන්විල් පිඨයේ. විලියම් ස්පූනර්න් මහාචාර්යතුමා, ඔබ නොදන්නවා වුනා ට, ඔබ දැනටමත් ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ සෑහෙන්න ප්‍රසිද්ධ චරිතයක්. ඔබ ව හඳුනා ගන්නට ලැබීම මට විශාල ගෞරවයක් මහාචාර්යතුමා!” හෝම්ස් පැවැසී ය.[/FONT]

    [FONT=&quot][/FONT]
    [FONT=&quot]“ස්පූ” ලෙසින් එකල ඔක්ස්ෆර්ඩ්හි සිටි ශිෂ්‍යයන් අතර පවා ප්‍රසිද්ධියක් ලබා සිටි ඉතිහාසය සහ දර්ශනය පිලිබඳ විශේෂඥයකු වූ විලියම් ස්පූනර් මහාචාර්ය වරයා හෝ හෝම්ස් හෝ පසු කලෙක ඔවුන් දෙදෙනා ම තම වෘත්තීය මාර්‍ගයන්හි හිනිපෙත්තට ම නගින බැව් ඒ මොහොතේ නොසිතන්නට ඇත.
    [/FONT]


    [FONT=&quot][/FONT]
    [FONT=&quot]“ආහ්! දේශන වලදී මම කියන අසාමාන්‍ය දේවල් නිසා වෙන්නැති මම ඔය කියන විදිහට ප්‍රසිද්ධ වෙලා ඇත්තේ! ඒකත් ප්‍රසිද්ධියක් ද? ඒත් මොනවා කරන්න ද? මම දේශනයක් කරද්දී සමාධියකට සම වැදෙනවා. ඉතින් මම කියන සමහර දේ අමුතු වෙන්නැති. කොහොම වුනත් ඔබේ ක්‍රම සහ විධි නම් බොහෝ ම සිත් ඇදගන්නාසුලුයි, හෝම්ස් මහත්මයා, ඔබ ඉන්ද්‍රජාලිකයකු වුණා නම් ඔබට විශාල මුදලක් හම්බ කරගන්නට ඉඩ තිබුණා.”[/FONT]
     

    Mens Rea

    Well-known member
  • Nov 10, 2011
    501
    325
    63
    Colombo
    ෂර්ලොක් හෝම්ස්
    සහ
    මර උගුල

    පරිවර්තනය - චන්දන මෙන්ඩිස්


    මෙතැනින් බාගන්න


    DOWNLOAD


    (කරුණාකර මෙම පොත මිලදී ගැනීමෙන් පරිවර්තකට සහය වන්න.)​
     

    Mens Rea

    Well-known member
  • Nov 10, 2011
    501
    325
    63
    Colombo
    මර උගුල ස්කෑන් කළේ ගැලැක්සි ටැබ් එකකින්. :yes::yes::yes::yes:හොඳට ස්කෑන් වෙලා තියෙනවා නේද? මේක ස්කෑන් කරන්න මම Cam Scanner කියන android ඇප් එක පාවිච්චි කළේ. ෆොටෝස් අරගෙන ඒකෙන් ස්කිව් කරලා කලර් එඩිට් කරන්න පුළුවන්. :cool::cool::cool:පට්ට සොෆ්ට්වෙයා කෑල්ල. මගේ ඊ ලයිබ්රිය ලොකු කරගන්න මම හිතන්නේ මේ සොෆ්ට්වෙයා කෑල්ල ගොඩක් වැදගත් වේවි. මගේ ටැබ් එකේ දැනට කින්ඩල් සහ ඊ පබ් (ඇපල් අයි බුක්ස්) පී ඩී එෆ් එව්වා මෙව්වා පොත් ඔක්කොම ලක්ෂ 3කට ලං වෙන්න තියෙනවා. මම පොත් කියවන්න පාවිච්චි කරන්නේ මූන් + රීඩර් කියන android ඇප් එක. ඒක මාර පවෆුල්. :rofl::rofl::rofl::rofl:අනිත් එක යුසර් ෆ්‍රෙන්ඩ්ලි. ඒ වගේ ම ඕනෙම ඊ බුක් ෆෝමැට් එකක් සපෝට් කරනවා. කින්ඩල් PRC ෆෝමැට් එක නම් ටිකක් අන්ජබජල්. එත් ඒවා පීසී එකේ තියෙන කැලිබ්‍රේ ඊ බුක් මැනේජ්මන්ට් සොෆ්ට්වෙයා එකෙන් පුළුවන් කන්වර්ට් කරන්න. මම කරන්නේ එහෙමයි.:dull::dull::dull::dull:

