ලයිට් ගියේ ඇයි?🤔🤔

IMUNA

Well-known member
  • Feb 16, 2012
    1,903
    3,244
    113
    🤔🤔🤔ලයිට් ගියේ ඇයි?🤔🤔

    ලංකා විදුලි බල මණ්ඩලයේ පද්ධති පාලන මැදිරිය. සිංහලෙන් කිව්වොත් System Control Centre එක. ලංකාවේ මෙගාවොට් 10ට වැඩි හැම බලාගාරයක්ම සහ කිලෝවොට් 132 සහ 220 ප්‍රමාණයේ අධි බල විදුලි සම්ප්‍රේෂණ පද්ධතිය පාලනය සහ නිරීක්ෂණය කරන්නෙ මෙතැන් සිට. ඕගොල්ලො දන්නව විදුලිය කියන්නේ දවස පුරාම විචලනය වෙන ඉල්ලුමක් සහිත දෙයක්. ඒ වගේම ඒක Real Time System එකක්. ඒ කියන්නේ ඉල්ලුම සහ සැපයුම සැමවිටම බැලන්ස් වෙන්න ඕන. නැත්තම් පද්ධතියට හානි වෙනව සහ බිඳවැටෙනව. ඉතින් මේ ඉල්ලුම සහ සැපයුම බැලන්ස් කරන්න විදුලි බලාගාර පද්ධතියට එකතු කරන්න සහ ඉවත් කරන්න බලය තියෙන්නේ මෙතැනට.

    ඊළග ගැටලුව කොහොමද හරියට ඉල්ලුම සහ සැපයුම ගැලපෙනවද කියල දැනගන්නෙ. විදුලියේ ආකාර දෙකක් තියෙනවා. එකක් සරල ධාරා (DC) සහ ප්‍රත්‍යාවර්ත ධාරා (AC). ජාලගත විදුලි පද්ධතියක තියෙන්නේ AC විදුලිය. මේ ධාරාව දෝලනය වෙනව. ඒ තප්පරයට වට 50ක වේගයෙන්. නැත්තම් හර්ට්ස් 50ක සංඛ්‍යාතයෙන්. ඉතින් පද්ධතියේ ඉල්ලුම සහ සැපයුම හරියටම ගැලපෙනවා නම් සංඛ්‍යාතය 50Hz වෙන්න ඕන. 50ට අඩු නම් ඉල්ලුමට වඩා සැපයුම අඩුයි. 50ට වැඩි නම් ඉල්ලුමට වඩා වැඩිපුර සැපයුම තියෙනවා. පද්ධති පාලකවරු මේ අගය ගැන ඇහැ ගහගෙන ඉන්නෙ පැය 24 පුරාම. ඕක 49.5 - 50.5ට අතර පවත්වා ගන්න ඕන ලංකාවේ සම්මතයන්ට අනුව.

    ඉතින් මේක පාලනය කරන්නෙ කොහොමද? ඒක කරනව ක්‍රම දෙකකට. කෙටි කාලීනව සහ දිගු කාලීනව. හිතන්න දවල් කාලයේ ඉල්ලුම මෙගාවොට් 1000යි. විවිධ තැන්වල
    විදුලි යන්ත්‍ර පණගන්වන / ක්‍රියාවිරහිත කරන නිසා මේක 950 - 1050 අතර විචලනය වෙන්න පුළුවන් (මේ පරාසය එතන ඉංජිනේරුවො අත්දැකීමෙන් දන්නව). ඉතින් ඒ නිසා කරන්නෙ මෙගාවොට් 900ක් විතර විවිධ බලාගර වලින් ගන්නව. ඒ හැමෝම තමන්ගෙ සැපයුම නියතව තියාගන්නව. ඉතිරි ටික පාලනය කරන්න ගන්නව එක් බලාගාරයක්. එයාට කියන්නේ Frequency Controlling Machine කියල. අපි හිතමු මෙයාගේ ධාරිතාව මෙගාවොට් 200යි කියල. එතකොට එයාට පුළුවන් සම්පූර්ණ ඉල්ලුම 900 සිට 1100 දක්වා විචලනයකට මූණ දෙන්න එයාගේ සැපයුම වෙනස් කරමින්. ඒක කරන්නෙ අර කලින් කියපු සංඛ්‍යාතය වෙනස් වෙන දිහා බලාගෙන (දැන් නම් මේවා ස්වයංක්‍රීයව කෙරෙන්නෙ). ඒත් හවස් වෙද්දි මිනිස්සු විදුලි පහන් දල්වනකොට, ටෙලිනාට්‍ය බලන්න ගන්නකොට ඉල්ලුම එක පාරට වැඩි වෙනව. එතකොට දෙවෙනි ක්‍රමයට යනව. පද්ධති පාලකවරු විවිධ බලාගාර වලට කතා කරල කියනව ඔයා දැන් මෙච්චරක් දෙන්න කියල. එතකොට ඒ යන්ත්‍ර පණගැන්වෙනව. ඒ වැඩි වෙන සැපයුම සහ වැඩි වෙන ඉල්ලුම අතර වෙනසක් වෙනව නම් අර කලින් කියපු පාලක යන්ත්‍රයේ අවුට්පුට් එක වෙනස් කිරීමෙන් බැලන්ස් කරනවා.

