rawatenna epa...2015 th kare okane..hondema hora thorela aragattane![]()

මිනිහගේ සාකච්චාවලදි වෙන කාගෙටවත් මතයකට ඉඩක් නැහැ. මිනිහා කියන එක අනිත් අය අහන් ඉදලා අනුමත කරන්න ඕන. ඉතිං එහෙව් එකෙක්ගෙන් සාධාරණක් බලපොරොත්තු වෙන්න පුලුවන්ද?
මේ සියලු කරුනු වලට සජිවී සාක්ෂි අප සතු බවද මතක තබාගන්න
sakshi ekka daanna kypn gono
ඔය ඵක ඵකාට පුක දෙන වෙලාවෙ මේ වගේ වැඩක් වත් කරොත් මොකෑ සිංහලයෝ..

මූ හෙන පොයි ටෝක් කාරයෙක් කියල කතාවෙන්ම පේනවා....
same as you
දින්නත් නැතත් අපි එක විස්වාසෙන් නාගානන්ද ඡන්දෙ දෙනව
ඒ බඩ ගැන හිතල නෙමේ රට ගැන හිතල
නාගානන්ද තමයි මටනං එකම විකල්පය
නැත්තං ඡන්දෙ කටු ගාල එනව..
Dan uba jepponta support karanne nadda?
Mu kage ekek unath.. hadisiye pipuna bim malaki... mohuge eka kathawak wath noasuwemi... e wadak natinisaweni... pallewattta th esemaya
From Whistleblower Sri Lanka Facebook page
නාගානන්දට එරෙහිව කියන්න දෙයක් නැතිව ඔහු අල්ලස් ගත්තායයි චායා රුපයක් පලකරමින් ජනතාව මුලාකරන බංකොලොත් අනෙක් පාක්ෂිකයින්ගේ social media ගැත්තන්ට
නාගානන්ද අල්ලස් ගත්තා යයි මේ නගන චෝදනාව සහමුලින්ම පදනම් විරහිතය. මේ ගැන දැනටමත් රේගු අධ්‍යක්ෂ ජනරාල් පැහැදිළිවම ප්‍රකාශයක් මාධ්‍යවලට නිකුත් කර ඇත. මොවුන් මේ පළකරන්නේ නාගානන්ද විසින්ම රේගුවේදී තමන්ට මුහුණ දීමට සිදුවූ බරපතළ තත්ත්වයන් රටට අනාවරණය කරමින් පලකරන පොතකින් උපුටාගන්නා ලද පිටුවකි. මේ තුට්ටු දෙකේ වැඩේ පටන් ගත්තේ Anura Kumara Co Ltd විසිනි.
නාගානන්දව අල්ලස් චෝදනා මත වැඩ තහනම් කල කාලය වසර 7 එක්මවයි.
ඔහු සති දෙකක් රිමාන්ඩ් භාරයට පත්කරන ලද එම අවස්ථාවේ රේගු අධක්ෂ ජනරාල් වරයා වූ එච් බී දිසානායක විසින් එවකට බන්ධනාගාර කොමසාරිස් වරයා වූ ජෑන්ස්ගෙන් කරන ලද විශේෂ ඉල්ලීම ප්‍රකාර නාගානන්දගේ ආරක්ෂාවට ඔහුව රිමාන්ඩ් කර සිටි සති දෙකක කාලය එල්ලා මැරීමට නියම වූ සිරකරුවන් සිරකළ 6 x 6 අඳුරු කුටියකට මාරු කර යවන ලදී.
රිමාන්ඩ් භාරයෙන් නිදහස් වීමෙන් අනතුරුව ඔහු නීති විද්‍යාලයේ අධ්‍යාපනය හදාරන විට ජාවාරම් කරුවන් මැදිහත් වී එයද වසර 10 කට අත්හිටුවීමට ක්‍රියාකරන ලදී.
එම කාලය තුල නාගානන්ද නඩුවට බයේ "අනේ මම අසනීපයි" කියා රටින් පැන සැඟවී සිටියේ නැත. අනේ මට එරෙහිව නඩු අහන්න එපා කියා අධිකරණ නියෝග ලබාගන තමන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම වළකාලමින් කට්ටි පැන්නේද නැත.