    පඩ ෂෝ පැත්තකින් දාමු කෝ! ඔන්න රුසියානු ඔත්තුකාරයා පොතත් ස්කෑන් කරලා ඉවරයි. එඩිට් කරලා ඉවර වෙච්ච ගමන් මම එළකිරියේ පොත පොස්ට් කරනවා. මට රෙප් දීපල්ලා ඈ!:sorry::sorry::sorry:
     

    Mens Rea

    Well-known member
  • Nov 10, 2011
    501
    325
    63
    Colombo
    4 වන කොටස

    [FONT=&quot]හෝම්ස් මෙයට පිළිතුරු දෙන්නට ගියේ නැත.[/FONT]


    [FONT=&quot]මහාචාර්යවරයා ද තම පිස්සිගේ පලා මල්ල වැනි පොත් අට්ටිය පිළිවෙළක් යැයි සිතිය හැකි අයුරකට සකසා ඉහලින් වූ රාක්කය මත තැන්පත් කර ඉන් ඔවිඩියානු කාව්‍ය සංග්‍රහයක් ගෙන තම අසුනට බර වී කියවන්නට විය.[/FONT]


    [FONT=&quot]කෙසේ නමුත් හෝම්ස් මේ ඇල්බිනෝ[FONT=&quot][1][/FONT] මහාචාර්යවරයා හෝම්ස්ගේ අවධානය පැහැර ගන්නට සමත් විය. ඔහු නිරීක්‍ෂණය සඳහා අතිශයින් සුදුසු ගිනි හාවකු[FONT=&quot][2][/FONT] බව තරුණ හෝම්ස්ට අවබෝධ විය. මහාචාර්යවරයා ද තම ගමන් සගයා වෙත යොමු කළේ ඊට නො අඩු අවධානයකි. කිහිප විටෙක ම තමා ඉදිරිපසට නෙත් යොමු කළ හෝම්ස්ට වැටහුණේ නිව් කොලේජ් පීඨයේ කීර්තිධරයා තමා දෙස කන්නට මෙන් බලා සිටින බව ය. වරක් දෙවරක් ඔහු යමක් පවසන්නට උත්සාහ කළ ද, යම්කිසි අවිනිශ්චිත හැඟීමක් නිසා නිරුත්තර ව නැවතත් කාව්‍ය සංග්‍රහය වෙත පසු බැස්ස බව හෝම්ස් නිරීක්‍ෂණය කළේ ය. කෙසේ හෝ අවසානයේ දී තීරණයකට පැමිණි හෙතෙම හෝම්ස් වෙත මෙසේ පැවැසී ය.[/FONT]


    [FONT=&quot]“හෝම්ස් මහත්මයා, මම ඔබට කරදර කරනවාට සමා වෙන්න. නමුත් මට පොඩි ගැටලුවක් තිබෙනවා. මේක බොහොම පෞද්ගලික වගේ ම අසාමාන්‍ය ප්‍රශ්නයක්. මම ඔබෙන් මේ ගැන විමසන එක හරි ද මන්දා...”[/FONT]


    [FONT=&quot]“මට කරන්න පුළුවන් ඕනෑ ම දෙයක් මම කරන්නම්. ඔබතුමාට උදව් කිරීමට ලැබීම මට විශාල සතුටක්.”[/FONT]


    [FONT=&quot]“මේක මම පැයක් වගේ සුළු කාලයක් ඇතුලත මිත්‍ර වුණු කෙනෙක් සඟ කියන්න සුදුසු විදිහේ ප්‍රශ්නයක් නෙවෙයි. නමුත් ඔබ සුවිශේෂී පුද්ගලයකු විදිහටයි මා දකින්නේ. සමහර විට අපව මුණ ගස්වන්න ඇත්තේ දෛවයේ වාසනාවකට වන්නට ඇති.”[/FONT]


