නාගානන්ද කතාව #1
1954 ජූලි 31 වන දින රත්නපුර, බටුගෙදර ප්‍රදේශයේ උපන් නාගානන්ද කොඩිතුවක්කු දරුවන් එකළොස් දෙනෙකුගෙන් සමන්විත පවුලක දස වන දරුවා ය. ඔහුගේ පියා ලිපිකරුවෙකු වශයෙන් සේවය කර ඇති අතර මව ගෘහණියකි. රත්නපුර සීවලී මහා විද්‍යාලය, සුමන විද්‍යාලය සහ සීවලී මධ්‍ය මහා විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබූ නාගානන්ද කොඩිතුවක්කු වාණිජ අංශයෙන් උසස් පෙළ හදෑරීම සඳහා කොළඹ ආනන්ද විද්‍යාලයට ඇතුළත් වී තිබේ.
1978 වසරේදී රේගු නිලධාරියෙකු ලෙස සිය වෘත්තීය ජීවිතය ආරම්භ කළ නාගානන්ද, රේගු බදු වංචනිකයන් නීතියේ රැුහැනට හසු කර ගැනීම සඳහා ආරම්භයේ සිට ම ක්‍රියාකර ඇති නිලධාරියෙකි. එවකට රෙදිපිළි අපනයනය කරන බවට ව්‍යාජ වාර්තා ඉදිරිපත් කරමින් රුපියල් මිලියන 876ක බදු වංචාවක් කළ සමාගමක් පිළිබඳව ඔහු කළ විමර්ශනවලින් අනතුරුව එම සමාගම වසා දැමීමට සිදුව ඇති අතර අදාළ විමර්ශනයෙන් අනතුරුව රේගුවේ සියලූ විමර්ශන කටයුතුවලින් ඉවත් කෙරුණු ඔහුට විවිධ තර්ජන ද එල්ල වී ඇත.
1986 පෙබරවාරි 13 වන දා අල්ලස් ලබා ගැනීමේ චෝදනාව මත අත්අඩංගුවට ගැනුණු නාගානන්ද, රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු අතර එවකට කුප්‍රකට පාතාල නායකයෙකුගේ ගෝලයෙකු විසින් බන්ධනාගාරය තුළදී නාගානන්දගේ ජීවිතයට තර්ජනයක් එල්ල කළ හැකි බවට ලද තොරතුරු අනුව ජීවිතාරක්ෂාව වෙනුවෙන් තමන්ව වෙන ම රඳවා තබන්නට බන්ධනාගාර නිලධාරීන්ට සිදු වූ බව නාගානන්ද සිහිපත් කරයි.
එහිදී ඔහුගේ නවාතැන බවට පත්ව ඇත්තේ, මරණීය දණ්ඩනය නියම වූවන්ගේ සිර කුටියකි. අල්ලස් චෝදනාවට ඇප ලබා පැමිණි ඔහු වැඩතහනමට ලක්වූ කාලයෙන් ප්‍රයෝජනයක් ගැනීම සඳහා නීතී විද්‍යාලයට ඇතුළත් වුව ද වැඩි දවසක් ඔහුට නීතී විද්‍යාලයේ අධ්‍යාපනය ලබන්නට නොහැකි වූයේ අල්ලස් නඩුවක චූදිතයෙකු වන බැවින් ශිෂ්‍යභාවය අහෝසි කරන්නැයි ප්‍රතිවාදීන් විසින් පැමිණිල්ලක් ඉදිරිපත් කරනු ලැබීම හේතුවෙනි. ඒ අනුව නාගානන්දගේ ශිෂ්‍යභාවය වසර දහයකට අත්හිටුවා තිබිණි.
1991 වසරේදී අදාළ අල්ලස් නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කර ඇති අතර නාගානන්ද කොඩිතුවක්කු අල්ලස් ලබා ගැනීමේ චෝදනාවෙන් නිදොස් කොට නිදහස් කෙරිණි. ඒ සමග ඔහුට වසර පහකට පසු යළි රේගුවේ රැුකියාව ලැබුණේ විමර්ශන අංශයේ ප්‍රධානියා ලෙස උසස්වීමක් ද සමගිනි. ජීවිත තර්ජන හේතුවෙන් තමන්ගේ පරිහරණය සඳහා ගිනි අවියක් නිකුත් කර තිබූ බවත් එවක ගිනි අවියක් ලබා දී තිබූ එක ම රේගු නිලධාරියා තමන් බවත් නාගානන්ද කියා සිටී.
2001 වසරේදී ශ්‍රී ලංකාවේ සුපිරි ක්‍රිකට් තරු දෙකක් ඇතුළු පුද්ගලයන් සිව් දෙනෙකු සිදු කළ බදු වංචාවක් සම්බන්ධයෙන් විමර්ශනය කර ඔවුන්ට රුපියල් මිලියන හතරකට අධික දඩයක් පැනවීමත් සමග යළිත් තමන්ට මරණ තර්ජන එල්ල වූ බව නාගානන්ද පවසයි. රේගු නිලධාරී සුජිත් ප්‍රසන්න ද 2001දී වෙඩි තබා ඝාතනයට කිරීමත් සමග ම නාගනන්ද ජීවිතාරක්ෂාව සඳහා සිය බිරිඳ සහ දරුවන් සමග එංගලන්තය බලා පිටත්ව ගොස් ඇත්තේ, 2001 සැප්තැම්බර් 21 වන දාය. ඔහු පවසන පරිදි එවක ඔහුගේ දියණියගේ වයස මාස දෙකකි.
සිය දියණිය සහ පුතුන් දෙදෙනා අදටත් එංගලන්තයේ ජීවත් වන බව පවසන නාගානන්ද කොඩිතුවක්කු ඔවුන්ට යළි ශ්‍රී ලංකාවට පැමිණීමේ අදහසක් නැති බව කියා සිටී. ඒ ගැන කණස්සල්ල පළ කරන ඔහු පෙන්වා දෙන පරිදි සිය දරුවන් මව්බිමෙන් ඈත් කරනු ලැබ ඇත්තේ ”ශ්‍රී ලංකාවේ පවතින දූෂිත සමාජ ක්‍රමය” විසිනි. එංගලන්තයේ ජීවත් වූ කාලයේදී සොලිසිටර් විභාගය සමත්ව නීතිඥයෙකු ලෙස ක්‍රියා කළ තමන් පසු කාලයේදී ශ්‍රී ලංකාවේ ද නීතිඥයෙකු ලෙස දිවුරුම් දුන් බව නාගානන්ද පවසයි.
2009 වසරේ දී යළි දිවයිනට පැමිණෙන නාගානන්ද සිය දූෂණ විරෝධී සටන නව මුහුණුවරකින් නැවතත් දියත් කරන්නේ ඔබේ අයිතිවාසිකම් වෙනුවෙන් අධිකරණය හමුවේ නඩුකර රැුසක් ගොනුකරමින් ඔබේ අයිතීන් සුරක්ෂිත කරදීම උදෙසාම ය.
-Copied-

Last edited:

FB එකේ දැකල දැම්මේ.. කොහොමත් ආපහු මේ ඉන්න හැත්තට නම් දෙන්නෙ නැ, 