නගානන්ද නාගන්නේ නැති බව මට විශ්වාසයෙන් කිව හැකියි. ඊට අදාල පැහැදිලි කිරීම් දැනට අනවශ්‍යයයි සිතමි. මන්ද ඉදිරියේදී සිදුවන්නට නියමිත විශේෂ සිද්ධි වල විශ්මය ඔබලාට අත්විඳීමට අවස්ථාව සලසා දීම වඩා සුදුසු බව හැඟේ.
නගානන්ද මහතා ජනාධිපති අපේක්ෂකයෙක් විදිහට මැතිවරණයට ඉදිරිපත් නොවන බව එතුමා විසින්ම කියා තිබෙනවා මම අසා ඇති ආකාරයට. එතුමා රටට ඉදිරිපත් කරන්නේ අලුත් ව්‍යවස්ථාවක්, එතුමා මිනිස්සුන්ට කියන්නේ චන්දය දීමෙන් එම ව්‍යවස්ථාව අනුමත කරන්න කියාය. එවන් ජනවරමක් ලැබුනොත් එක ස්වාභාවිකවම ජනමත විචාරණයකින් ව්‍යවස්ථාව අනුමත වීමක් වනවා. පරමාධිපත්‍ය සතු පුරවැසියාට මිසක විධායකයට, ව්‍යවස්ථාදායකයට, අධිකරණයට හෝ ව්‍යවස්ථාවට නොවන බව මතක තබා ගන්න. පවතින ව්‍යවස්ථාව කුමක් වුවත් පරමාධිපත්‍ය බලය සතු පුරවැසියා අනුමත කරන ව්‍යවස්ථාව තමයි එතැන් සිට බලාත්මක වෙන්නේ. පරණ ඒවගෙන් වැඩක් නැති වෙනවා.
ඉදින් ඔය කියන ආකාරයේ නාගැනීමක් කොහොමත් නැහැ. අනෙක් අතට නාගනන්ද මෝඩයෙක්, බබෙක් නොවෙයිනේ එතුමා ජ්‍යෙෂ්ඨ නීති වෙදියෙක්නේ, එතුමා රටේ මුලික නිතිය වන ව්‍යවස්ථාව දන්නේ නැහැයි කීම බොරුවක්. එහෙම වුනොත් එතුමාට අධිකරණයේ කටයුතු කරන්න බැරි වෙනවනේ නේද. එතුමා ගෙනෙන වැඩ පිළිවෙල ජනතාව අනුමත කළහොත් ඉන් එහාට කිසිම බධාවක් වෙන්නේ නැහැ එම වැඩ පිළිවෙල ක්‍රියාත්මක කරන්න.
ඒ නිසා මම කියන්නේ දැන් වගකීම තියෙන්නේ මිනිස්සු අතේ. මිනිස්සු හිතන්න ඕනි රටක් විදිහට අපිට ඇත්තටම මේ මොහොතේ අත්‍යවශ්‍යය කුමක්ද කියල. එහෙම හිතලා ඒ අවශ්‍යතාවය වෙනුවෙන් තමුන්ගේ පරමාධිපත්‍යය බලය භාවිතා කරලා මෙතුමා ගෙනෙන වැඩ පිළිවෙල අනුමත කරන්න එකතු වෙන්න ඕන. එහෙම තීරණයක් මිනිස්සු ගත්තොත් එදාට මේ රට ගොඩ දාන වැඩ පිළිවෙල ක්‍රියාත්මක කරන්න පුළුවන් බව මිනිස්සු විශ්වාස කරන්න ඕනි.
මිනිස්සුන්ට වෙලා තියෙන්නේ මිනිස්සු දන්නේ නැහැ තමුන් සතු පරමාධිපත්‍යය බලයේ සත්‍යය බලය කොපමනද කියලා. මේ වගේ බොරු ප්‍රචාර තර්ක වලට නොරැවටී බුද්ධිමත්ව විමසා බැලීමකින් පසුව තීරණ ගන්න පුරුදු වෙනවනම් හොඳයි.
uba hari machan