    [FONT=&quot]හෝම්ස් ඉතා ඉවසිල්ලෙන් තරුණ මහාචාර්යවරයා තම ගැටලුව ඉදිරිපත් කරන තුරු බලා සිටියේ ය. ගැටලුවේ ඇති ප්‍රශ්නකාරී ස්වභාවය නිසා ම දෝ මහාචාර්යවරයා වචන අමුණා ගන්නට මහත් උත්සාහයක් දරන බව හෝම්ස්ට පෙනී ගියේ ය. අවසානයේ දී මහාචාර්යවරයා වහෙන් ඔරෝ බසින් මෙසේ පැවැසී ය.[/FONT]


    [FONT=&quot]“සමහර විට මේක ගැන ඔබට මේ දේ කරපු අයගේ වහසි බස් වලින්වත් මේ වනවිට දැන ගන්නට ලැබී ඇති. ශිෂ්‍යයන් ශිෂ්‍යයන් අතරේ ගුරුවරුන්ට වඩා වේගයෙන් ඕපාදූප හුවමාරු වෙනවා නොවැ. මට විශ්වාසයි මේ මුළු සිදුවීම ම තවත් එක විශ්ව විද්‍යාල ඇම්බැට්ටයන්ගේ විහිළුවක් බව. ඒත් මේ විහිළුව තවත් දුර දිග ගියොත් ඇස් රතු වෙන්න තියෙන ඉඩකඩ වැඩියි.”[/FONT]


    [FONT=&quot]මට නම් තවමත් කිසි ම දෙයක් අහන්නට ලැබිලා නැහැ මහාචාර්යතුමා. ඔබ මේ කියන්නේ මොන විහිළුව ගැන ද?”[/FONT]


    [FONT=&quot]අර සිතුවම... රෙම්බ්‍රාන්ට්ගේ ක්‍රිස්තූත්පත්තිය සිතුවම... ඒක මීට සති තුනකට කලින් පුදුමාකාර විදිහට අතුරුදහන් වුනා. ඔබ ඒක දන්නේ නැද්ද?” ස්නායු රෝගයක මුල් අවධියක ලක්‍ෂණ පිළිබිඹු කරමින් ස්පූනර් මහාචාර්යවරයා තදින් ඇසිපිය සලන්නට විය.
    [/FONT]



    [FONT=&quot]“මහාචාර්යතුමා, මම හිතන්නේ ඔබ මේ කතාව මුල ඉඳන් ම පටන් ගත්තොත් හොඳයි.” හෝම්ස් පැවැසී ය.[/FONT]


    [FONT=&quot]“ආහ්! සමාවෙන්න. මම ඔබට මුල ඉඳන් ම සිද්ධිය ගැන පැහැදිලි කරන්නම්. ගිඩින්ස්, අපේ දක්ෂත ම, ඒ වගේ ම පැරණි ම මහාචාර්යවරුන්ගෙන් එක් කෙනෙක්. එතුමා තරම් පුනරුදය සහ ග්‍රීක සහ රෝම ඉතිහාසය පිලිබඳ මීට වඩා හොඳ මහාචාර්යවරයකු සිටිනා බව මා කිව්වොත් මම වැරදියි. ඔබ දන්නවා ඇති පුනරුද යුගයේ දක්‍ෂ සිත්තරෙක් වූ රෆායල් සන්තියර්...”[/FONT]


    [FONT=&quot]සාමාන්‍ය පුද්ගලයකුට මිනිත්තු දහයකින් පමණ කියා අවසන් කළ හැකි කතාව ආරළු බූරළු, කැටයම් දමමින් පැවැසීම සඳහා ස්පූනර්ට පැයක පමණ වේලාවක් ගත විය. නමුත් මේ කතාව අවසානයේ දී තමාට ඉදිරිපත් වී ඇති ගැටලුව ඉතා සිත් ඇදගන්නාසුලු පරීක්ෂණයක් බව හෝම්ස්ට වැටහිණ.
    [/FONT]



