නව සත්ව විශේෂ අටක් ලංකාවෙන්...........

yama_palla

Member
Dec 5, 2010
974
71
0
___Narakadiya___
නව සත්ව විශේෂ අටක් ලංකාවෙන්...........

ශ්‍රී ලංකාවෙන් හමුවූ කුඩාම පැදුරු මැඩියා ඇතුළු මෙරටට ආවේනික නව සත්ව විශේෂ අටක් සොයාගත් බව ගාල්ල වන ජීවී සංරක්ෂණ සංගමය පවසයි.පාරිසරික කටයුතු හා ස්වභාවික සම්පත් අමාත්‍යංශයේ ජෛව විවිදත්ව ලේකම් කාර්යාලයේ ආධාර ඇතිව ගාල්ල දිස්ත්‍රික්කයේ සිදු කරනු ලැබූ ජෛව විවිදත්ව අධ්‍යනයකදී මෙම නව සත්ව විශේෂ සොයාගෙන තිබේ.සොයා ගත් නව සතුන් අතර මිරිදිය මසුන් විශේෂ 3 ක් හා පැදුරු මැඩියන් විශේෂ 5 ක් වෙති.

සිංහරාජයේ දකුණු ප්‍රදේශයෙන් සොයා ගත් දෙවරියෝ ගනයේ මත්සයෙක්

1.jpg


හියාරේ සංරක්ෂිත වනාන්තරයෙන් හමුවූ දෙවරියෝ ගණයට අයත් මත්සයෙක්

2.jpg


කොට්ටව වනාන්තරයෙන් හමුවූ ලේපිදොසේඵලික්තියස් ගණයට අයත් මත්සයෙක්

3.jpg


හියාරේ ඇතුළු කොට්ටව වනාන්තරයෙන් හමු වූ දැනට ලංකාවේ කුඩාම පදුරු මැඩියා

4.jpg


කන්නෙලිය රක්ෂිතයෙන් හමු වූ පදුරු මැඩි විශේෂය

5.jpg


හිනිදුම් කන්ද ප්‍රදේශයෙන් හමු වූ පදුරු මැඩි විශේෂය

6.jpg


හියාරේ සංරක්ෂිත වනාන්තරයෙන් හමුවූ මැඩි විශේෂය

7.jpg


කොට්ටව වනාන්තරයෙන් හමුවූ මැඩි විශේෂය


8.jpg