න්‍යෂ්ටික බලය පිළිබඳ අප අතර පවතින මිත්‍යා මත

avjayarathne

Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    oya capacity ekata , ohoma balagarayak maintain karanna man power ekak thiyenvada mey ratey? , lokey godak rataval oken ayin vena eka kranne dan , ratak vidihata apita thiyena hndama option eka sulan , surya , jala viduliya....
    meva nikan 2.50 development surangana katha :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:

    Issella menna mey vagey tv series ekak balal hitapan risk eka therum ganna .......




    ------ Post added on Mar 9, 2022 at 12:50 PM

    me series eka hodaida bn. balanna hithenawa
     
    • Like
    Reactions: NRTG

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,417
    1
    101,326
    113
    34
    Kalutara
    සාමන්යෙන් යුරේනියම් 1 kg ගත්තොත් ලංකාවටම මාසයක් වගේ කරන්ට් එක දෙන්න පුළුවන් . යුරේනියම් එක කිලෝ එකකක ශක්තියන සාමන්‍ය ප්‍රට්‍රොලියම් ඉන්දන 1kg එකක වගේ මිලියන 3 ගුණයක් තියනවා. එකෙන් හිතාගන්න පුළුවන් නේද තත්වේ?
    අපි එකක් හැදුවැයි කියමු. එතකොට ඒකට පිටරටින් අපි මොනවැයි ගන්න ඕන කරන්ට් එක දෙන්න? දැන් ඩීසල් ගල් අඟුරු ගේනව වගේ.
     

    lilman

    Well-known member
  • May 10, 2009
    41,198
    54,976
    113
    Colombo
    තොපි මේකෙ ලියන හෑලි දැකල මයින එකක් හැදුවොත් ගුපියෙක් හරි ජෙප්පෙක් හරි බයියෙක් හරි 225න් එකෙක් හරි ආතල් එකක් දීපු ගමන් ලංකාවෙම උන් එක සැරේ ලෙෆ්ට් :dull:
     
    චනොබෙල් බ්ලාස්ට් උනාම විකිරණ මුළු යුරෝපෙම ගියා. ඕක ලෝකෙට ලීක් උනේ ස්විස්ටර්ලන්ඩ් වල විකිරණ සෙන්සර් එකකට මාට්ටු වෙලා. ඊට පස්සේ තමා සෝවියට් උන් කිව්වේ ඇත්තටම චනොබෙල් ඇක්සිඩන්ට් එකක් උනා කියල. එකේ විකිරණ කාන්දු වෙන එක වලක්වන්න බිලියන යක් වියදම් කරලා කැනපි එකක් ගැහුවා. ඔන්න ඕකයි තත්වේ. ඉතින් ඒ චනොබෙල් අවට හිටිය නගර වල හුගක් අය විකිරණ නිසා මැරුණා හෝ අංගවිකල උනා. ඔයා මේක දැම්මේ උපුටා ගැනීමක් විදිහටනේ. පොඩ්ඩක් බලන්න ජපානේ උන අනතුර සහ චනොබෙල් අනතුර.

    ජපානේ කියන්නේ අකුරටම වැඩ කරන රටක්. උන්ගේ එහෙම දෙයක් උනා කියන්නේ ලංකාව ගැන කතා කරන්න දෙයක් නැ .මේක කරනවා නම් හොදම වැඩක්. එත් මේ වගේ දෙකින් ගසා කන්න ගිහින් හොර පාරෙන් හැදුවොත් බඩුම තමා. මේකේ ඉන්න උන් ඔක්කොම කියන්නේ ඔන්න ඔය අනතුර ගැන. නියුක්ලියර් ප්ලාන්ට් එකක් කියන්නේ නිකන් බිත්තරයක් වගේ. හරිම දෙලිකෙට් විදිහට මොනිටර් කරලා බලාගන්න ඕනේ දෙයක්. ඕවා වමට ගහලා හොර පාරෙන් කරන්න හොද දේවල් නම් නෙමේ