    [FONT=&quot]මෙය කියවන ඔබේ පහසුව පිණිස මම ස්පූනර් මහාචාර්යවරයා විසින් හෝම්ස් වෙත කරන ලද “කුඩා දේශනය” හැකිතාක් සරල බසින් සාරාංශ කොට ඉදිරිපත් කරන්නෙමි.[/FONT]


    [FONT=&quot]මීට වසර ගණනාවකට පෙර නිව් කොලේජ් පීඨයේ උප කුලපති ධූරය සඳහා ඡන්ද විමසීමක් ඇති විය. එහි තරඟකරුවන් වූයේ ගිඩින්ස් මහාචාර්යතුමා සහ එකල සිටි පැරණි උපකුලපතිතුමා අතර ය. ඡන්ද විමසීමෙන් ගිඩින්ස් පරාජය විය. එයට හේතු වූයේ ගිඩින්ස් මහාචාර්යවරයා මෙම තනතුරට සෑම අතින් ම සුදුස්සෙක් වුව ද, ඔහුගේ වයස්ගත භාවය සහ ඔහුගේ ශරීර සෞඛ්‍යය දුර්වල තත්ත්වයක තිබීම ය.
    [/FONT]



    [FONT=&quot]කෙසේ නමුත් මහාචාර්යවරයා ඡන්ද විමසීමෙන් ජය ලද කුලපතිතුමාට ද සුභපතා ඔහුගේ ඔක්ස්ෆර්ඩ් දිවියට සමු දුන්නේ ය. නමුත් ඔහු නික්ම යාමට පොරතුව ඔහු සතුව තිබූ ඉතා වටිනා, ප්‍රසිද්ධ, රෙම්බ්‍රාන්ට්ගේ සිතුවමක් වන ක්‍රිස්තූත්පත්තිය සිතුවම නිව් කොලේජ් පීඨයට ත්‍යාග කළේ ය. 1873 ඔක්තෝම්බරයේ අතුරුදහන් වන්නට යෙදුනේ මේ සිතුවමයි.
    [/FONT]



    [FONT=&quot]හෝම්ස් මේ සිතුවමේ මංකොල්ලය පොලීසිය වෙත දැනුම් දෙන්නට නො යෙදුනේ මන්දැයි මහාචාර්යවරයාගෙන් විමැසූ අතර ඔහු පැවැසුවේ නිව් කොලේජ් පීඨයේ වගකිවයුත්තන් විසින් මෙම සිදුවීම පීඨයේ අභ්‍යන්තර කටයුත්තක් ලෙස සලකනු ලබන අතර ඔවුන් මෙයට ‘පිට පාර්ශව සම්බන්ධ කර ගැනීම අනවශ්‍ය ය’ යන ස්ථාවරයේ සිටින බව ය.[/FONT]


    [FONT=&quot]මෙවැනි ස්ථාවරයක් දැරීමට හේතු භූත වන කාරණා කිහිපයක් ඔක්ස්ෆර්ඩ්හි පීඨ කීපයක ම සිදු වී තිබේ. ඔරියෙල් ගොඩනැගිල්ලේ ධජය කවුරුන් හෝ ගලවාගෙන ගොස් ඇත. මර්ටන් ශාලාවේ තිබූ ඉතා පැරණි ඉටිපන්දම් රඳවනයක් නැතිවී ඇත. මැග්ඩලන් පීඨයේ, චතුර්කෝණ ප්‍රාකාරයේ තිබූ පෞරාණික වටිනාකමකින් යුතු කාල මාපකයක් අතුරුදන් ව ඇත. නමුත් ආසන්නතම සිද්ධිය වන්නේ රැඩ්ක්ලිෆ් පීඨයේ පුස්තකාලයෙන් ඉතා වටිනා මෙන් ම දුලබ ආදී මුද්‍රණයක් සොරකම් කර ඒ වෙනුවට ඇතැම් පුස්තකාල සේවකයන් පවා මුලා කරන්නට සමත් වූ ව්‍යාජ ලියැවිල්ලක් එය තිබූ ස්ථානයේ තැබීම ය.[/FONT]


