3 වන කොටස
[FONT="]මේ සියල්ල ආරම්භ වූයේ ඔබ හොඳින් දන්නා පැඩිංටන් දුම්රිය පොළෙනි. ඒ 1973 හේමන්ත ඍතුවයි. ඔහු ඩබ්ලින්හි ත්‍රිත්ව විද්‍යාලයෙන් සමු ගැනීමෙන් අනතුරු ව ඔහු ග්‍රෙන්විල් පීඨයට ඇතුලත් විය. එක් සන්ධ්‍යා භාගයක, හෝම්ස් බ්‍රිතාන්‍ය කෞතුකාගාරයේ ලේඛනාගාරයේ සිට නැවත ඔක්ස්ෆර්ඩ් බලා දුම්රියෙන් ගමන් කරමින් සිටියේ ය. ඔහු තෝරාගෙන තිබුණේ සම්පුර්ණයෙන් ම හිස් වූ, සුවපහසු මැදිරියකි. තම තනි නොතනිය සඳහා ඇමරිකානු ශාක විශේෂයන්ගෙන් ලබා ගන්නා මාරක විෂ පිලිබඳ වූ නිබන්ධනයක් සමඟ මිත්‍ර වී, ඉතා සැහැල්ලුවෙන් සිටි හෝම්ස්ගේ දැහැන බිඳුනේ පැඩිංටන් දුම්රියපොළෙන් දුම්රිය අද්ද්දනවාත් සමඟ ම, හෝම්ස් සිටි මැදිරියේ එල්ලෙන්නට උත්සාහ කළ පුද්ගලයකු නිසාවෙනි.[/FONT]
[FONT="][/FONT]
[FONT="]හෝම්ස් නොසිටින්නට ඔහු එතැන ම සමාදානයේ සැතපෙන්නට ඉඩ තිබිණ. නමුත් හෝම්ස්ගේ ක්ෂණික ප්‍රතික්‍රියා හැකියාව නිසා ඔහුගේ පණ බේරා ගන්නට හෝම්ස් සමත් විය.[/FONT]
[FONT="][/FONT]
[FONT="]වේගවත් ව ඉදිරියට ඇදුණු දුම්රිය නිසා ඇතුලට පැමිණි දැඩි සුළං පහර වලකාලන අටියෙන් දොර තදින් වසා දැමූ හෝම්ස් ඉදිරිපිට සිටියේ පොත් මල්ල හෝම්ස් සිටි අසුනට මුහුණ ලූ අනෙක් අසුනේ විසුරුවා ලූ හෝම්ස්ට වඩා වසර දහයකින් පමණ වැඩිමහලු පෙනුමක් තිබූ තරුණයෙකි.[/FONT]
[FONT="][/FONT]
[FONT="]“බොහෝ ම ස්තුතියි මහත්මයා! ඔබ මගේ ජීවිතය බේරාගත්තා.” ඔහු අසුනට බර වී හති අරින අතරේ ඉතා අපහසුවෙන් වචන අමුණා ගනිමින් පැවැසී ය.
[/FONT]
[FONT="][/FONT]
[FONT="]“ස්තුති කරන්න තරම් දෙයක් මම කළේ නැහැ මහත්මයා. මම කළේ ඒ වගේ අවස්ථාවක ඕනෑ ම කෙනෙක් කරන දෙයක්. ඒක නෙවෙයි මහත්මයා, මට පෙනෙන්නේ ඔබට අද හවස් වරුව එච්චර සාර්ථක එකක් නොවුණු බවයි...”[/FONT]
[FONT="][/FONT]
[FONT="]හෝම්ස්ගේ තීක්ෂණ දෑසට මෙම තරුණ පුද්ගලයාගේ මුහුණේ වූ අසාමාන්‍ය සුදුමැලි බව හොඳින් නිරීක්ෂණය විය.
