සර්පයො කියන්නෙ බොහෝ දෙනා අතිශයින් බිය වෙන, දකින්නට පවා කැමති නැති, දෂ්ඨනයකට ලක් උනොත් වේදනාත්මක අත්දැකීමක් ලැබෙන සත්ව කොටසක්. සිරා කොලුවා වන මමත් එහෙමයි. සර්පයින්ට ගොඩාක් භයයි. සර්පයන්ටම වෙන්වුන දුපතක් ලෝකයේ එක තැනක තියෙනවා කියලා ඔබ දන්නවද ? ජාලෙන් පෙරලා අපි ඒ ගැනයි අද දැනගන්න යන්නෙ.
දේශීය භාෂාවෙන් Ilha de Queimada Grande යනුවෙන් හඳුන්වන අත්ලන්තික් සාගරයේ පිහිටා තිබෙන මේ දූපත සොභාදම් දිනිතියගේ භයංකාර නිමැවුමක් කියලත් හඳුන්වන්න පුලුවන්. මේ දුපතට කියන අනිත් නම තමයි නාග දුපත. ගොඩාක් විශාල නෑ. වර්ග මීටර් 430000 යි. පිහිටලා තියෙන්නෙ බ්‍රසීලයේ São Paulo වෙරළ තීරයේ ඉඳන් හැතැම්ම 20 ක් ඈතින්. බ්‍රසිල ජාතිකයො බොහොම දෙනෙක් මේ දූපත ගැන දන්නවා. හැබැයි රසවත්ම කාරණාව කියන්නෙ දුපතට පය ගහන්න තරම් හිත හයිය මිනිස්සු ඉන්නෙ බොහොම අතලොස්සයි. අතීතයෙදි එහි ගිය අයගෙනුත් පණ පිටින් ආයෙත් ආවෙ බොහොම ස්වල්පයයි. හේතුව තමයි ලෝකයේ අති භයංකාර සර්පයො දහස් ගනනක් මේ දුපතේ වාසය කිරීම. සමහරු කොපමණ විෂද කියනවා නම් දෂ්ඨ කලාම මිනිස් හම දිය වෙනවලු.
දේශීය භාෂාවෙන් Ilha de Queimada Grande යනුවෙන් හඳුන්වන අත්ලන්තික් සාගරයේ පිහිටා තිබෙන මේ දූපත සොභාදම් දිනිතියගේ භයංකාර නිමැවුමක් කියලත් හඳුන්වන්න පුලුවන්. මේ දුපතට කියන අනිත් නම තමයි නාග දුපත. ගොඩාක් විශාල නෑ. වර්ග මීටර් 430000 යි. පිහිටලා තියෙන්නෙ බ්‍රසීලයේ São Paulo වෙරළ තීරයේ ඉඳන් හැතැම්ම 20 ක් ඈතින්. බ්‍රසිල ජාතිකයො බොහොම දෙනෙක් මේ දූපත ගැන දන්නවා. හැබැයි රසවත්ම කාරණාව කියන්නෙ දුපතට පය ගහන්න තරම් හිත හයිය මිනිස්සු ඉන්නෙ බොහොම අතලොස්සයි. අතීතයෙදි එහි ගිය අයගෙනුත් පණ පිටින් ආයෙත් ආවෙ බොහොම ස්වල්පයයි. හේතුව තමයි ලෝකයේ අති භයංකාර සර්පයො දහස් ගනනක් මේ දුපතේ වාසය කිරීම. සමහරු කොපමණ විෂද කියනවා නම් දෂ්ඨ කලාම මිනිස් හම දිය වෙනවලු.
මේ දූපතේ වාසය කරන අයගෙන් භයංකාරම කෙනා තමයි හෙල්ලයක් වගේ හිසක් තියෙන රත්තරං පැහැති Golden Lancehead නැමති පොළඟා. අඟල් 28 සිට අඟල් 46 ක් දක්වා ප්‍රමාණයකට උන් දිගින් වැඩෙනවා. ලෝකයේ ඉන්න විෂ අධිකම පොළඟා මෙයා කියලයි කියන්නෙ. මේ පොළඟට පෙනුමෙන් සමාන මරණීය විෂ සහිත කෙනෙක් බ්‍රසීලයෙ ප්‍රධාන භූමිය තුල ජීවත් උනත් එමෙන් කීප ගුණයක් විෂ සහිත Golden Lancehead ජීවත් වෙන්නෙ මේ දූපතේ පමණයි. මේකා දෂ්ඨ කරලා ඉක්මනින් ප්‍රතිකාර නොලැබුනොත් පැයකටත් අඩු කාලයකින් එලොව දැක සැනසෙන්නයි මනුෂ්‍යයෙකුට සිදු වෙන්නෙ. ඇතැම් විටෙක ප්‍රතිකාර ලබා දුන්නත් රෝගියා මිය යනවා. මේ සතාගෙ දෂ්ඨනයකින් පස්සෙ මොළයේ අභ්‍යන්තර ලේ වහනය වීම, වකුගඩු අක්‍රීය වීම වගේම මිනිස් සම දියවී යන්නට පවා පුලුවන්ලු. ඉතින් මෙයාලා ඉන්න දුපතකට මිනිහෙක් භය නැතුව අඩියක් තියයිද ? දුපතට පැමිණිලා අතුපතර ගිමන් හරින සංචාරක කුරුල්ලො තමයි මේ දූපතේ සර්ප ගහනයට අහාර බවට පත්වෙන්නෙ.