    [FONT=&quot]මේ සියලු ම සිදුවීම් දඩබ්බර විශ්ව විද්‍යාල ශිෂ්‍යයන් කිහිප දෙනකුගේ කොලොප්පම් ලෙස වගකිවයුත්තන් සැලකුව ද මෙහි ඊට වඩා සැඟවුණු අපරාධයක් තිබිය හැකි බව හෝම්ස්ට අවබෝධ විය. නමුත් ප්‍රමාණවත් දත්ත නොමැති ව අවසන් නිගමනයකට පැමිණීම භයානක ප්‍රතිඵල ඇති කළ හැකි වරදක් බව හෝම්ස් එකල ද දැන සිටියේ ය. එබැවින් හෝම්ස් මහාචාර්යවරයා ඇතුලු සැමට මුහුණ පාන්නට සිදු වී ඇති දුෂ්කරතාව පිලිබඳ තම කනගාටුව ප්‍රකාශ කර ඔහුට හැකි අයුරින් මේ ගැටලුව නිරාකරණය කිරීම සඳහා උපකාර කරන බවට සපථ වී දුම්රියෙන් බැස ග්‍රෙන්විල් බලා ගියේ ය.[/FONT]

    [FONT=&quot][1][/FONT] [FONT=&quot]ජාන විකෘතියක් නිසා ඇති වන අධික සුදුමැලි බව - Albino.[/FONT]

    [FONT=&quot][2][/FONT] [FONT=&quot]ගිනි හාවුන් යනු පරීක්‍ෂණ සඳහා උපයෝගී කරගන්නා ක්ෂීරපායි සත්ත්ව විශේෂයක් වේ[/FONT][FONT=&quot] - [/FONT][FONT=&quot]Guinea Pig[/FONT] [FONT=&quot]. ගිනි හාවා යනුවෙන් යම් කිසි අධ්‍යනයක් සඳහා උපයෝගී කරගන්නා මිනිසකු ද හැඳින්විය හැකි ය.[/FONT]
     
    Last edited:
    • Like
    Reactions: SSR@

    duminda1228

    Junior member
  • Sep 5, 2010
    82
    3
    8
    ටාර්සන් ව හම්බ වෙන්නේ නම් "ෂර්ලොක් හෝම්ස් සහ ටාර්සන්ගේ වික්‍රම" කියන කතාවේ. ඒක ටිකක් දිගයි. පිටු දෙසීයක් විතර දිග නව කතාවක් කිව්වොත් හරියට ම හරි.

    ඒකෙන් පස්සේ එනවා "ෂර්ලොක් හෝම්ස් සහ සුමාත්‍රාවේ යෝධ මීයා" පොත.:angry:

    ඊට පස්සේ එනවා "ෂර්ලොක් හෝම්ස් සහ සිල්ක් නිවසේ වික්‍රමය" පොත. :angry:

    ඊට පස්සේ එනවා "මොරියාටි ආපසු එයි" කියන පොත.:angry:

    "ෂර්ලොක් හෝම්ස් කොලුකාරයෙක් ද?" කියලා පොතක් තියෙනවා.:P:P:P:P ඒක ටිකක් තියරි පැත්තට බරයි. හෝම්ස් කතාවල එන චරිතයන්ගේ චරිත ලක්‍ෂණ සහ ඒවායේ සැඟවුණු අරුත් ගැන කරපු ශාස්ත්‍රීය විවරණයක් තමයි ඒක. (නැතුව කොල්ලෝ ගහන ඉස්ටෝරියක් නෙවෙයි ඈ! හූ ඈ! තොපි හිතුවා නේ ද කොලු සීන් එකක් කියලා.) ;);););) ඒක ට්‍රාන්ස්ලේට් කොරාන්නේ උඹලා කැමති නම් විතරයි. ඒක පබ්ලිෂ් කරගන්න නම් සන්නස්ගල සර්ගේ සංහිඳ පබ්ලිකේෂන්ස් එකට තමයි යන්න වෙන්නේ. (නම අජපල් නේ!):sorry::sorry::sorry::sorry:

    මෙව්වා වෙන වෙන ම ත්‍රෙඩ් හැටියට දාන්නේ. මම මයි කවර් ආර්ට් අඳින්නේ. හොඳ ද?

