නළගනට තවත් නයෙක්

nishuek

Active member
  • Jul 4, 2010
    534
    171
    43
    Kandy
    නළගනට තවත් නයෙක්

    මේ කතාවෙ මොකක් හරි ඇත්තක් තියනවා කියල මට හිතුන එකයි මම දැම්මෙ...ටිකක් දිග තමයි..කියවපල්ලකො...

    කොල්ලුපිටියේ රාත්‍රි සමාජ ශාලාවක තරුණියක් නයෙකුට ආදරය කිරීම ගැන පසුගිය කාලය පුරා විවිධ ජන මාධ්‍ය ඔස්සේ ප්‍රවෘත්ති ගලා එන්නට විය. නයෙකු සමග ඇයට ඇති සම්බන්ධය පිළිබදව සහ ඇගේ ආශාවේ දිශානතිය ගැන මනෝවිශ්ලේෂණය ඇසුරින් නිවරදි විග්‍රහයක් කරන්නට හැකි වුයේ අපට පමණි. ජන අරගල ව්‍යපාරය විසින් පහසුකම් සපයා පවත්වා ගෙන යන ලංකා විවිස් වෙබි අඩවයට පවා මෙය තවත් එක් ප්‍රවෘත්තියක් පමණක් විය. ඔවුනට මේ සම්බන්ධයෙන් නිවරදි විග්‍රහයක් ඉදිරිපත් කරන්නට නොහැකි විය. අප සංවිධානයෙන් වසර 2004 දී පන්නා දැමූ අය සිය වේදිකාවල ප්‍රධාන කතිකයන් බවට පත් කරගත් මේ අයට සුමිත් චාමින්ද ගෙන් අසා හෝ මේ ගැන කිසිවක් ලියන්නට බැරි විය.

    රාත්‍රී සමාජ ශාලාවක සේවය කරන මේ තරුණියට ජන මාධ්‍ය මගින් ලබා දුන් නම කොල්ලුපිටියේ නයි නළගනයි. මේ සියලු මාධ්‍ය වලට මෙය රසවත් ප්‍රවෘත්තියක් විය. ඇය විසින් කළ කී සියල්ල ගෙඩි පිටින්ම මාධ්‍ය ඔස්සේ පළ කරණු ලැබීය. ඇය ඉන්දියාවේ ඉපදුන බවත් ඇගේ පියා ඉරාන ජාතිකයෙකු බවත් ඇයට දේව හාස්කමකින් මේ නයි පැටියා ලැබුන බවත් වාර්ථා කළ අප නොව මේ මාධ්‍යයන්මය. මෙය ඒ අයට හොදින් අලෙවි කළ හැකි වෙළෙද භාණ්ඩයක් විය. ‛මවිබිම’ වැනි පුවත් පත් ඇය සමග ඇගේ ගමට පවා ගොස් ඇගේ සම්මුඛ සාකච්ඡා පළ කළේය. ගොස්ප් ලංකා වැනි වෙබි අඩවි වලට මෙය රසවත් ඕපාදූපයක් විය. මිනිසෙකු මහමග අමු අමුවේ දෙනොදාහක් බලා සිටිදිී කපා කොටා ඝාතනය කරන අයුරු වීඩියෝ මගින් ඉදිරිපත් කල මේ මාධ්‍ය ආයතන වලට මනුෂ්‍යත්වය යනු වෙළෙද භාණ්ඩයක් පමණක් විය. ඒ අනුව මේ අයට කොල්ලු පිටියේ නයි නළගන යනු මනුෂ්‍යයෙකු නොව වෙළෙද භාණ්ඩයක් විය.

