නාගානන්ද කතාව #1

SimMaster

Well-known member
  • Dec 16, 2015
    9,850
    13,065
    113
    නාගානන්ද කතාව #1

    1954 ජූලි 31 වන දින රත්නපුර, බටුගෙදර ප‍්‍රදේශයේ උපන් නාගානන්ද කොඩිතුවක්කු දරුවන් එකළොස් දෙනෙකුගෙන් සමන්විත පවුලක දස වන දරුවා ය. ඔහුගේ පියා ලිපිකරුවෙකු වශයෙන් සේවය කර ඇති අතර මව ගෘහණියකි. රත්නපුර සීවලී මහා විද්‍යාලය, සුමන විද්‍යාලය සහ සීවලී මධ්‍ය මහා විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබූ නාගානන්ද කොඩිතුවක්කු වාණිජ අංශයෙන් උසස් පෙළ හදෑරීම සඳහා කොළඹ ආනන්ද විද්‍යාලයට ඇතුළත් වී තිබේ.

    1978 වසරේදී රේගු නිලධාරියෙකු ලෙස සිය වෘත්තීය ජීවිතය ආරම්භ කළ නාගානන්ද, රේගු බදු වංචනිකයන් නීතියේ රැුහැනට හසු කර ගැනීම සඳහා ආරම්භයේ සිට ම ක‍්‍රියාකර ඇති නිලධාරියෙකි. එවකට රෙදිපිළි අපනයනය කරන බවට ව්‍යාජ වාර්තා ඉදිරිපත් කරමින් රුපියල් මිලියන 876ක බදු වංචාවක් කළ සමාගමක් පිළිබඳව ඔහු කළ විමර්ශනවලින් අනතුරුව එම සමාගම වසා දැමීමට සිදුව ඇති අතර අදාළ විමර්ශනයෙන් අනතුරුව රේගුවේ සියලූ විමර්ශන කටයුතුවලින් ඉවත් කෙරුණු ඔහුට විවිධ තර්ජන ද එල්ල වී ඇත.

    1986 පෙබරවාරි 13 වන දා අල්ලස් ලබා ගැනීමේ චෝදනාව මත අත්අඩංගුවට ගැනුණු නාගානන්ද, රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු අතර එවකට කුප‍්‍රකට පාතාල නායකයෙකුගේ ගෝලයෙකු විසින් බන්ධනාගාරය තුළදී නාගානන්දගේ ජීවිතයට තර්ජනයක් එල්ල කළ හැකි බවට ලද තොරතුරු අනුව ජීවිතාරක්ෂාව වෙනුවෙන් තමන්ව වෙන ම රඳවා තබන්නට බන්ධනාගාර නිලධාරීන්ට සිදු වූ බව නාගානන්ද සිහිපත් කරයි.

    එහිදී ඔහුගේ නවාතැන බවට පත්ව ඇත්තේ, මරණීය දණ්ඩනය නියම වූවන්ගේ සිර කුටියකි. අල්ලස් චෝදනාවට ඇප ලබා පැමිණි ඔහු වැඩතහනමට ලක්වූ කාලයෙන් ප‍්‍රයෝජනයක් ගැනීම සඳහා නීතී විද්‍යාලයට ඇතුළත් වුව ද වැඩි දවසක් ඔහුට නීතී විද්‍යාලයේ අධ්‍යාපනය ලබන්නට නොහැකි වූයේ අල්ලස් නඩුවක චූදිතයෙකු වන බැවින් ශිෂ්‍යභාවය අහෝසි කරන්නැයි ප‍්‍රතිවාදීන් විසින් පැමිණිල්ලක් ඉදිරිපත් කරනු ලැබීම හේතුවෙනි. ඒ අනුව නාගානන්දගේ ශිෂ්‍යභාවය වසර දහයකට අත්හිටුවා තිබිණි.

    1991 වසරේදී අදාළ අල්ලස් නඩුවේ තීන්දුව ප‍්‍රකාශයට පත් කර ඇති අතර නාගානන්ද කොඩිතුවක්කු අල්ලස් ලබා ගැනීමේ චෝදනාවෙන් නිදොස් කොට නිදහස් කෙරිණි. ඒ සමග ඔහුට වසර පහකට පසු යළි රේගුවේ රැුකියාව ලැබුණේ විමර්ශන අංශයේ ප‍්‍රධානියා ලෙස උසස්වීමක් ද සමගිනි. ජීවිත තර්ජන හේතුවෙන් තමන්ගේ පරිහරණය සඳහා ගිනි අවියක් නිකුත් කර තිබූ බවත් එවක ගිනි අවියක් ලබා දී තිබූ එක ම රේගු නිලධාරියා තමන් බවත් නාගානන්ද කියා සිටී.