    මරු වැඩක් මචං..මේ පොත් ටිකත් පුළුවන් තරම් ඉක්මනට දාමු..මේ දවස් වල මමත් free.. ඕනි නන් පොඩි sup එකක් දෙන්න පුළුවන්.handwriting ටික එව්වොත් සිංහලෙන් කොටල දෙන්නම්..

    [email protected]

    මේකට තමයි එවන්න ඕනි. Mens Rea නමින්ම එවපං...අඳුරගන්න ලේසිනේ...දිගටම කරගෙන යමු මචං..
     

    Dilan2013

    Junior member
  • Jul 1, 2013
    391
    14
    18
    ෂර්ලොක් හෝම්ස්
    සහ
    මර උගුල

    පරිවර්තනය - චන්දන මෙන්ඩිස්


    මෙතැනින් බාගන්න


    DOWNLOAD


    (කරුණාකර මෙම පොත මිලදී ගැනීමෙන් පරිවර්තකට සහය වන්න.)​

    සහෝ මට කොම්පියුටර් එකක් නෑ.ඉතිං මම පොත් කියවන්නෙ ෆෝන් එකෙන්.මේ පොතේ මෙමරිය 88,442 KBදැක්කම ඔලුව කැරකෙනව වගේ අපේ ගෙදරට 3g signal නෑ. මේ පොත ඩවුන්ලෝඩ් වෙන්න දැම්මොත් දවස් දෙකක් විතර ඩවුන්ලෝඩ් වෙයි.එ්ක හින්දා 3g signal තියෙන තැනකට ගිහිල්ල පොත ඩවුන්ලෝඩ් කරගන්නව.මේ දවස් අතේ සතේ නෑ බං.අපිට තාමත් Nojob නෙ.ඉක්මනින් ඩවුන්ලෝඩ් කරන්න Try කරන්නම්.
     

    Mens Rea

    Well-known member
  • Nov 10, 2011
    501
    325
    63
    Colombo
    සහෝ මට කොම්පියුටර් එකක් නෑ.ඉතිං මම පොත් කියවන්නෙ ෆෝන් එකෙන්.මේ පොතේ මෙමරිය 88,442 KBදැක්කම ඔලුව කැරකෙනව වගේ අපේ ගෙදරට 3g signal නෑ. මේ පොත ඩවුන්ලෝඩ් වෙන්න දැම්මොත් දවස් දෙකක් විතර ඩවුන්ලෝඩ් වෙයි.එ්ක හින්දා 3g signal තියෙන තැනකට ගිහිල්ල පොත ඩවුන්ලෝඩ් කරගන්නව.මේ දවස් අතේ සතේ නෑ බං.අපිට තාමත් Nojob නෙ.ඉක්මනින් ඩවුන්ලෝඩ් කරන්න Try කරන්නම්.


    SCAN karapuwane macho! ekayi mechchara loku. Mama type karapu His Wu Gawa Oruwe Wikramaye size eka balapan. 400kb. Mama oya puluwan tharam size eka adu karalaa thiyenne. Meke Original Scan eka 180MB wuna.:shocked::shocked::shocked: Balamu mama meeta wadaa size eka bassanna kramayak try karannam.:oo::oo::oo::oo:
     