    nice explanation✨

    but small correction... outside USSR, the radiation leak was firstly detected by the radiation sensors of Forsmark Nuclear Power Plant, Sweden.
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,490
    4,509
    113
    දැන් බලපන් මේ ත්‍රෙඩ් එකටම කොච්චර සෘණාත්මක අදහස් තියෙනවාද කියලා. අවුරුදු 100ක් ගියත් මේ රටනම් ගොඩ ගන්නවා බොරු.. අද මොන්ටිසොරියට යන ළමයාගේ ඉඳලා පොසිටිව් මයින්ඩ් සෙට් එකක් හදන්න පුලුවන්නම්.. තව අවුරුදු 150 කින් වගේ ගොඩ යන්න පුලුවන් වෙයි
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    අපි එකක් හැදුවැයි කියමු. එතකොට ඒකට පිටරටින් අපි මොනවැයි ගන්න ඕන කරන්ට් එක දෙන්න? දැන් ඩීසල් ගල් අඟුරු ගේනව වගේ.
    දන්නා තරමින් කියන්නම්. ඔය බුගතව ගන්න උර්නියම් පිරිපහදු කරන්න ඕනේ මුලින්ම. ඒ පිරිපහදු කල ඒවා තව කනිජ එක්ක කලවම් කරනවා යුරේනියම් ප්‍රතිශතය 5% වෙන්න. (100% කිසිම දවසක ගන්නේ නැ . මොකද එහෙම උනොත් බෝම්බයක් වෙනවා). දැන් මේ මිශ්‍රණය අර බෙහෙත් හදනවා වගේ පොඩි පිල් හදාගනන්ව. පහත විදිහට

    1646836591609.png


    දැන් මේ පිල්ල්ස් අරගෙන අසේම්බල් කරලා මේ වගේ පැළට් එකක් හදනවා. මේකේ අර පිල් ගොඩක් තියනවා. දැන් මේ පැළට් එක තමා නියුක්ලියර් රියක්ටර් එකට දාන්නේ. මේ වගේ ඒවා ඩිකේ වෙලා (ඒ කියන්නේ යුරේනියම් අඩු වෙනවා චෙන් රියක්ෂන් එක වෙනකොට ) යුස් කරන්න බැරි උනාම අර බියර් ගහලා ටින් අහක දානෝ වගේ කරන්න බැ . එක්කෝ සැහෙන යටට දාල සිල් කරන්න ඕනේ නැත්නම් වතුර ටැංකි වල ගබඩා කරලා හිට් එක අයින් කරන්න ඕනේ.

    1646836680653.png


    මේ අර හදපු පැලට් රියක්ටර් එක ඇතුලට දානවා.

    1646836721389.png


    මෙන්න මේවා හරියට වෙයිද බන් ලංකාවේ ? එහෙම නැති උනොත් විකිරණ කාන්දු වෙලා සැහෙන හානියක් වෙන්න පුළුවන්
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,417
    1
    101,326
    113
    34
    Kalutara
    දන්නා තරමින් කියන්නම්. ඔය බුගතව ගන්න උර්නියම් පිරිපහදු කරන්න ඕනේ මුලින්ම. ඒ පිරිපහදු කල ඒවා තව කනිජ එක්ක කලවම් කරනවා යුරේනියම් ප්‍රතිශතය 5% වෙන්න. (100% කිසිම දවසක ගන්නේ නැ . මොකද එහෙම උනොත් බෝම්බයක් වෙනවා). දැන් මේ මිශ්‍රණය අර බෙහෙත් හදනවා වගේ පොඩි පිල් හදාගනන්ව. පහත විදිහට

    View attachment 163148

    දැන් මේ පිල්ල්ස් අරගෙන අසේම්බල් කරලා මේ වගේ පැළට් එකක් හදනවා. මේකේ අර පිල් ගොඩක් තියනවා. දැන් මේ පැළට් එක තමා නියුක්ලියර් රියක්ටර් එකට දාන්නේ. මේ වගේ ඒවා ඩිකේ වෙලා (ඒ කියන්නේ යුරේනියම් අඩු වෙනවා චෙන් රියක්ෂන් එක වෙනකොට ) යුස් කරන්න බැරි උනාම අර බියර් ගහලා ටින් අහක දානෝ වගේ කරන්න බැ . එක්කෝ සැහෙන යටට දාල සිල් කරන්න ඕනේ නැත්නම් වතුර ටැංකි වල ගබඩා කරලා හිට් එක අයින් කරන්න ඕනේ.