[/FONT]
[FONT="][/FONT]
[FONT="]“මහත්මයා, මම හිතන්නේ රථවාහන තදබදයට අසු වී පරක්කු වීම කරදරකාරී සිදු වීමක් වුනත් තමන් නගින්න හිටපු දුම්රිය වැරදීම කබලෙන් ලිපට වැටීමක් හා සමානයි.” හෝම්ස් කරුණාවෙන් පැවසුවේ ය.[/FONT]
[FONT="][/FONT]
[FONT="]තරුණයාගේ කට බාගෙට ඇරිණ. “මොනවා! ඔහේ කොහොම ද.....? ඔබ ඉන්ද්‍රජාලිකයකු ආරුඪ වුණු දෙවියෙක් ද?”
[/FONT]
[FONT="][/FONT]
[FONT="]එවර අන්දුන් කුන්දුන් වූයේ හෝම්ස් ය. “මම හිතන්නේ ඔබ අදහස් කළේ මම දෙවියෙක් ආරුඪ වුණු ඉන්ද්‍රජාලිකයකු කියලා ද?”[/FONT]
[FONT="][/FONT]
[FONT="]“ඒක තමයි මමත් කිව්වේ! මං කියන්නේ එහෙම වුණා කියලා මට කියන්න බය වෙන්න එපා. මම මුහුණ දීලා ඉන්න තත්ත්වේ හැටියට මට මේ වෙලාවේ ඔබ සාතන්ගේ සාක්ෂිකරුවෙක් වුනත් කමක් නෑ. මම ඒක හිස් මුදුනෙන් පිළි ගන්නවා!” තරුණ පුද්ගලයා කෑ ගැසුවේ ය.[/FONT]
[FONT="][/FONT]
[FONT="]“බය වෙන්න දෙයක් නෑ මහත්මයා. මගේ ක්‍රම සහ විධි වල කිසිම පාරභෞතික සංසිද්ධි නෑ. මම කියන සෑම දෙයක් ම තර්කණ බුද්ධියට අනුකූලයි. මම යොදා ගන්නා විධික්රම වන නිරීක්ෂණය, සම්පරීක්ෂණය සහ නිගමනය තුළ තිබෙන්නේ විද්‍යාත්මක පදනමක් පමණයි. ඔබේ ප්‍රශ්නයට පිළිතුර වන්නේ මම ඉන්ද්‍රජාලිකයකු නොවේ කියන එකයි.”[/FONT]
[FONT="][/FONT]
[FONT="]“ඒත්?” තරුණයා තවමත් මුල් මතය අත හැරීමට සූදානම් නැත.
[/FONT]
[FONT="][/FONT]
[FONT="]“මම ඔබේ බ්‍රැඩ්ෂෝ දුම්රිය කාලසටහන් පොත කල් ඉකුත් වූ පැරණි එකක් බව නිරීක්ෂණය කළා.” හෝම්ස් තරුණයාගේ පොත් මිටිය අතරේ වූ බ්‍රැඩ්ෂෝ දුම්රිය කාලසටහන් පොතේ පිටපත දෙසට ඇඟිල්ල දිගු කළේ ය. “මේ දුම්රිය ගිය සැප්තැම්බරයේ පටන් මිනිත්තු දහයක් වේලාසනින් තමයි පිටත් වෙන්නේ.”