    Dilan2013

    Junior member
  • Jul 1, 2013
    391
    14
    18
    මර උගුල ස්කෑන් කළේ ගැලැක්සි ටැබ් එකකින්. :yes::yes::yes::yes:හොඳට ස්කෑන් වෙලා තියෙනවා නේද? මේක ස්කෑන් කරන්න මම Cam Scanner කියන android ඇප් එක පාවිච්චි කළේ. ෆොටෝස් අරගෙන ඒකෙන් ස්කිව් කරලා කලර් එඩිට් කරන්න පුළුවන්. :cool::cool::cool:පට්ට සොෆ්ට්වෙයා කෑල්ල. මගේ ඊ ලයිබ්රිය ලොකු කරගන්න මම හිතන්නේ මේ සොෆ්ට්වෙයා කෑල්ල ගොඩක් වැදගත් වේවි. මගේ ටැබ් එකේ දැනට කින්ඩල් සහ ඊ පබ් (ඇපල් අයි බුක්ස්) පී ඩී එෆ් එව්වා මෙව්වා පොත් ඔක්කොම ලක්ෂ 3කට ලං වෙන්න තියෙනවා. මම පොත් කියවන්න පාවිච්චි කරන්නේ මූන් + රීඩර් කියන android ඇප් එක. ඒක මාර පවෆුල්. :rofl::rofl::rofl::rofl:අනිත් එක යුසර් ෆ්‍රෙන්ඩ්ලි. ඒ වගේ ම ඕනෙම ඊ බුක් ෆෝමැට් එකක් සපෝට් කරනවා. කින්ඩල් PRC ෆෝමැට් එක නම් ටිකක් අන්ජබජල්. එත් ඒවා පීසී එකේ තියෙන කැලිබ්‍රේ ඊ බුක් මැනේජ්මන්ට් සොෆ්ට්වෙයා එකෙන් පුළුවන් කන්වර්ට් කරන්න. මම කරන්නේ එහෙමයි.:dull::dull::dull::dull:

    පඩ ෂෝ පැත්තකින් දාමු කෝ! ඔන්න රුසියානු ඔත්තුකාරයා පොතත් ස්කෑන් කරලා ඉවරයි. එඩිට් කරලා ඉවර වෙච්ච ගමන් මම එළකිරියේ පොත පොස්ට් කරනවා. මට රෙප් දීපල්ලා ඈ!:sorry::sorry::sorry:

    සහෝ ඔයා මේ ටික කිව්ව එකනම් මට ගොඩක් වටිනව.මාත් RAR files කියවන්න පුළුවන් App එකක් හොය හොයා හිටියෙ.මම Moon+Reader එකවත් අරන් බලන්නං.Scaner එකත් දාල බලන්න ඔ්න වැඩේ හරියයිද කියල. මේ පොතේ මෙමරිය 88,442 KBදැක්කම මටනම් හීතෙන්නෙ පොත එලටම ස්කෑන් වෙලා අැති. නැත්තං මෙච්චර මෙමරියක් එන්නෙ නෑනෙ??
    අඩේ උඹ පොත් ලක්ෂ 3ක් විතර කියෙව්වද? ඔය පොත් ටැබ් එකේ විතරක් තියන්න එපා.කොම්පියුටර් එකටත් දාල තියපන්.නැත්තන් ටැබ්එක ෆෝමැට් උනොත් පොත් ටිකටත් කෙලවෙයි
     

    Mens Rea

    Well-known member
  • Nov 10, 2011
    501
    325
    63
    Colombo
    අනේ අප්පේ! ඔප් එක එඩිට් වෙලා. ටින්ටින්123 සහෝදරයා, ස්පෑම්චෙක් සහෝදරයා ඇතුලු මට උදව් කරන සියලුම පිරිසට මගේ ආචාරය! ඔබ සැමට නිවන් සුව ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා! :lol: :lol: :lol: :lol:
     

    Mens Rea

    Well-known member
  • Nov 10, 2011
    501
    325
    63
    Colombo
    සහෝ ඔයා මේ ටික කිව්ව එකනම් මට ගොඩක් වටිනව.මාත් RAR files කියවන්න පුළුවන් App එකක් හොය හොයා හිටියෙ.මම Moon+Reader එකවත් අරන් බලන්නං.Scaner එකත් දාල බලන්න ඔ්න වැඩේ හරියයිද කියල. මේ පොතේ මෙමරිය 88,442 KBදැක්කම මටනම් හීතෙන්නෙ පොත එලටම ස්කෑන් වෙලා අැති. නැත්තං මෙච්චර මෙමරියක් එන්නෙ නෑනෙ??
    අඩේ උඹ පොත් ලක්ෂ 3ක් විතර කියෙව්වද? ඔය පොත් ටැබ් එකේ විතරක් තියන්න එපා.කොම්පියුටර් එකටත් දාල තියපන්.නැත්තන් ටැබ්එක ෆෝමැට් උනොත් පොත් ටිකටත් කෙලවෙයි
    :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes:
    Computer ekata wenama ma Software ekak thiyenawa Ebook management walata. Eke nama Calibre.
     