එවකට නීතිපතිව කටයුතු කලේ සරත් සිල්වාය. දිගින් දිගටම නඩු නොපවරා සේවයෙන් ඉවත් කර තිබියදී නාගානන්ද නීතිපතිව මුණගැසී නඩු පැවරීමට හෝ කිසිම පදනමක් නැති අල්ලස් චෝදනාවෙන් ඔහුට නඩු නොපරන්නේ නම් ඒ බව තවත් ප්‍රමාද නොකර දන්වා සිටින ලෙස ඉල්ලා සිටියේය. ඉන් අනතුරුව නීතිපති සරත් සිල්වා නගානන්දට එරෙහිව නඩු පැවරීමට තීරණය කළේය. එම අල්ලස් නඩුවට පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටියේ එවකට ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥයකු වූ පසුගියදා විශ්‍රාම ගිය අග විනිසුරු ප්‍රියසාද් ඩෙප්ය. නඩුව විභාග කලේ එකල මහාධිකරණයේ තදින්ම නීතිය ක්‍රියාත්මක කල එෆ් එන් ඩී ජයසුරිය විනිසුරුය.
නාගානන්ද වෙනුවෙන් රංජිත් අබේසුරිය, ස්ටැන්ලි තිලකරත්න, ජයන්ත වීරසිංහ, සුසිල් ප්‍රේමජයන්ත, වෛද්‍යරත්න, කමල් ගුණරත්න යන නීතිඥ මණ්ඩලයක් පෙනී සිටියේය. නඩුවේ පැමිණිලිකරුගේ සාක්ෂිය හරස් ප්‍රශ්ණ අසන අවස්ථාවේම නාගානන්දට ඔවුන් සියලු දෙනා ඉවත්කර තමන්ට එරෙහිව විභාග වූ අල්ලස් නඩුව මෙහෙය වීම තමන් අතට ගැනීමට සිදුවිය. කරාවේ කුලයේ එකෙකු වූ විනිසුරා ජනාධිපති නීතිඥ රංජිත් අබේසුරිය ප්‍රමුඛ නීතිඥ මණ්ඩලය ඉවත් කිරීම ගැන දැඩි සේ කිපින. එසේ වුවද ඔහුට අධිකරණය හමුවේ අනාවරණය කරන ලද නොබිඳිය හැකි සාක්ෂි මත කිසිවක් කල නොහැකි විය.
නාගානන්ද වෙනුවෙන් සාක්ෂි දීමට ඉදිරිපත් වුයේ එවකට රේගු අධ්‍යක්ෂ ජනරාල් පියසීල වීරසේකර, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් එස් එම් ජේ සේනාරත්න හා රේගු අධ්‍යක්ෂ ජනරාල්ව සිට පසුව මුදල් අමාත්‍යන්ශයේ නියෝජ්‍ය ලේකම් වරයා වූ එච් බී දිසානායක යන නිලධාරින්ය.
1986 පෙබරවාරි 13 වනදා සිට 1993 මැයි මස 28 වන දින දක්වා මෙම අල්ලස් චෝදනාව මත නාගානන්දගේ වැඩ තහනම් කරන ලදී. අවසානයේ දීර්ඝ නඩු විභාගයකින් පසුව ඔහුට එරෙහිව නගන ලද සියලුම චෝදනා වලින් නිදොස් කොට නිදහස් කරන ලදී.
නාගානන්දට එරෙහිව පදනම් විරහිත චෝදනා එල්ල කරන්නේ ඔහුට විරුද්ධව වචනයක් කියාගන්න බැරි විරුද්ධ පාක්ෂිකයින්ගේ social media මෙහෙයවන ඔවුන් හොඳින් දියකර දෙන පුන්නක්කු දිවුල් කිරි කියා බොන මනසින් අන්ධ වුවන්ය.
විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය පිහිටුවීම සම්බන්දව ශ්‍රේෂ්ඨාධිකරණයේදී නැවත මෙම අල්ලස් නඩුව පිළිබඳව නාගානන්ද විසින්ම ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කරුණු ඉදිරිපත් කිරීම
තමන්ට එරෙහිව එවකට පවතී අල්ලස් නඩුව පිළිබඳව මෑතකදී බරපතළ මුල්‍ය අපරාධ කරුවන්ට එරෙහිව නඩු විභාග කඩිනම්ව විභාග කර විසඳීමට ත්‍රිපුද්ගල ස්ථිර මහාධිකරණක් පිහිටුවීමට යෝජනා කරන ලද අවස්ථාවේදී, ශ්‍රේෂ්ඨාධිකරණයේදී අගවිනිසුරු ඩෙප් ඉදිරියේ විශේෂ මහාධිකරණය පිහිටුවීමට පක්ෂව නාගානන්ද තම දේශණය ඉදිරිපත් කරමින් කරුණු ඉදිරිපත් කළේය. වසර 7 ක් තම වටිනා කාලය කා දැමු යුක්තිය පසඳලීමේ ක්‍රමවේදයේ බරපතළ ගරාවැටීම ගැන අග විනිසුරු ඩෙප් හමුවේ කරුණු ඉදිරිපත් කල නාගානන්ද එවැනි අධිකරණයක් එදා තිබුනේ නම් තමන්ට එරෙහිව පැවති අල්ලස් නඩුවෙන් තමන්ට වහා නිදහස් වීමට තිබු අවකාශය ගැන අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින් ත්‍රිපුද්ගල මහාධිකරණය පිහිටුවීමේ වැදගත්කම අධිකරණය හමුවේ කරුණු දැක්වීය.