    View attachment 163149

    මේ අර හදපු පැලට් රියක්ටර් එක ඇතුලට දානවා.

    View attachment 163150

    මෙන්න මේවා හරියට වෙයිද බන් ලංකාවේ ? එහෙම නැති උනොත් විකිරණ කාන්දු වෙලා සැහෙන හානියක් වෙන්න පුළුවන්
    මාසෙකට ඩීසල් හෝ ගල් අඟුරු වලින් කරන්ට් එක හදන්න යන වියදමයි ඔව්වයින් මාසයක් කරන්ට් එක හදන්න වියදමයි බැලුවම ලාභම මොකක්ද? 🤔
     
    • Like
    Reactions: CloudX64

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    මාසෙකට ඩීසල් හෝ ගල් අඟුරු වලින් කරන්ට් එක හදන්න යන වියදමයි ඔව්වයින් මාසයක් කරන්ට් එක හදන්න වියදමයි බැලුවම ලාභම මොකක්ද? 🤔
    මේ වගේ කිලෝ එකක ඉන්දන කිලෝ මිලියන තුනක බලේ තියනවා
    එහෙමත් නැත්නම් උබේ ගෙදරට අවරුදු 70 ක් කරන්ට් එක ගන්න මේ කිලෝ 1.7 කින් පුළුවන්. ඕක තම මිම්ම
    මේ වගේ පැලට් එකක ගාන නම් දන්නේ න. අයිඩියා එකවත් නැ
     

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,817
    17,042
    113
    බලාගාර අනතුරකදි උනත් වෙන්නේ "විකිරණශීලී ද්‍රව්‍ය" යම් ප්‍රමාණයක් පරිසරයට මිදී යාම යි.

    Ethakota chernobyl kathawe une mekane
     

    raaajit

    Well-known member
  • Nov 4, 2007
    833
    996
    93
    dan yanthan bayyo kiyanava vagey electricity, gas , diesel nathiva inna hitinna hari ratak thiyenava .... positive yakka putthu tika ekathu vela ratath nathi karai vagey mevagen :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    වැඩ කරන අයියල ටික පඩි මදි කියලා උද්ගෝෂණයක් කලොත්. කොහොමත් ඕකට පත්වීම් ලැබෙන්නේ කුරුණෑගල අවටින් නේ 😄
     

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113

    1. න්‍යෂ්ටික බලාගාරයක් ඉදි කිරීමට විශාල ඉඩක්, ජනශූන්‍ය ප්‍රදේශයක් අවශ්‍ය වේ.​

    මේක න්‍යෂ්ටික බලය ගැන තියෙන ලොකු සාවද්‍ය මතයක්. සාමාන්‍යයෙන් න්‍යෂ්ටික බලාගාරයක 1000ක විතර සේවක පිරිසක් සේවය කරනවා. ඒ නිසා ඕනෑම බලාගාරයක් ආශ්‍රිතව වෙනම කුඩා නගරයක් ඉදි වීම අනිවාර්යයි. ඒ නැතත්, න්‍යෂ්ටික බලාගාර කියන්නේ ශූන්‍ය විමෝචක බලාගාර නිසා ඒවා නාගරික ප්‍රදේශ වලට ඉතාම හිතකාමියි. ඒක නිසා බොහොමයක් රටවල න්‍යෂ්ටික බලාගාර ඉදි වෙන්නේ නගර ආශ්‍රිතව ම තමයි.