    Mens Rea

    Well-known member
  • Nov 10, 2011
    501
    325
    63
    Colombo
    සහෝ ඔයා මේ ටික කිව්ව එකනම් මට ගොඩක් වටිනව.මාත් RAR files කියවන්න පුළුවන් App එකක් හොය හොයා හිටියෙ.මම Moon+Reader එකවත් අරන් බලන්නං.Scaner එකත් දාල බලන්න ඔ්න වැඩේ හරියයිද කියල. මේ පොතේ මෙමරිය 88,442 KBදැක්කම මටනම් හීතෙන්නෙ පොත එලටම ස්කෑන් වෙලා අැති. නැත්තං මෙච්චර මෙමරියක් එන්නෙ නෑනෙ??
    අඩේ උඹ පොත් ලක්ෂ 3ක් විතර කියෙව්වද? ඔය පොත් ටැබ් එකේ විතරක් තියන්න එපා.කොම්පියුටර් එකටත් දාල තියපන්.නැත්තන් ටැබ්එක ෆෝමැට් උනොත් පොත් ටිකටත් කෙලවෙයි
    Ara UEdge Sherlock Holmes Poth nam Moon+ Reader eken kiyawanna baa. :no::no::no::no::no: Ewwa mama PDF walata harawannayi inne.:nerd::nerd::nerd::nerd: Harewwata passe kiyawanna daannam. :yes: :yes: :yes: PDF karana eka maara epaa wena wadak. :frown::frown::frown::frown:Pituwen Pituwa Screen Shot ganna one. :growl::growl::growl::growl::growl:
     

    Dilan2013

    Junior member
  • Jul 1, 2013
    391
    14
    18
    Ara UEdge Sherlock Holmes Poth nam Moon+ Reader eken kiyawanna baa. :no::no::no::no::no: Ewwa mama PDF walata harawannayi inne.:nerd::nerd::nerd::nerd: Harewwata passe kiyawanna daannam. :yes: :yes: :yes: PDF karana eka maara epaa wena wadak. :frown::frown::frown::frown:Pituwen Pituwa Screen Shot ganna one. :growl::growl::growl::growl::growl:

    Ekanam supiri vedak saho.phone eke UEdge files kiyawanna bari 1 thamai mata thiyena lokuma aula.pdf walata harawala dammoth ubata godak pin.
    Moon+Reader eken PRC files kiyawanna puluwanda??
     

    Mens Rea

    Well-known member
  • Nov 10, 2011
    501
    325
    63
    Colombo
    Ekanam supiri vedak saho.phone eke UEdge files kiyawanna bari 1 thamai mata thiyena lokuma aula.pdf walata harawala dammoth ubata godak pin.
    Moon+Reader eken PRC files kiyawanna puluwanda??
    www.epubbud.com ekata gihilla PRC file eka epub format ekata online convert karanna puluwan. epub size eka maara aduyi. eka nisa mobile walata uchithayi.
    Habayi sinhala Unicode thawama render wenne naa. Images awulak naa. Eth size eka tikak wadiyi. :frown::frown::frown::frown:
     

    Mens Rea

    Well-known member
  • Nov 10, 2011
    501
    325
    63
    Colombo
    Ada nam mata update karanna wenne naa. Heta aniwa daannam. Habayi samahara wita mama me thread eka close karalaa aluthen Piliwelakata thread ekak patanganna ida thiyenawa. Ethakota kathaawa pahasuwen kiyawanna puluwan.
     

    Mens Rea

    Well-known member
  • Nov 10, 2011
    501
    325
    63
    Colombo
    Ada Office arila gedara awilla karanne Cover Page eka andina ekayi. Eke chithre godak lassanata danata awilla thiyenawa.
     

    Dilan2013

    Junior member
  • Jul 1, 2013
    391
    14
    18
    Ada nam mata update karanna wenne naa. Heta aniwa daannam. Habayi samahara wita mama me thread eka close karalaa aluthen Piliwelakata thread ekak patanganna ida thiyenawa. Ethakota kathaawa pahasuwen kiyawanna puluwan.

    hari ehenam heta daannako.aluth thread 1k ona na me thread 1 hodaine.kohomahari kamak na saho kathawa dannako.