එම අවස්ථාවේ එම තමන් පරාජය වූ එම අල්ලස් නඩුව ගැන ඩෙප් මහතා විසින්ද අධිකරණය හමුවේ කථා කළේය. නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් යසන්ත කෝදාගොඩ කඩිනම්ව අපරාධ නඩු විසඳීමට පත්කරන විශේෂ මහාධිකරණය සම්බන්ධයෙන් ඊට පක්ෂව කරුණු ඉදිරිපත් කරමින් නඩු කල් දැමීමට ඉල්ලා සිටින නීතිඥ සංගමය පෙනී සිටින්නේ කා වෙනුවෙන්දැයි ප්‍රශ්න කළේය. (ඒ වනවිටත් නීතිඥ සංගමය අර්ජුන් අලෝසියස්ගෙන් රුපියල් ලක්ෂ 25 ලබාගන තිබිණ). විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය පිහිටුවීමට පක්ෂව තව දුරටත් කරුණු ඉදිරිපත් කල යසන්ත කෝදාගොඩ නඩුවක පාර්ශව කරුවකුට නීතිඥ ගාස්තු ගෙවාගත නොහැකිව තම වකුගඩුවක් ලක්ෂ 13 කට විකිණීමට ආසිරි රෝහලට ඇතුළුවී ගන්නා ලද උත්සාහයක් ඔහුගේ මැදිහත්වීමෙන් ව්‍යර්ථ කල අයුරු අධිකරණයට කරුණු හෙළි කළේය.
අවසානයේ අධිකරණය නඩු කල් දැමීමට අවසර ඉල්ලා නීතිඥ සංගමය විසින් ඉදිරිපත් කරන ලද ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් මුල්‍ය අපරාධ නඩු කඩිනම්ව දිනපතා විභාග කිරීමට පක්ෂව තීන්දු ප්‍රකාශ කරමින් අධිකරණයේ නිගමනය පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කළේය.
ජනතාවට කියන්න දෙයක් නැති හිස් මිනිසුන් නාගානන්දට එරෙහිව පදනම් විරහිත චෝදනා ඉදිරිපත් කරන්නේ තමන් ජලයේ ගිලී යාම වැලක්වීමට තුත්තුරි ගසක හෝ ඉල්ලී සිටීමටය. එම සහමුලින්ම සාවද්‍ය චෝදනා පිළිකුලින් බැහැර කිරීම නීතියක් සදාචාරයක් නැවත තම මාතෘ භුමිය තුල ස්ථාපිත කර නිවැරදි මාවතකට මාතෘ භුමිය මෙහෙයවීමට උනන්දුවක් දක්වන නීතිගරුක, සදාචාරය ගරුකරන සියලු පුරවැසියන්ගේ වගකීම වන්නේය.
![]()
From Whistleblower Sri Lanka Facebook page.
නාගානන්ද හට නගන පදනම් විරහිත චෝදනා නගන දේශපාලන බත්බැලයන්ගේ හා ෆේක් ප්‍රොෆයිල් වලින් එන බයගුල්ලන්ගේ දැන ගැනීම පිණිසයි.