    2001 වසරේදී ශ‍්‍රී ලංකාවේ සුපිරි ක‍්‍රිකට් තරු දෙකක් ඇතුළු පුද්ගලයන් සිව් දෙනෙකු සිදු කළ බදු වංචාවක් සම්බන්ධයෙන් විමර්ශනය කර ඔවුන්ට රුපියල් මිලියන හතරකට අධික දඩයක් පැනවීමත් සමග යළිත් තමන්ට මරණ තර්ජන එල්ල වූ බව නාගානන්ද පවසයි. රේගු නිලධාරී සුජිත් ප‍්‍රසන්න ද 2001දී වෙඩි තබා ඝාතනයට කිරීමත් සමග ම නාගනන්ද ජීවිතාරක්ෂාව සඳහා සිය බිරිඳ සහ දරුවන් සමග එංගලන්තය බලා පිටත්ව ගොස් ඇත්තේ, 2001 සැප්තැම්බර් 21 වන දාය. ඔහු පවසන පරිදි එවක ඔහුගේ දියණියගේ වයස මාස දෙකකි.

    සිය දියණිය සහ පුතුන් දෙදෙනා අදටත් එංගලන්තයේ ජීවත් වන බව පවසන නාගානන්ද කොඩිතුවක්කු ඔවුන්ට යළි ශ‍්‍රී ලංකාවට පැමිණීමේ අදහසක් නැති බව කියා සිටී. ඒ ගැන කණස්සල්ල පළ කරන ඔහු පෙන්වා දෙන පරිදි සිය දරුවන් මව්බිමෙන් ඈත් කරනු ලැබ ඇත්තේ ”ශ‍්‍රී ලංකාවේ පවතින දූෂිත සමාජ ක‍්‍රමය” විසිනි. එංගලන්තයේ ජීවත් වූ කාලයේදී සොලිසිටර් විභාගය සමත්ව නීතිඥයෙකු ලෙස ක‍්‍රියා කළ තමන් පසු කාලයේදී ශ‍්‍රී ලංකාවේ ද නීතිඥයෙකු ලෙස දිවුරුම් දුන් බව නාගානන්ද පවසයි.

    2009 වසරේ දී යළි දිවයිනට පැමිණෙන නාගානන්ද සිය දූෂණ විරෝධී සටන නව මුහුණුවරකින් නැවතත් දියත් කරන්නේ ඔබේ අයිතිවාසිකම් වෙනුවෙන් අධිකරණය හමුවේ නඩුකර රැුසක් ගොනුකරමින් ඔබේ අයිතීන් සුරක්ෂිත කරදීම උදෙසාම ය.

    -Copied-
     
    Last edited:
    • Like
    Reactions: TheNewThinker

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මේපාර මිනිහ අල්ලස් ගත්තෙ නැ, ජනාධ්පතිවරණෙට එනව කියල සල්ලි එකතුකරා විතරයි..තාම අපේක්ශකකම ගන්ඩ දිවුරුම් ප්‍රකාශය දීලත් නැ ඇප බැදලත් නැ :rofl::rofl::rofl:
     
    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,850
    13,065
    113
    මේපාර මිනිහ අල්ලස් ගත්තෙ නැ, ජනාධ්පතිවරණෙට එනව කියල සල්ලි එකතුකරා විතරයි..තාම අපේක්ශකකම ගන්ඩ දිවුරුම් ප්‍රකාශය දීලත් නැ ඇප බැදලත් නැ :rofl::rofl::rofl:

    :eek: FB එකේ දැකල දැම්මේ.. කොහොමත් ආපහු මේ ඉන්න හැත්තට නම් දෙන්නෙ නැ, :lol::P
     
    Last edited:

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    මම දැක්ක ලෝක ඇට්ටර ඩෑල් එකක්... කීයක් විතර එකතු කරගත්ත ද දන්නේ නෑ.... ඌ කොච්චර ගේම් කාරයෙක් ද කියනවා නම් ලෝයර්ස්ල ජජ්ල පවා කඩේ යන තරමට වැඩේ නැගල ගියා... මේ දවස්වල හාවක් හූවක් නෑ.... ඊලග ස්ටෙප් එක ප්ලෑන් කරනව ඇති....​
     
    • Like
    Reactions: channaq4

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,850
    13,065
    113
    මම දැක්ක ලෝක ඇට්ටර ඩෑල් එකක්... කීයක් විතර එකතු කරගත්ත ද දන්නේ නෑ.... ඌ කොච්චර ගේම් කාරයෙක් ද කියනවා නම් ලෝයර්ස්ල ජජ්ල පවා කඩේ යන තරමට වැඩේ නැගල ගියා... මේ දවස්වල හාවක් හූවක් නෑ.... ඊලග ස්ටෙප් එක ප්ලෑන් කරනව ඇති....​

