නාගරික හරිතකරණය
පොඩි මතක් කිරීමක් කරමමු ‘නාගරික හරිතකරණය කියන්නේ, නාගරික ප්‍රජාව පූර්ණ සහභාගිත්වය සහ මෙහෙයවීම යටතේ නගර වලින් පරිසරයට බැහැර කරන කසළ අවම වන විදිහට කළමනාකරණය කරල, ඒ අනුසාරයෙන්ම, නගර තුළම සෞඛ්‍යාරක්ෂිත ලෙස ආහාර බෝග වගා කරල, ප්‍රජාව තුළින්ම ඒ සදහා වෙළඳ පොළක් ඇතිකරලීමට හෝ බෙදා හදා ගැනීමට කටයුතු කිරීම’
ඒ අනුව මීළගට මෙතෙන්ට අනුබද්ධ කළේ කසළ කළමනාකරණය. ඒ උනාට මේ ව්‍යපෘතිය නැවත කරනවනම් පටන් ගන්න ඕනෑ මෙතනින්. ලංකාවේ නාගරික කසල වල විශේෂත්වය තමයි හැම නගරයකම වාගේ 80% කටත් වැඩිය තියෙන්නේ දිරන ද්‍රවය. ඔය දාවුණු රටවල් ඒකෙ විරුද්ධ පැත්ත. ජපානයේ වගේ දිරන ද්‍රවය 15% ක් විතර. අපි හැමෝම දන්න 3R හෙවත් (reduce, reuse recycle) කසළ අපහරනය අවම කිරීම, හැකි තරම් නැවත පරිහරණය කිරීම සහ ප්‍රතිජීවීකරනය කියන වැඩ පිළිවෙලේ ප්‍රධාන උපාය මාර්ගය තමයි කොම්පෝස්ට් හැදීම. එයට හේතුව තමයි මම ඉහත කියු ලංකාවේ කසළ සංයුතිය. ඒකයි කොම්පෝස්ට් හැදීම ලංකාවට ලාබ දායීම කසළ කළමනාකරණ ක්‍රමය වෙලා තියෙන්නේ. ඒත් අද දේශපාලකයො මේක බයිට් එකට තියාගෙන ඉන්නවා විසදන්නේ නැතුව. ඇයි ව්‍යාපෘති කරන්න එන සුද්දන්ට පෙන්න පෙන්නා ඉන්න. ඉතින් මේ ගැනත් ලස්සනය කතා කියනවා. එකක් කියන්නම්. නුවරඑළිය නගරයේ ඕක ක්‍රියාත්මක කරන්න කියල 1996 විතර (මතක හැටියට) ක්‍රියාත්මක කලා කාබනික පොහොර හදන්න ව්‍යාපෘතියක්. මිලියන 5 ක් විතර ADB ප්‍රදානයක්. පරිසර වාර්තා මොනවත් නෑ. ගෙවල් මණ්ඩියක් ලග. ඒ මදිවට ජලධාරා රක්ෂිත. කුණු ගෙනිහිල්ලා දැම්මා. එතන ගිහින් තෝරලා compost කරන්න. දවස් දෙකයි දැම්මෙ මුළු පලාතම මැස්සන්ගෙන් පිරුනා. ලොකු කලබැගෑනියක් වුනා. මුළු මුදළම වතුරේ. ඔය වගේ ඒවා අනංත තියනවා. ලංකාවට ඔබින්නෙ විශේෂයෙන් පිට පලාත්වල නගර වලට සුදුසුම ක්‍රමය තමයි source separation කියන ක්‍රමය. ඒ කීවේ ගෙදරදීම කසළ තෝරලා වෙන් වෙන් වශයෙන් එකතු කිරීම.
මීටත් එහා ගිය සාර්ථක ක්‍රමයක් ක්‍රියාත්මක කරපු ආයතනයක් තමයි අපේ ප්‍රධාන හවුල් කරු ‘සේවනත’ ආයතනය. සෙවනත ආයතනයේ මෙහෙය වීමෙන් ඒක් එක් නගරවල ඒ වෙනවිටත් යම් යම් කසල කළමනාකරණ වැඩසටහන් ක්‍රියාත්මක වෙමින් තිබුණා. ඒත් ලොකු උපකාරයක් උනා මේ වැඩසටහන ක්‍රියාත්මක කරන්න. එහි ප්‍රධානම අංගය වුනේ ‘කසළ කළමනාකරණ බඳුන්’ ව්‍යාපෘතියයි. ඒක නිවසක අප ද්‍රව්‍ය වලට ප්‍රමාණවත් කොන්ක්‍රීට් බඳූනක් එම නිවසේ කොම්පෝස්ට් පොහොර අවශ්‍යතාවය සපුරනවා. නාගරික කුඩා ඉඩම් සදහා මෙය ඉතාම සුදුසු හුරුබුහුටි බඳුනක්. හැබැයි කසළ ඉතා ප්‍රවේශමෙන් තෝරා ගත් යුතු වෙනවා. පොලිතීන් සහ අනෙකුත් නොදිරන සහ ප්‍රතිචක්‍රීයකරණය කළහැකි ද්‍රව්‍ය වෙනම එක්රැස් කළ යුතු වෙනවා. ඒ වන විට මෙම බඳුන් සාදන වැඩ පල තිබුණේ කොළඹ වන අතර කොළඹ සිට මෙම බඳුන් ප්‍රවාහනය කිරීමට සිදු වුනා. මෙම ව්‍යාපෘතිය යටතේ අපිට හැකි වුනා මෙම කොම්පෝස්ට් බඳුන් ප්‍රාදේශීයව නිපදවන මධ්‍යස්ථාන කීපයක් ආරම්භ කිරීමට.
මෙම බඳුනට එක නිවසක එකතුවන දිරන ද්‍රව්‍ය දමා මාස තුනක් හතරක් යනකොට පහළම ස්ථරය කොම්පෝස්ට් විදිහට ගන්න පුළුවන්. ගෙදර එකතුවන කොළ අතු දැම්මොත් ගුණාත්මක භාවය වැඩි කරන්න පුළුවන්. ගිනි සීරියා ගහක් දෙකක් හැදුවත් නමක් නැහැ ඒ සදහා. මේ බඳුනේ තියනවා පහළ පොඩි කවුළුවක් දිරන කොම්පෝස්ට් එළියට ගන්න. මේ ක්‍රමය අපේ නියමු ව්‍යාපෘති වල හොඳින් ක්‍රියාත්මක වුනා. මේක අපේ පිට පලාත්වල බොහොම හොඳින් වැඩ කරන ක්‍රමයක්. ඊට පස්සේ ඉතුරු වෙන්නෙ මුදල් කරන්න පුළුවන් ප්‍රතිජීවීකරනය කල හැකි අප ද්‍රව්‍ය විතරයි. අවම කරණය යටත් අපි පොලිතින් භාවිතය අවම කලොත් ‘සීරෝ ගාබේජ්’ කියන ඉලක්කයට පවා යන්න පුළුවන්. හැබැයි ඔය සේරම කරන්න තියෙන්න ඕනැ ප්‍රධානම අංගය තමයි ප්‍රජාව සංවිධානය වීම.
https://www.facebook.com/sumanawije