    FB_IMG_1565503675956.jpeg

    අනික න්‍යෂ්ටික බලාගාර අවට ජනශූන්‍ය වීමේ කිසිම අවශ්‍යතාවයක් නෑ. ඒක විකාරයක්. ජපානයේ ඇතැම් න්‍යෂ්ටික බලාගාර වලම තමයි පෙරපාසල් පවත්වාගෙන යන්නේ. ඒ ජනතාවගේ අනිසි බිය නැති කරන්නත් එක්ක.

    ලංකාව න්‍යෂ්ටික බලාගාර හදන්න තරම් ඉඩ මදියි කියන එක අපේ බාගෙට දැනුමැත්තන් නිතර කියන දෙයක්. මේක බොරු. ලංකාව වගේ එකහමාරක් ලොකු දකුණු කොරියාවෙ න්‍යෂ්ටික බලාගාර 21ක් තියෙනවා. ලෝකේ ඉහළම තාක්ෂණික දැවැන්තයෙක් වෙන දකුණු කොරියාව ඒ තත්ත්වය ලඟා කරගත්තේ ඒ දැවැන්ත ස්ථාවර බලශක්ති ප්‍රභව මගින් ලැබුණු පන්නරයෙන්.

    2. න්‍යෂ්ටික බලාගාර, න්‍යෂ්ටික බෝම්බ මෙන්ම පුපුරා යාමේ අවදානමක් ඇත.​

    මේක තමයි ඇත්තටම න්‍යෂ්ටික බලය ගැන තියෙන ලොකුම මිත්‍යාව. මේක සම්පූර්ණයෙන්ම බොරු. න්‍යෂ්ටික බලාගාරයක පාවිච්චි වෙන න්‍යෂ්ටික ඉන්ධන කිසිසේත්ම බොම්බයකට සමාන න්‍යෂ්ටික දාම ප්‍රතික්‍රියාවක් ඇති කරන්න තරම් මට්ටමකට සුපෝෂණය කරලා නෑ. ඒ නිසා කිසිම වෙලාවක න්‍යෂ්ටික බලාගාරයක් න්‍යෂ්ටික බෝම්බයක් වගේ පුපුරලා ලක්ෂ ගානක් මිනිස්සු මැරෙන්නේ නෑ.

    චර්නොබිල්, ෆුකුෂිමා-ඩායිචි වගේ බලාගාර අනතුරු වල උනේ න්‍යෂ්ටික පිපිරීම් නෙමෙයි. න්‍යෂ්ටික බලාගාරයක තියෙන "ප්‍රතිකාරක කුටීරය (Reactor Vessel)" ඇතුලෙ තමයි න්‍යෂ්ටික ප්‍රතික්‍රියාව සිද්ධ වෙන්නේ.

    FB_IMG_1565503669190.jpeg

    මේක බලගැන්වූ මළ නොබැඳෙන වානේ වගේ ඉතා ශක්තිමත් ලෝහයකින් හදන ඝනකම් කුටියක්. මේකට බාහිරින් තියෙනවා "පීඩන කුටීරය (Pressure Vessal)" දැන් මේක හදන්නේ වානේ වළලු සමග ඝන සවිගැන්වූ කොන්ක්‍රීට් වලින්. ඔය මුලින් කී අනතුරු දෙකේදිම උනේ පීඩන කුටීරයේ හයිඩ්‍රජන් වායුව රැස්වීමෙන් පීඩනය වැඩි වෙලා පීඩන කුටීරය පුපුරා ගිය එක. ඒ බලාගාර ඉතා පැරණි තාක්ෂණයේ (දෙවන පරම්පරාවේ) න්‍යෂ්ටික බලාගාර. අද අපි ඉන්නේ හතරවැනි පරම්පරාවේ බලාගාර එක්ක.

