නස්රුදීන්_සත්‍යය_දුටු_හැටි
නස්රුදීන් සත්‍යය දුටු හැටි
ඔයාලම කියවල බලන්නකෝ....
"නීතිරීති වලින්ම මිනිස්සු හදන්න බෑ" නස් රුදින් රජ්ජුරුවන්ට කිව්වා. "මිනිස්සු යහපත් සත්‍යගරුක අය වෙන්න නම් ඔවුන් යම් කිසි පිළිවෙත් පුරන්නන් වෙන්න ඕනෑ. එහෙම නැතිව ඇති වන සත්‍යය යම්තම් මතුපිටින් ඇතිවන්නක් පමණයි. ඒ විදියට කවදාවත් පරම සත්‍යය මතු වන්නේ නෑ."
ඒත් රජ්ජුරුවෝ ඒක පිළිගත්තේ නෑ. එතුමා හිතුවේ මිනිසුන් සත්‍යගරුක කරවන්න - සත්‍යම ඔවුන් ලවා කතා කරවන්න - තමන්ට නීති මගින් පුළුවන් වෙයි කියලයි. තමනුත් සත්‍යගරුක වී, ජනතාවත් සත්‍යගරුක කරවන්න දැඩි නීති පනවන්න එතුමා කල්පනා කලා. ඒ රජ්ජුරුවන්ගේ නගරයට එන්න තිබුණේ පාලමකින් එගොඩ වෙලා. ඒ පාලම උඩ එල්ලුම් ගහක් ඉදි කරන්න රජතුමා නියම කළා. පහුවදා ගේට්ටු අරිනකොට විශේෂ රාජ පුරුෂයන් පිරිසක් එතැන මුරට යෙදෙව්වා. එදා පටන් එතැනින් යන හැමෝම පරීක්ෂා කිරීම ඔවුන්ට පැවරුණා.
ඒ පිළිබඳ අණබෙරයකුත් යැව්වා. එයින් පසු එතැනින් රටට ඇතුළුවන හැමෝගෙන්ම ප්‍රශ්න කරන බවත්, යමකු ඇත්ත කතා කළොත් ඔහුට නගරයට ඇතුළු වීමට ලැබෙන බවත්, යමකු බොරු කීවොත් ඔහු එල්ලා මරණ බවත් එයින් කියවුණා.
දවසක් නස්රුදීනුත් මේ පාරෙන් යන්න ආවා.
"තමුසෙ කොහෙද යන්නෙ?" රාජපුරුෂයෝ ඇහුවා.
"මං මේ එල්ලුම් ගහට යනවා" නස්රුදීන් කිව්වා.
"ඒක බොරුවක්!"
"ඒක බොරුවක් නං මාව එල්ලාපල්ලා"
"ඒත් අපි තමුසෙව එල්ලුවොත්, තමුසෙගෙ කතාව ඇත්ත වෙනව" රාජපුරුෂයෝ කිව්වා.
"ඒක තමයි, දැන් ඔහෙලට තේරෙන්න ඇති ඔහෙලා ඔය සොයන ඇත්ත මොන විදියේ ඇත්තක්ද කියලා." නස්රුදීන් කිව්වා.

කියවල බලල ඔයාලගේ අදහසත් කියන්න....... 
*************************************************