හොර රහසෙ සතුන් පිටරට පටවන කළුකඩේ වෙළෙන්දො වර්තමානයේදිත් මේ අධික විෂ සහිත පොළෙඟෙක් ඇමරිකානු ඩොලර් 10000 - 30000 අතර මිළ නියම කරලා වෙළඳාම් කරන්නෙ බ්‍රසීල බලධාරීන්ට හොරෙන්. මේ සතුන් ඒ තරම් වටින්නෙ එයාලා සතුව තියෙන සුවිශේෂ විෂ යොදාගෙන මිළ අධික ඖෂධ නිපදවන්න පුලුවන් නිසාලු. මේ අය නීතියේ රැහැනට හසුවුවත් නීතියේ ඇති හිල් වලින් ඉක්මනින් එළියට එන විදිය දන්නවා.
බ්‍රසීලයේ වගා කටයුතු වල නිරත වන ජනතාව විශාල ලෙස සර්ප දෂ්ඨන වලින් මිය යනවා. ඒ මරණ වලින් 90% කට වගකිව යුතු වෙන්නෙ Golden Lancehead වගේ ඉන්න අනිත් පොළඟා. වර්තමාන ලෝකයේ විෂ ඝෝර සර්ප ගහනය වැඩිම ස්ථානය ලෙසයි දැන් Ilha de Queimada Grande හෙවත් නාග දුපත හදුන්වන්නෙ.
මේ දූපත ජනාවාශ ඇතිකිරීමට තහනම් ඉසව්වක් ලෙස බ්‍රසීල රජය නම් කර තිබෙනවා. විෂගෝර සර්පයන් සමග මනුෂ්‍යයින්ට සහජීවනයක් නැති වීම තමයි මෙයට හේතුව. 1909 දී ආරම්භ කරන ලද ප්‍රදීපාගාරයක් මෙහි ඇති අතර එහි අළුත්වැඩියාවන් සඳහා වසරකට වරක් එහි යන කාර්මිකයන් මේ දූපතට පය තබන සීමිත මිනිස් ප්‍රජාවට අයත් වෙනවා.
අතීතයේදී මේ ප්‍රදීපාගාරයෙ කටයුතු බාරව මිනිසුන් එහි නතර වී කටයුතු කලා. එහි අවසාන ලෙස රැඳී හුන් පුද්ගලයා තම බිරිඳ සහ අවුරුදු 5 ක් දියණියත් එහිම රඳවාගෙන තිබුනා. ඒ 1920 ගනන් වලදි. ඔවුන් සියලු දෙනා සර්ප දෂ්ඨන වලින් මිය ගියාට පස්සෙ අලුතින් සේවකයෙක් එතැන නතර කරන්නෙ නැතුව ප්‍රදීපාගාරය සම්පූර්ණ ස්වයංක්‍රීය ක්‍රමයකට පරිවර්ථනය කලා.
මේ මරණ වලට අමතරව තම මාලු බෝට්ටුවේ එන්ජිම අබලන් වීම නිසා නාග දුපත් වැල්ලේ නිදා සිටි ධීවරයෙකුද වතාවක් සර්ප දෂ්ඨන හේතුවෙන් මියගොස් තිබෙනවා. බ්‍රසීල නාවික හමුදාවේ ආරක්ෂාව යටතේ මේ දූපත දැන් පවතින්නෙ. ඒ සඳහා විශේෂයෙන් පුහුණ කල නැවියන් ඔවුන්ට සිටිනවා.
වසරකට වරක් එහි යන කාර්මිකයන්ට අමතරව විද්‍යඥයන් කීප දෙනෙකු පමණක් මේ දූපතට බ්‍රසීල රජයේ අවසරය අැතුව පැමිණ තිබෙනවා. ඒ අය දුපත තුල ගත කරන කාලය තුල වෛද්‍යවරයෙකු ඔවුන් අසලම රැදී සිටින්නේ සර්ප දෂ්ඨනයක් සිදු වුවහොත් ඉක්මනින් ශරීර ගත කිරීම පිණිස ප්‍රතිවිෂ එන්නත් පවා සූදානමෙන් තබාගෙනයි.