    ඒවාගේ තාක්ෂණය සහ සුරක්ෂිතතාව ඉතාම ඉහළයි.ම්උදාහරණයක් විදියට ගත්තොත්, ඉන්දියාවේ කුඩන්කුලම් බලාගාරයේ ප්‍රතිකාරක හරය තියෙන්නේ යෝධ තටාකයක් මත. හදිසි අවස්ථාවකදි ක්ෂණිකව හරය සිසිල් කළ හැකියි.(න්‍යෂ්ටික බලාගාර අනතුරු වලින් අද වෙනකම් ම මැරිලා තියෙන සංඛ්‍යාවට වඩා ප්‍රමාණයක් වාර්ෂිකව එංගලන්තයේ ඇඳෙන් බිමට වැටීමෙන් මිය යන බව කියවෙනවා)

    3. න්‍යෂ්ටික බලාගාරයක් වටා විශාල ඉඩක ජීවත් වීම අවදානම් වේ.​

    මේකත් මෙහි පළමු කරුණ හා බැඳුන තවත් සාවද්‍ය කතාවක්. න්‍යෂ්ටික බලාගාරයක් හදනකොට ඒ අවට කලාප තුනක් අපි වෙන් කරගන්නවා (රූපසටහන බලන්න). ඔය කලාප තුනේම මිනිස්සුන්ට කිසිම ප්‍රශ්නයක් නැතිව ජීවත් වෙන්න පුළුවන්.

    FB_IMG_1565503614942.jpeg

    • බලාගාරයට ආසන්නම කි.මී. 3-5 කලාපය "පූර්ව සූදානම් කලාපය (Precautionary Action Zone)/ PAZ" නමින් හඳුන්වනවා. බරපතල හදිසි අවස්ථාවක දී මිනිසුන් ඉවත් කළ යුතු වෙන්නේ මේ කලාපයේ පමණයි.
    • බලාගාරයේ සිට කි.මී 25 දක්වා කලාපය "හදිසි ආරක්ෂණ කලාපය (Urgent Protective Action Zone)/UPZ" නම් වෙනවා. අනතුරක් උනාම අයඩීන් ප්‍රතිකර්ම ලබාදීම වගේ ඉක්මන් ප්‍රතිඵල වලට ප්‍රතිචාර දැක්වීම මේ කලාපයේ සිදු විය යුතුයි.
    • බලාගාරයේ ඉහත සීම වලින් එපිට කලාපය "දිගුකාලීන ආරක්ෂණ කලාපය (Longer Term Protective Zone)/LPZ" නම් වෙනවා. මේ කලාපයේ හදිසි ප්‍රතිචාර දැක්වීම අවශ්‍ය නෑ. දිගු කාලීනව පරිසරයේ විකිරණශීලිතාව වෙනස් වෙනවද කියන එක අධීක්ෂණය කිරීම කළ යුතුයි. ඉන්දියාවේ කුඩන්කුලම් සහ කල්පාක්කම් බලාගාර අනුව නම් ලංකාව ඉන්නේ LPZ කලාපයේ.

    4. න්‍යෂ්ටික බලාගාර අඩු ප්‍රමිතියෙන් ඉදි කිරීමට අවදානමක් ඇත.​

    මේක දේශපාලනික කතාවක්. ගොඩක් අය හිතනවා යම් යම් සමාජයීය කරුණු නිසා අපි බලාගාරයක් හදන දවසක ඒක නිසි ප්‍රමිතියෙන් සිදු වෙන එකක් නෑ කියලා. මේකත් වැරදියි. ලෝකයේ ඉහළම සුරක්ෂිතතාව සම්බන්ධ නීති තියෙන්නේ න්‍යෂ්ටික බලාගාර වලට. ඒක ජාත්‍යන්තරව පරීක්ෂා කෙරෙන දෙයක්. ඒ කියන්නේ නිකම් කොන්ත්‍රාත්කරුවෙක්ට බලාගාර හදන්න බෑ. ලෝකේ න්‍යෂ්ටික බලාගාර සම්බන්ධ තාක්ෂණික දැනුම තියෙන ආයතන අතලොස්සයි තියෙන්නේ. ජපානයේ මිට්සුබිෂි, ප්‍රංශයේ අරේවා, ඇමරිකාවේ GE, රුසියාවේ ROSATOM වගේ. ඒ හින්දා අපි බලාගාරයක් හැදුවත් හදන්න වෙන්නේ මේ ආයතන හරහා.

