නස්රුදීන්...

Irfaath

Member
Jul 24, 2012
140
29
0
පට්ට
තාම රෙප් දෙන්න බැ
You must spread some Reputation around before giving it to chinmak again.
 

chinmak

Well-known member
  • Oct 27, 2014
    9,713
    7,915
    113
    මෙන්න මෙතන...
    දිනක්, නගරයේ පූජකයා මිනිසුන් පිරිසකට දේශනා කරමින් හිටියා.

    "භක්තිමත් මිනිසුන්ට රැවුල තියනවා." ඔහු කෑ ගසා කිවුවා. "හොඳ ඝන රැවුලක් කියන්නේ පාරිශුද්ධභාවය බාහිරට ප්‍රකාශමාන වීමක්."

    "මේ නගරයේ කාටත් වඩා හොඳ ඝනකම්ම රැවුල තියෙන්නෙ මගෙ එළුවට." නස්රුදින් කට ඇරියා. "ඔබතුමා කියන්නේ අපි හැමෝටම වඩා භක්තිවන්තයා එළුවා කියලද?"
     

    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,713
    7,915
    113
    මෙන්න මෙතන...
    ඒත් පූජකතුමා නෙමෙයි, ඒ එකකටවත් ඇහුම්කන් දුන්නෙ. එයා තනියම සටන් කළා, වතුරෙ ගිලෙන්නෙ නැතුව ඉන්න. වරින්වර වතුරෙ යට යමින් උඩ යමින් දිගටම වතුරත් එක්ක පොර බැදුවා. සෙනඟත් වටේට ඉඳන් අත් දිගු කරමින්, ”ඔබතුමාගේ අත මට දෙන්න මං ඔබතුමාව ගොඩට ගන්නම්!” කිය කියා නෑගැහුවා. ඒත් එකකටවත් පූජකතුමා නොවෙයි, ඇහුම්කන් දුන්නෙ.

    අන්තිමට නස්රුදින් එතැනට ආවා. ඇවිත් සෙනඟට කිව්වා, ”මට ඉඩ දෙන්න! මං මේක කරන්නම්!” කියලා. සෙනඟ දෙපැත්තට වෙලා නස්රුදින්ට ඉඩ දුන්නා.

    පොකුණ ඇතුළෙ වතුරත් එක්ක පොර බදිමින් උන් පූජකයා දිහාට අත දික්කරලා කෑගහලා නස්රුදින් මෙහෙම කිව්වා:

    ”මගේ මේ අත ගන්න පූජකතුමනි”

    ඒක ඇහුන විතරයි, පූජකතුමා අත් දෙකම දිගු කරලා නස්රුදින්ගේ අතේ එල්ලූණා. නස්රුදින් එකපාරටම පූජකතුමාව පොකුණෙන් ගොඩට ඇදලා ගත්තා.

    සෙනඟ සතුටින් ඉපිල කෑගැහුවා! ඔවුන් පුදුමයට පත් වුණා, නස්රුදින්ගේ හපන්කම ගැන. ඔවුන් නස්රුදින් වට කරගෙන ඇහුවා, ‘කොහොමද ඒක කළේ ? අපට නං හිතා ගන්නවත් බැහැ’ කියලා.

    ”හරිම ලේසියි!” නස්රුදින් උත්තර දුන්නා. ”මේ මසුරා කවදාවත් කිසිම කෙනෙකුට කිසිම දෙයක් දුන්න කෙනෙක් නෙවෙයි. හැම තිස්සෙම ගත්තා මිසක්. ඉතින් ඒ හින්දා ඔහෙලා කිව්ව ‘අත දෙන්න’ කියන එක වෙනුවට මං කිව්වෙ ‘මගේ අත ගන්න’ කියලා. මිනිහා පැනලා මගේ අත බදා ගත්තා!”

     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    patta+
    diagatama daamu

    You must spread some Reputation around before giving it to chinmak again.
     

    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,713
    7,915
    113
    මෙන්න මෙතන...
    නස්රුදින් ඇස් දෙක පියාගෙන කවිච්චියක ඇල වෙලා හිටියා.

    එයාගෙ මස්සිනා ඇවිත් ඇහුවා "ඔහේ නිදිද නස්රුදින්?"

    "ඇයි මොකටද අහන්නෙ?" නස්රුදින් ඇහුවා.

    "මං මේ බැලුවෙ ඔහේගෙන් ඩොලර් තුන්සීයක් ණයට ඉල්ල ගන්න පුළුවන්ද කියලා..." මස්සිනා කිවුවා.

    "හොඳයි...." නස්රුදින් මෙහෙම කිවුවා; "අපි යමු අර මුලින් ඔහේ අහපු ප්‍රශ්ණයට- 'මම නිදිද?' උත්තරය; 'ඔව් මම නිදි...!' යනවා යන්න මෙතනින් මට ඉන්න දීලා."
     

    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,713
    7,915
    113
    මෙන්න මෙතන...
    ගැබ්බරව උන්නු නස්රුදින්ගෙ බිරිඳගෙ ප්‍රසූති දිනය ළඟා වෙමින් තිබුනා.

    දවසක් දෙන්නම නිදියන් ඉන්න වෙලාවක බිරිඳ නස්රුදින්ව හොලවලා මෙහෙම කිවුවා.

    "නස්රුදින් බබා එනවා...!"

    ඒක අහපු නස්රුදින් ඉක්මනින් ඉටිපන්දමක් දල්වලා අලුත් බබා එළියට එන විදිහ බලන් හිටියා.

    ඒත්, විනාඩි ගාණක් ඇතුළත නස්රුදින් බලාගෙන ඉද්දිම මෙන්න බොලේ තවත් බබෙක් එළියට ආවා. එයිනුත් විනාඩි ගාණක් ගියාම, ඔන්න තවත් බබෙක්; තුන්වෙනි බබා- එළියට ආවා.

    තුන්වැනියා ආව ගමන් ම නස්රුදින් හදිසියෙන් වගේ ඉටිපන්දම කටින් පිඹලා නිවලා දැම්මා.

    "මොකද්ද මනුස්සයො ඒ කළේ?" බිරිඳ ඇහුවා.

    "මේකයි" නස්රුදින් කිවුවා; "ඔය ඉටිපන්දම් එළිය තියෙද්දි එක බබෙක් ආවා. ඊගාවට තවත් බබෙක්. ඊටත් පස්සෙ තවත් බබෙක්. ඇයි යකෝ ඔය ඉටිපන්දම දිගටම පත්තු කරං උන්නා නම් තව කී දෙනෙක් ඒවිද කවුද දන්නේ?"
     
    • Like
    Reactions: wije99000