[/FONT]
[FONT="][/FONT]
[FONT="]“අති විශිෂ්ටයි. ඉතා ම තර්කානුකූලයි. ඒත් කොහොම ද ඔබ මාර්ග තදබදය ගැන අනාවැකියක් කිව්වේ?” මේ වන විට මරණාසන්න අත්දැකීමක් ලබා සිටි තරුණයාගේ තිගැස්ම මඳක් දුරට අඩු වී තිබිණ.[/FONT]
[FONT="][/FONT]
[FONT="]“ඉතා ම සරලයි මහත්මයා. මීට විනාඩි දහයකට පෙර තදින් වහිමින් තිබුණේ. නමුත් ඔබේ උඩුකය පමණයි තදින් තෙත්බරියම් වී තිබෙන්නේ. නිසැකව ම ඔබ එන්නට ඇත්තේ කුලී රියක. නමුත් ඔබට ඒ කරත්තයෙන් දුම්රිය පොළට ළඟාවීමට පෙර ම බහින්නට සිදු වුණා. ඒක නිසා ඔබ තදින් වැස්සට තෙමුණේ නැහැ. මේ වැහිබර හවස් වරුවේ කෙනෙකුට වැස්සේ තෙමෙමින් තම කුලී රියෙන් බසින්නට සිදු වන්නේ හවස් වරුවේ වැඩ ඇරීම හේතුවෙන් ඇති වෙන වාහන තදබදය නිසා.”[/FONT]
[FONT="][/FONT]
[FONT="]“ඔබ කොහොම ද මම කුලී රියක ආ බව හරියට ම දන්නේ? එහෙ ම දෙයක් අනුමාන කරන්න නම් ඔබේ ඔය කියන නිරීක්ෂණ නිගමන මගෝඩි ක්‍රමයට බෑ මහත්මයා. මම නම් කියන්නේ ඔබ ඉන්ද්‍රජාලිකයකු කියාමයි.”[/FONT]
[FONT="][/FONT]
[FONT="] [/FONT][FONT="][FONT="]“[/FONT]ඔබට කැමති දෙයක් හිතා ගන්න ඔබට අවසරයක් තියෙනවා මහාචාර්ය තුමා. නමුත් ඒක නිගමනය කිරීම ඉතා පහසු දෙයක්. ඔබ හදිසියෙන් කුලීරථ රියැදුරාට මුදල් ගෙවීමට උපයෝගී කරගත් මුදල් පසුම්බිය තවමත් තිබෙන්නේ ඔබේ අතේ.”[/FONT]
[FONT="][/FONT]
[FONT="]මෙවර හෝම්ස්ගේ දුම්රිය සගයා වචනයේ පරිසමාප්තාර්ථයෙන් ම උඩ ගොස් බිම වැටුණේ ය.[/FONT]
[FONT="][/FONT]
[FONT="]“මොනවා, මම මහාචාර්ය වරයෙක් බව දැන ගත්තේ කොහොම ද?” ඔහු මේ වන විට සිටියේ හෝම්ස්ට දණ ගසා වැඳ, පුද පූජා කරන මට්ටමේ මානසිකත්වයක ය.[/FONT]
[FONT="][/FONT]
[FONT="]“මම ෂර්ලොක් හෝම්ස්, මම ඉගෙන ගන්නේ ග්‍රෙන්විල් පිඨයේ. විලියම් ස්පූනර්න් මහාචාර්යතුමා, ඔබ නොදන්නවා වුනා ට, ඔබ දැනටමත් ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ සෑහෙන්න ප්‍රසිද්ධ චරිතයක්. ඔබ ව හඳුනා ගන්නට ලැබීම මට විශාල ගෞරවයක් මහාචාර්යතුමා!” හෝම්ස් පැවැසී ය.[/FONT]
[FONT="][/FONT]
[FONT="]“ස්පූ” ලෙසින් එකල ඔක්ස්ෆර්ඩ්හි සිටි ශිෂ්‍යයන් අතර පවා ප්‍රසිද්ධියක් ලබා සිටි ඉතිහාසය සහ දර්ශනය පිලිබඳ විශේෂඥයකු වූ විලියම් ස්පූනර් මහාචාර්ය වරයා හෝ හෝම්ස් හෝ පසු කලෙක ඔවුන් දෙදෙනා ම තම වෘත්තීය මාර්ගයන්හි හිනිපෙත්තට ම නගින බැව් ඒ මොහොතේ නොසිතන්නට ඇත.
[/FONT]
[FONT="][/FONT]
[FONT="]“ආහ්! දේශන වලදී මම කියන අසාමාන්‍ය දේවල් නිසා වෙන්නැති මම ඔය කියන විදිහට ප්‍රසිද්ධ වෙලා ඇත්තේ! ඒකත් ප්‍රසිද්ධියක් ද? ඒත් මොනවා කරන්න ද? මම දේශනයක් කරද්දී සමාධියකට සම වැදෙනවා. ඉතින් මම කියන සමහර දේ අමුතු වෙන්නැති. කොහොම වුනත් ඔබේ ක්‍රම සහ විධි නම් බොහෝ ම සිත් ඇදගන්නාසුලුයි, හෝම්ස් මහත්මයා, ඔබ ඉන්ද්‍රජාලිකයකු වුණා නම් ඔබට විශාල මුදලක් හම්බ කරගන්නට ඉඩ තිබුණා.”[/FONT]