    අද උනේ මොකද? අද වුණේ විරල සිද්ධියක්. ප්‍රධාන මෙහෙයුම් පද්ධතියේ ඇති වුන අසමතුලිකතාවයක් නිසා සිස්ටම් එකම පාලනයෙන් ගිලිහෙනව. එතකොට ඒ මුළු සැපයුමම පද්ධතියට නැතිවෙනව. ඒ ප්‍රමාණයේ අඩුවීමක් පද්ධතියට දරන්න බෑ. ඒකට ප්‍රතික්‍රියා කරන්න කාලයක් නෑ. ඉතා ක්ෂණිකව වෙන දෙයක්. වෙන බලාගාරයකින් ඒ අඩුව සපුරන්න බෑ. එතකොට වෙන්නෙ අර 49.5ට උඩින් තියාගෙන ඉන්න ඕන එක 48, 47, 46, 45 වගේ බැහැගෙන යනව. ඔහොම බහිද්දි පද්ධතියේම ආරක්ෂාව වෙනුවෙන් සියලුම යන්ත්‍ර ඉබේම අක්‍රීය වෙනවා. දැන් සේරම නිහඬයි. බලාගාර වල පවා දැන් වැඩ කටයුතු කරන්නෙ ඒවයේ තියෙන හදිසි ඩීසල් ජනක යන්ත්‍ර වලින්. මේ බිඳිල විසිරිලා ගිය පද්ධතිය නැවත සංයමයෙන් අමුණන්න ඕන, අර බැලන්ස් එකත් තියාගෙන. නැත්තම් කොච්චර කලත් ආයෙ බිඳවැටෙව. මේක ලේසි කටයුත්තක් නෙවෙයි. දැන් වෙන්නෙ ඒක.

    මම මේ කිව්වේ බොහෝම සරලව විදුලි පද්ධතියක වෙන දේ. සමහරු කොච්චර විශේෂඥ මත පලකරත් බැටරියකට වයර් කෑල්ලක් අමුණල බල්බ් එකක් පත්තු කරනවා වගේ නෙවෙයි රටකට විදුලිය දෙන එක. ඒක දන්නෙ ඒකෙ නියැලෙන අයම තමා. කොටින්ම මම දන්නෙත් බොහෝම පොඩ්ඩයි.

    ස්තූතියි 🙏🙏🙏
     

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,945
    113
    ටොනේඩෝ ඇවිල්ල ග්‍රිඩ් එකේ කෑලි පිටින් කඩාගෙන යන රටවල ලස්සනට බැලන්ස් කරනවා. ලංකාවේ එවුන්ට නිදහසට කාරනා ඕන තරම් තියනවා. වැඩේ තමයි කරගන්න බැරි :lol: 🤌
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,144
    1
    100,898
    113
    34
    Kalutara
    ඕක දැන් අවුරුදු බර ගානක් තිස්සෙ ශෙයාර් වෙනවා. අනුර ඇවිල්ලත් ශෙයාර් වෙනවා කියන්නෙ තව අවුරුදු 50කටත් එහාට ශෙයාර් වෙයි වගේ..
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,250
    36,305
    113
    කෑගල්ල
    ප්‍රධාන මෙහෙයුම් පධතියෙ අසමතුලිකතාවයක් ඇති වෙන්න හේතුවත් කියපන් මචන්
    එක පැත්තකට වදුරෙක් පැනලා කීවා නේද? බර වෙනස් වෙන්න ඇති
     

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,338
    6,518
    113
    රටම එක පාර අක්‍රිය නොවන ආකාරයටයි ඕක සැලසුම් කරන්න ඕන.
     
