නාගනන්ද_නාගනිද
ඔය කොච්චර කයිය ගැහැව්වත් නගානන්ද බ්‍රිතාන්‍ය පුරවැසියෙක්. එයාගේ පවුල ඉන්නේ එහෙ.අනික මෙහා හිතං ඉන්නේ තාම ලංකාවේ ජනාධිපතිධුරය කියන්නේ මහින්ද හිටපු කාලේ වගේ පවර්ස් තියෙන එකක් කියලා. මෙයා දන්නේ නෑ දැන් මේ මයිත්රීට වඩා පඹයෙක් වෙන ජනාධිපතිකමකටයි මෙයා තරග කරන්න ඉන්නේ කියලා.
ඊලග ජනාධිපතිට අවශ්‍ය විටක පාර්ලිමේන්තුව විසුරුවා හැරිය නොහැකිවීම, අග්‍රාමාත්‍යවරයාව ඉවත් කළ නොහැකිවීම, ඇමති මණ්ඩලය පත්කිරීම හා වෙනස් කළ නොහැකිවීම, ඇමති ධුර දැරිය නොහැකිවීම ආදී විධායක බලතල ගොඩක් ඇත්තේ නැහැ.ගොඩක් අය තාම හිතන්නේ ජනාධිපතිධුරයට බලතල තියෙනවා කියලා. ඒ ඔක්කොම මයිත්රීගෙන් පස්සේ ඉවරයි. එහෙම තමයි 19 වැනි සංශෝධනයේ තියෙන්නේ.
මේ මනුස්සයා මේ කියන දේවල් මොනවත් කරන්න බලතල ඊලග ජනාධිපතිට නෑ. වික්ටර් අයිවන් ගිය සතියේ රාවය පත්තරේ මේක දාලා තිබ්බ.
කැමති නං ඒ ලිපිය කියවන්න.
..
නව ජනාධිපතිවරයකු තේරී පත්වුවහොත් ඔහු තේරී පත්වන්නේ මුළු රටම ඡන්ද කොට්ඨාසයක් බවට පත්කර ගනිමින් පැවැත්වෙන ජනාධිපතිවරණයකින් වුවද ඔහුට හිමිවන්නේ විධායක ජනාධිපතිවරයකුගේ බලතල නොව නාමමාත්රික ජනාධිපතිවරයකුගේ බලතලය. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ කාලයේදී මේ වෙනස බරපතළ ලෙස පෙනෙන්නට නොතිබුණේ ඔහු තනතුරට තේරී පත්වූයේ විධායක බලය සහිත ජනාධිපතිවරයකු වශයෙන් නිසාය. 19 වැනි සංශෝධනයෙන් විධායක බලතල නමැති තටු කපා හැරීමක් සිදුවුවද යහපාලන ආණ්ඩුව ජනාධිපතිවරයාට මුළුමනින් නොවෙතත් කිසියම් ප්‍රමාණයකට පරණ බලතල භුක්ති විඳින්නට ඉඩ දුන්නේය. ජනාධිපතිවරයා ව්‍යවස්ථානුකූලව කරන්නට බැරි දේවල් කරන විටත් විරුද්ධත්වයක් පළකිරීමකින් තොරව ඒවා කරන්නට ඉඩදී අගමැතිවරයා බලා සිටියේය. පළමු ධුර කාලය සඳහා පමණක් ජනාධිපතිවරයාට මහවැලි අමාත්‍යාංශයද තමන් යටතේ තබා ගන්නට ව්‍යවස්ථාවෙන්ම ඉඩදී තිබුණේය. ඒ නිසා මහජනයාට මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා නාමමාත්රික ජනාධිපතිවරයකු ලෙස නොපෙනුණේය. ඒ නිසා පරණ ජනාධිපතිට හිමි මහේශාඛ්‍ය පෙනුම මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාටද පවත්වාගෙන යෑමට පුළුවන්කම ලැබී තිබුණේය.