චායාරුප පිලිවෙලින්:
1. ඔහු නිතර වූ අවදානම් සහගත රේගු වැටලීම් නිසා අගතියට පත් ජාවාරම් කරුවන් හා දේශපාලුවන්ගෙන් බේරීමට ඉහල නිලධාරීන් විසින් ගීනි අවියක් ලබා දීම
2. ගොඩබිමදී ඔහු කරන ලද වැටලීම් නිසා හොරුන්ට සිදුවන පාඩුව මගහරවා ගැනීමට දේශපාලන බලපෑම් මත මහා මුහුදේ සේවයට යෙදවීම
3. ඔහු වරදක පටලවා බන්ධනාගතකිරීමට තැත් කල ව්‍යාපාරිකයින්ගේ ව්‍යාජ අල්ලස් චෝදනාව. (මෙම චායාරුපය නාගනන්දගේම Scrap book එකෙන් උපුටා ගෙන මඩ ගසන ළදරුවන්ට අපි අනුකම්පා කරමු. මේ ඔහුගේම scrap book එක බව සනාථ කිරීමට අලුත්ම චායාරූපයක් පැනක් සමගම චායාරුප ගත කළෙමු)
වැඩි විස්තර: https://www.youtube.com/watch?v=OXExZuG0qVY
4. ඒම ව්‍යාජ චෝදනාව මත ඔහුට නීති ශිෂ්‍ය භාවය අහෝසි වීම
5. ඒම නඩුවෙන් නිදොස් කොට නිදහස් කිරීම
6. එදිනම උසස්වීමක් සමග විශේෂ විමර්ශන අංශයට අනුයුක්ත වීම
7. නැවත රේගු පරීක්ෂණ වල වාර්තා ළගතබා ගත්තා යැයි ව්‍යාජ චෝදනා මත ජාවාරම්කරුවන් පැවරු නඩුව අවසන් වන තෙක් සේවය අත්හිටුවීම
8. නීති ශිෂ්‍ය භාවය නැවත ලැබීම
9. ඉහත දෙවන නඩු විභාගයේදී නාගානන්ද සතුව තිබුනේ ඔහු කල පරීක්ෂණ වල පිටපත් (photocopies) බව තහවුරු වීමෙන් පසු නිදොස් කොට නිදහස් කිරීම. මෙහිදී එවක නීතිපති නාගානන්ද ට උපදෙස් දුන්නේ ද්වේශ සහගත නඩු පැවරීම මත ශ්‍රී ලංකා රජයට එරෙහිව නඩු පවරන ලෙසයි
10. නැවත විශේෂ අමාත්‍ය මණ්ඩල තීරණයක් ලෙස සේවයේ පිහිටුවීම.
11. නැවතත් ස්ථාන මාරුවක්
12. මරණ තර්ජන හමුවේ රජයෙන් ආරක්ෂාව ඉල්ලීම
13. පාතාලයෙන් ආරක්ෂාවීමට උදවු ඉල්ලීම
14. මරණ තර්ජන එල්ලවීමට ප්‍රධාන හේතුව
15. අවසාන රටෙන් පිට වීමට සිදුවීම
16. පාර්ලිමේන්තුවේ මේ පිලිබඳ පැවති විවාදය. කහ පාට කොටස බලන්න.
ඔබ නාගානන්ද වූවානම් මෙතරම් පීඩනයක් හමුවේ කෙසේ නම් හැසිරේද? ඔහු ජාතික වීරයකු නොවන්නේද? ඔහුට මඩ ගැසීමට පෙර ඔබේ හදවතින් විමසන්න. ඔබ හදන්නේ තමන්ගේ මුළු ජිවිතයම රට වෙනුවෙන් කැපකළ උතුම් මිනිසෙකුගේ චරිතය විවිධ කාලකන්නි දේශපාලන චරිත වල මනදොල සපිරීමට ඝාතනය කිරීමයි. මේ 2020 මෙරටට ලැබෙන අවසාන අවස්ථාවයි.
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()

දින්නත් නැතත් අපි එක විස්වාසෙන් නාගානන්ද ඡන්දෙ දෙනව
ඒ බඩ ගැන හිතල නෙමේ රට ගැන හිතල
නාගානන්ද තමයි මටනං එකම විකල්පය
නැත්තං ඡන්දෙ කටු ගාල එනව..
නාගානන්දගේ සෑබෑ ස්වරූපය... 06-18-2019 04:33 PM pala ponnaya
Ridila

මෛත්‍රීපාලයත් ආව විදිහ මතකනේ. කියන්න ලේසියි මචන් ඒ දේවල් ප්‍රාෙයා්ගිකව ක්‍රියාත්මක කරන්න ගියහම තමයි කෙළ වෙන්නෙ. මේ රටේ පගාව ගන්න උන් දාන්න වෙනම හිරගෙයක් හදන්න ඕන. කොච්චර ඉන්නවද පගා මරුවො. ඩොලර් කාක්කො. ඔය නාගානන්දයත් ඩොලර් කාක්කෙක්. පෙරේතයා
ඵයාම කියනවා ඵයාගෙ ඵකවුන්ට් ඵකට දැන් දවස ගානේ සල්ලි වැටෙනව කියලා..