    • Like
    Reactions: Asmodeus

    pramodh87

    Well-known member
  • Oct 11, 2007
    3,862
    10,081
    113
    aF8298fk.jpg
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,046
    46,523
    113
    ඕක කුමන්ත්‍රණයක් නම් ඒකේ පිටිපස්සේ ඉන්නේ මෙන්න මූ..නේපාලය, බංග්ලාදේශය ට වෙලා තියෙන දේ හොයලා බලන්න මූ නිසා..මූට ඕන ඒකම ලංකාවටත් කරන්න..රනිල් දිනනකන් ඉන්දියාව පුල පුලා බලන් හිටියේ ඒකට තමා..අපේ රටේ බලය නැතුව හිඟා කකා ඉන්න විපක්ෂයෙ ඉන්න ගොබ්බ රැළත් මූට ඒක කරලම දෙයි වගේ මේ යන විදිහට..

    gautam-adani.jpg

    8inEi2r.jpeg
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,569
    14,444
    113
    ලයිට් ගියා කියලා කිව්වා ගමන්ම මට හිතුනා මොකෙක් හරි මල් පොන්නයෙක් මේක ආයි රීපෝස්ට් දාලා ඇති කියලා
     

    elakiri_boy_22

    Well-known member
  • Oct 2, 2022
    1,893
    2,924
    113
    ටොනේඩෝ ඇවිල්ල ග්‍රිඩ් එකේ කෑලි පිටින් කඩාගෙන යන රටවල ලස්සනට බැලන්ස් කරනවා. ලංකාවේ එවුන්ට නිදහසට කාරනා ඕන තරම් තියනවා. වැඩේ තමයි කරගන්න බැරි :lol: 🤌
    ඒ රටවල grid design කරල තියෙන්නෙ ලංකාව වගේ එක සිස්ටම් එකකට නෙමේ. එහෙම බලාගරයකටම කෙල වෙලා grid එක unbalance වෙද්දි ඒ රටවලත් ලොකු ඒරියා එකක බිද වැටීමක් වෙනවා. හැබැයි සම්පූර්න රටේම යන්නෙ නෑ. උදා: ඉන්දියාව
     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,255
    26,709
    113
    Kandy
    ඕක කුමන්ත්‍රණයක් නම් ඒකේ පිටිපස්සේ ඉන්නේ මෙන්න මූ..නේපාලය, බංග්ලාදේශය ට වෙලා තියෙන දේ හොයලා බලන්න මූ නිසා..මූට ඕන ඒකම ලංකාවටත් කරන්න..රනිල් දිනනකන් ඉන්දියාව පුල පුලා බලන් හිටියේ ඒකට තමා..අපේ රටේ බලය නැතුව හිඟා කකා ඉන්න විපක්ෂයෙ ඉන්න ගොබ්බ රැළත් මූට ඒක කරලම දෙයි වගේ මේ යන විදිහට..

    gautam-adani.jpg

    8inEi2r.jpeg
    පල්කි එහෙම රනිලට කඩේ ගිය තරම්
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,528
    28,352
    113
    හැමදාම කොහේ හරි පොඩි breakdown එකකින් මුළු රටම power outage එකක් උනහම CEB engineers තක්කඩි ඔය හැල්ල වටේ යවනවා. ඔය technical details සාමාන්‍ය මිනිස්සුන්ට වැඩක් නැහැ මොකද අපි ගිහින් ඔවා හදන්නද . CEB එකේ meter reader ගේ ඉඳන් ලක්ෂ ගණන් පඩි ගන්නේ ඕවා හරියට හදන්න තමයි ලෝකේ අනිත් රටවල වගේ. :lol:
     
    • Like
    Reactions: johnferna678