    පෙරෙදා සිරසේ සටනේ හිටිය දැක්කා
     
    channaq4

    Well-known member
  • Jun 30, 2008
    3,322
    1,053
    113
    නොදනි(Unknown)
    මම දැක්ක ලෝක ඇට්ටර ඩෑල් එකක්... කීයක් විතර එකතු කරගත්ත ද දන්නේ නෑ.... ඌ කොච්චර ගේම් කාරයෙක් ද කියනවා නම් ලෝයර්ස්ල ජජ්ල පවා කඩේ යන තරමට වැඩේ නැගල ගියා... මේ දවස්වල හාවක් හූවක් නෑ.... ඊලග ස්ටෙප් එක ප්ලෑන් කරනව ඇති....​

    eegawa step eka panalayama thama
     
    senal neveyi

    Well-known member
  • Apr 4, 2019
    1,099
    857
    113
    මම දැක්ක ලෝක ඇට්ටර ඩෑල් එකක්... කීයක් විතර එකතු කරගත්ත ද දන්නේ නෑ.... ඌ කොච්චර ගේම් කාරයෙක් ද කියනවා නම් ලෝයර්ස්ල ජජ්ල පවා කඩේ යන තරමට වැඩේ නැගල ගියා... මේ දවස්වල හාවක් හූවක් නෑ.... ඊලග ස්ටෙප් එක ප්ලෑන් කරනව ඇති....​

    yeah unlike sajith and gota who are the purest souls in the face of earth with nothing but SL peoples best interest in their heart, my foot.
     
    NmkpN

    Active member
  • Feb 27, 2011
    399
    117
    43
    try to find a place
    නාගහන්දට දෙනවා
    ස්වාධීන අපේක්ෂකයෙක් එන්න ඕන.
    මෙ හිටපු පක්ෂ එකෙක්වත් කියන්නෙ නෑ කොන්ද පණ ඇතිව ශරියා වහබ් තහනම් කරනවා කියලා..
    පැරදුනත් කමක් නැ කාළකණ්නි එපා රටට.
     
    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,850
    13,065
    113
    නාගහන්දට දෙනවා
    ස්වාධීන අපේක්ෂකයෙක් එන්න ඕන.
    මෙ හිටපු පක්ෂ එකෙක්වත් කියන්නෙ නෑ කොන්ද පණ ඇතිව ශරියා වහබ් තහනම් කරනවා කියලා..
    පැරදුනත් කමක් නැ කාළකණ්නි එපා රටට.

    මාත් ඕකම තමයි කල්පනා කරේ. :yes:
     
    ShehanAM

    Well-known member
  • Feb 7, 2017
    1,633
    789
    113
    polonnaruwa
    නාගහන්දට දෙනවා
    ස්වාධීන අපේක්ෂකයෙක් එන්න ඕන.
    මෙ හිටපු පක්ෂ එකෙක්වත් කියන්නෙ නෑ කොන්ද පණ ඇතිව ශරියා වහබ් තහනම් කරනවා කියලා..
    පැරදුනත් කමක් නැ කාළකණ්නි එපා රටට.
    Machan nagananda kiyanawada sharia, wahab thahanam karanawa kiyala?
     
    ShehanAM

    Well-known member
  • Feb 7, 2017
    1,633
    789
    113
    polonnaruwa
    ඔව් එයාගේ ව්‍යවස්තාවේ එක තියෙනවා. :yes:
    eke thiyenne kelinma sharia, wahab thahanam karanawa kiyalada nathnam hamotata "thani nithi paddathiyak" genawa kiyalada?

    "thani nithi paddathiyak" genawa kiyana eka Gotath kiyanawa.
     
    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,566
    2,391
    113
    ෂරියා නිතිය අහෝසි කරනවා කියපු එකම කෙනා. :yes:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,878
    2
    54,547
    113
    ෂරියා නිතිය අහෝසි කරනවා කියපු එකම කෙනා. :yes:

    රටම එකම නීතියක් යටතට ගේනවා කියල මුස්ලිම් පල්ලියේදිම කිව්වෙ ගෝඨාභය :yes:
     
    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,850
    13,065
    113
    eke thiyenne kelinma sharia, wahab thahanam karanawa kiyalada nathnam hamotata "thani nithi paddathiyak" genawa kiyalada?

    "thani nithi paddathiyak" genawa kiyana eka Gotath kiyanawa.

    පොර කියන්නේ.. මුස්ලිම් නීතිය​. දෙමල අයගෙ එකක් තියෙනවා නේද අන්න ඒකයි. උඩරට නීතියි අහෝසිවෙනව කියල​. ඒවෙනුවත අලුත් ව්‍යවස්තාව බලාත්මක වෙනව කියල කියන්නේ මතක විදියට​