    ලෝකේ ඕනෙම තැනක න්‍යෂ්ටික බලාගාරයක් හදනවා නම්, ක්‍රියාත්මක වෙනවා නම් හෝ න්‍යෂ්ටික ඉන්ධන සම්බන්ධ කටයුත්තක් වෙනවා නම් ඒක අන්තර්ජාතික පරමාණුක ශක්ති නියෝජිතායතනයේ ඍජු අධීක්ෂණය යටතේ සිදු විය යුතුයි. හැම බලාගාරයක් ම ත් වාර්ෂිකව අන්තර්ජාතික කමිටුවක් මගින් ඇගැයීමට ලක් වෙනවා. ඇගැයීම අසමත් වෙන බලාගාර වලට ක්‍රියාත්මක වීම සඳහා අවසර ලැබෙන්නේ නෑ.

    5. න්‍යෂ්ටික බලාගාර වලින් විකිරණ කාන්දු විය හැකියි.​

    මේක විකිරණ කියන්නේ මොනවද කියලා නොදන්න නිසා කියන කතාවක්. න්‍යෂ්ටික බලාගාර වලින් කිසිසේත්ම විකිරණ කාන්දුවක් සිද්ධ වෙන්නේ නෑ. බලාගාර අනතුරකදි උනත් වෙන්නේ "විකිරණශීලී ද්‍රව්‍ය" යම් ප්‍රමාණයක් පරිසරයට මිදී යාම යි.

    6. න්‍යෂ්ටික බලාගාර වල උත්පාදනය වෙන අපද්‍රව්‍ය මුහුදේ ගිල්ලවනු ලැබේ.​

    මේකත් වැරදියි. න්‍යෂ්ටික බලාගාර සම්බන්ධයෙන් තියෙනවා වගේම නීති රෙගුලාසි මාලාවක් න්‍යෂ්ටික ඉන්ධන සම්බන්ධයෙනුත් තියෙනවා. කිසිම බලාගාරයකට න්‍යෂ්ටික ඉන්ධන අපද්‍රව්‍ය හිතුමනාපෙ පරිසරයට නිදහස් කරන්න බෑ. මේ ඉන්ධන පිරිසිදු කරලා ඉතා ඉහළ තත්ත්වයේ ආරක්ෂණ ක්‍රමවේද යටතේ පොළව යට ගබඩා කිරීම සිද්ධ වෙනවා. අළුත්ම න්‍යෂ්ටික බලාගාර වල මේ ඉන්ධන අපද්‍රව්‍ය වල තියෙන ශක්තියත් නැවත භාවිතා කිරීමේ හැකියාවක් ඇති නිසා මේ ප්‍රශ්නය තව වැඩි කාලයක් තියෙන එකක් නෑ.


    SOURCE - https://androidwedakarayo.com/myths-about-nuclear-power-plants/
    Bullshit , which chinese Nuclear Plant build by GE Mitsubishi or any other in here ?
     

    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,961
    16,990
    113
    Colombo
    බලාගාර අනතුරකදි උනත් වෙන්නේ "විකිරණශීලී ද්‍රව්‍ය" යම් ප්‍රමාණයක් පරිසරයට මිදී යාම යි.

    Ethakota chernobyl kathawe une mekane
    මචං chernobyl series එක බැලුවෙ නැත්තන් මේක කියවන්න.

    චර්නොබිල් වල එදා ඇත්තටම මොකද වුණේ? (පළමු කොටස)​

    https://androidwedakarayo.com/what-happened-in-chernobyl-part-1/

    චර්නොබිල් වල එදා ඇත්තටම මොකද වුණේ? (දෙවන කොටස)​

    https://androidwedakarayo.com/what-happened-in-chernobyl-part-2/

    ශ්‍රී ලංකාවට ලඟම න්‍යෂ්ටික බලාගාරය අපිට තර්ජනයක්ද?​

    https://androidwedakarayo.com/sri-lanka-under-the-nuclear-shadow/
     
    • Like
    Reactions: NRTG and TCB Rox