එහෙත් ඒ සියල්ල අලුතෙන් තේරී පත්වන ජනාධිපතිවරයාගෙන් අවසන්වීමට නියමිතය. තමන්ට හිමි නියම බලතල මොනවාදැයි සොයා බලන්නට තේරී පත්වන නව ජනාධිපතිවරයාට සිදුවනු ඇත්තේය. ජනාධිපතිවරයා සතු බලතල මොනවාද යනුවෙන් විග්රහ කරන්නට අධිකරණයටද සිදුවනු ඇත්තේය. තමන් තරග කළේ විධායක බලතල සහිත ජනාධිපති ධුරයක් සඳහා වුවත් තමන්ට ලැබී ඇත්තේ විධායක බලතල රකින නාමමාත්රික ජනාධිපති ධුරයක් බව තේරීපත්වූ ජනාධිපතිවරයා සමහරවිට පළමුවරට තේරුම් ගනු ඇත්තේ පදවිප්රාප්තියට පසුවය. එය හරියටම පාර්ලිමේන්තු මන්ත්‍රීකමක් සදහා (M.P.) සඳහා තරග කොට ජයගත් පුද්ගලයකුට සාම විනිසුරුකමක් (J.P.) ලැබීම හා සමානය.
යථාර්ථය තේරුම් ගැනීම
ඊළඟට තේරී පත්වන ජනාධිපතිවරයා විධායක බලතල සහිත ජනාධිපතිවරයකු නොව නාමමාත්රික ජනාධිපතිවරයෙකි. ඔහුට වහාම පාර්ලිමේන්තුව විසුරුවා හැරිය නොහැකිය. අගමැතිවරයා වෙනස් කළ නොහැකිය. ඇමති මණ්ඩලයද වෙනස් කළ නොහැකිය. දැන් පවතින ජනාධිපති ධුරයේ නියම තත්ත්වය තේරුම් නොගෙන ජනාධිපති ධුරයට තේරී පත්වන පුද්ගලයකු තමන්ට ලැබී තිබෙන්නේ විධායක බලය ඇති ජනාධිපති ධුරයක් නොව නාමමාත්රික ජනාධිපති ධුරයක් බව තේරුම් ගත් විට එය දරාගත නොහැකිවී ඒ නිසා ඇති කරගත් කම්පනයෙන් සමහරවිට මරණයට පවා පත්විය හැකිය. නැතිනම් පිස්සකුගේ තත්ත්වයකට පත්විය හැකිය.
සියලු ජනාධිපති අපේක්ෂකයන් සිටින්නේ යථාර්ථවාදී ලෝකයක නොව, මනෝරාජික ලෝකයකය. එය වඩාත්ම අදාළවන්නේ ජනාධිපති ධුරයට තරග කරන්නට අපේක්ෂා කරන ගෝඨාභය, නාගානන්ද, පල්ලෙවත්ත වැනි නවකයන්ටය. ඒ සියලුදෙනා ජනාධිපති ධුරයට තේරී පත්වීමෙන් පසුව කරන්නට යන දේවල් පිළිබඳව ඔවුන් කියන ලස්සන සුරංගනා කතා දෙස බලන විට පැහැදිලිවම පෙනෙන්නේ ඔවුන් ජනාධිපතිවරණයක් සඳහා කල්තියා අමුඩ ගසාගෙන සිටියද 19 වැනි සංශෝධනය විසින් ජනාධිපතිවරයාගේ තටු කපා ඔහු විධායක බලය රහිත ජනාධිපතිවරයකු බවට පත්කර තිබෙන්නේය යන කටුක යථාර්ථය තේරුම් ගැනීමට ඔවුන් අසමත්ව තිබෙන බවය. ඒ මූලික සරල දේ ගැනවත් හරි අවබෝධයක් නැති කෙනකු රට ගලවා ගන්නේ කෙසේද?
ගැලවීම ඇත්තේ කොතැනද?-වික්ටර් අයිවන්-රාවය