    පසුගිය දා ස්වර්ණවාහිනය ඇගේ ගමට ගොස් ඇය බොරු කාරියක් බව සාක්ෂි සහිතව ඔප්පු කළේ ලයිවි ඇටි 8 තුළින් හැමෝටම ඇත්ත දැන ගන්නටය. ඒත් සමගම ඇය ගැන මාධ්‍ය වාර්ථා පළ වුයේ නයි නළගන ගේ බොරු අතේ මාට්ටු යැයි කියමිනි. මුලින්ම කිසිදු විමර්ශණයක් නොකර ඇය කියන කියන දේ වාර්ථා කළ මාධ්‍යයන්ම එකපාරට මෙන්න මෙයා බොරු කියනවා යැයි කීවේ ඇගේ බොරු කතා පළ කලේ වෙනත් අය පරිද්දෙනි. මේ විරු්ධාභාෂී මාධ්‍ය භාවිතය ගැන කිසිකෙුටවත් ප්‍රශ්ණ කරන්නට සිතුනේ නැත. නරුමවාදය ජීවන භාවිතාව වූ රටක හැමෝම පසුව කියන්නට ගත්තේ අපි ඕක දැනගෙන හිටියා. අපිට වැඩක් නෑනේ යනුවෙනි. කොල්ලු පිටියේ නයි නළගන විවෘත වෙළෙද පොලේ කොටස් ක්‍රමයට අලෙවි කළ සියලු මාධ්‍යයන් ඒ ඔස්සේ තමන්ගේ හිටි සහ ඇඩි වැඩිකර ගත්හ.

    ඇත්තටම කොලුල්පිටියේ රාත්‍රී සමාජ ශාලාවක නළගනක ගේ ජීවිතය කෙබඳුද යන්න ගැන සටහන් කරන්නට මේ මාධ්‍ය වලට නොහැකි වූයේ ඇයි? මේ බොහෝ මාධ්‍ය ආයතන වල මාධ්‍යවෙිදීන්ගේ දහවල සාධූ ජීවිතයට අමතරව රාත්‍රී අශ්ලීල ජීවිතයට පණ පොවන්නේ මේ නළගනන්ය. මිනිසුන්ගේ ජීවිතයේ දවල සහ රාත්‍රී ජීවිත ගැන හොදින් දැන ගන්නට අවශ්‍ය අයට ‛ඩේව්ඩ් ලින්ච්’ ගේ ‛බ්ලූ වෙල්වට්’ ච්ත්‍රපටය නරඹන්නට පුලුවන. මේ ආකාරයෙන් කොළඹ අවට රාත්‍රී සමාජ ශාලාවල නටන දගලන ගොඩක් තරුණියන් ගමෙන් කොළඹ ආ අය බව මේ අය නොදන්නවා වන්නට බැරිය. මෙවැනි තරුණියක් සමග කතා කරන්න විට අපට දැනේනේ ලෝකයේ වෙන්නට තිබෙන සියලුම කරදර මේ තරුණියන්ට සිදුව ඇති බවයි. මේ අයට මාසිකව මෙවැනි සමාජ ශාලා මගින් ගෙවනු ලබන්නේ ඉතා සොච්චම් වැටුපකි. මාසයට පොහොය දිනයත් ඇතුලුව මේ අයට ලබා ගත හැක්කේ දින තුනක නිවාඩුවක් පමණි. මොවුනට වැඩුපර කොමිස් මුදල් ලබා ගන්නට නම් සමාජ ශාලාවට පැමිණෙන පිරිම්න්ව උපරිමයෙන් සතුටට පත් කළ යුතුය. සෑම බිල්පතකින්ම මේ අයට කොමිස් මුදලක් ලබා දෙන අතර මාසිකව අනිවාර්යෙන්ම නියමිත මුදලකට අදාලව බිල්පත් දමන්නට බැරි තරුණියන්ට වැටුප් ලබා නොදෙයි. මේ නිසා මේ තරුණියන්නට පිරිමින් සතුටු කර වැඩිපුර බිල්පත් දමන්නට විවිධ දේ කරන්නට සිදුවෙයි. දිනපතා මත්පැන් පානය කළයුතු අතර කෙතරම් මත්පැන් බීවත් වමනය දමන්නට හෝ වෙරි මත නිසා පිස්සු නටන්නට මේ අයට බැරිය. එහෙම කලොත් පහුවදාට ගෙදරය.

    ගත්තෙ: 3mana.com
     
    • Like
    Reactions: kinkon

    nishuek

    Active member
  • Jul 4, 2010
    534
    171
    43
    Kandy
    මේ ලිපියට නළගනට තවත් නයෙක් කියා නම් කළේ එය දුටු පමණින් ගොඩක් අයට මෙය කියවන්නට හිතෙන නිසාය.