ක්‍රිකට් කණ්ඩායමේ නව පුහුණුකරු ජෙෆ් මාර්ෂ්

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ජාතික පුහුණුකරු වශයෙන් ජෙෆ් රොබට් මාර්ෂ් පත්කර තිබේ.
ඒ අනුව මෙරට ජාතික කණ්ඩායමේ පුහුණුකරු වශයෙන් ඔහු වසර දෙකක කාලයක් කටයුතු කරනු ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පැවසීය.
ජෙෆ් මාෂ් යන කෙටි නමින් හඳුන්වන ඔහු ඕස්ට්‍රේලියානු කණ්ඩායම සහ බටහිර ඕස්ට්‍රේලියානු ප්‍රාන්ත කණ්ඩායම නියෝජනය කර ඇත.
1987 වසරේ ක්‍රිකට් ලෝක කුසලානය ඕස්ට්‍රේලියාවට හිමිකර දීම සඳහා ද ජෙෆ් මාර්ෂ් පුරෝගාමීව කටයුතු කළ ක්‍රීඩකයෙකි.
1992 වසරේ ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගත් ඔහු ඉන් අනතුරුව ඕස්ට්‍රේලියානු ප්‍රාන්ත පුහුණුකරුවෙකු වශයෙන් කටයුතු කළේය.
2000 වසරේ සිට 2004 වසර දක්වා සිම්බාබ්වේ කණ්ඩායමේ පුහුණුකරු වශයෙන් කටයුතු කළ ජෙෆ් මාර්ෂ් ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ තේරීම් කමිටු සාමාජිකයෙකු ලෙස නම් කර තිබේ.