විද්‍යඥයන් සහ වෙනත් ගවේෂකයන් මේ දූපතේ කරක් ගහන්නෙ අති භයංකාර සර්පයෙක් වන Golden Lancehead නැමති පොළඟාගේ විෂ යොදාගනිමින් හදවත් රෝග සහ ලේ කැටි ගැසීම යන රෝග අවස්ථා සඳහා යොදාගත හැකි ඖෂධයක් දියුණුකිරීම පිළිබඳ පරීක්ෂණ පැවැත්වීම සඳහායි. විෂඝෝර සර්පයින් නිසා හුදෙකලා වුවත් පාරිසරික තත්වයන් අතින් ඉතා සුවිශේෂී මේ දූපත විද්‍යාත්මක නව ඔසු තැනීම පිණිස තෝතැන්නක් බවයි මේ පරීක්ෂණ කණ්ඩායම් වල අදහස වෙන්නෙ. බ්‍රසීල ජනතාවගේ සර්ප දෂ්ඨන මරණ වලින් වැඩි ගනනකට වග කියන මේ පොළඟා ගැන පරීක්ෂණ පවත්වන්න ඒ ඇත්තැන්ටත් අවශ්‍යයි.
වසර 11000 කට ඈත අතීතයේ නාග දූපතත් බ්‍රසීලයේ ප්‍රධාන ගොඩබිමත් එකටම පැවතුනත් පසු කාලය තුල සාගර ජල මට්ටම ඉහළ යාමේ ප්‍රතිඵලයක් ලෙස ප්‍රධාන භූමියෙන් වෙන් වී හුදෙකලා වන්නට එයට සිදු උනා. ප්‍රධාන භූමියේ සිටින සර්පයින් සියල්ලම පාහේ මේ දූපතේ සිටියත් ඔවුන් පසුගිය වසර දහස් ගනනක කාලය තුල තමන්ගේම මාවතක් තුල පරිණාමය වී තිබෙනවා. ඒ අනුව වෙනත් ගොඩබිමක විෂඝෝර සර්පයන්ට වඩා මේ දූපතේ සර්පයන් සතුව 5 ගුණයක් විෂ තිබෙනවා. 4000 ක පමණ සර්ප ගහනක් වර්තමානයේ මේ දූපත සතුව සිටින බව සත්ව විද්‍යාඥයන්ගේ අදහසයි.
සත්ව විද්‍යාඥයන් බ්‍රසීල රජය සමග එක්ව නාග දුපත සහ එහි සර්පයන් සංරක්ෂණය කිරීමේ වැඩපිළිවෙලක් ආරම්භ කොට තියෙන්නෙ. සර්පයින් කෙතරම් භයානක වුවත් පරිසරයේ පැවැත්මට, ලෙඩ රෝග පාලනයට ඔවුන්ගෙන් ඉටුවෙන්නෙ විශාල වැඩකොටසක්. නීති විරෝධී සත්ව වෙළඳාම, ලෙඩ රෝග වැනි කාරණා නිසා නාග දූපතේ සර්ප ගහනය ගත වූ වසර 15 ක කාලය තුල 15% ක ප්‍රතිශතයකින් අඩු වී තිබෙනවා. මේ සතුන්ගේ විෂ ඉතාම මිළ අධික බෙහෙත් වර්ග නිපදවීමට යොදාගන්න නිසා නීති විරෝධීව මේ සතුන් වෙළඳාම් කරන්නට වෙළඳුන් උත්සුක වෙලා.
නාග දුපත තුල පමණක් Golden Lancehead Viper වර්ගයේ සතුන් ඇතුලුව අනෙකුත් විෂ සහිත සර්පයන් දහස් ගණනක් ජීවත් වෙනවා. මේ අයගෙන් සමහරෙක් වඳවීමේ තර්ජනයට මුහුණු දී ජාත්‍යන්තර රතු දත්ත පොතේ නම සටහන් වී තිබෙන අයයි. ඉතාම සුන්දර වටපිටාවක් සහිත තැනක තිබෙන මේ දූපත සංචාරක ආකර්ශනය ඇති තැනක් ලෙස සංවර්ධනය කරන්නට අවකාශ තිබෙන මුත් දුපතේ වෙසෙන සර්පයින් එයට හරස් වී තිබෙනවා.
නාග දුපත පිළිබඳ මේ වාර්තා වැඩසටහනත් නරඹන්න.
ගත්තේ සිරාගේකාමරේ බ්ලොග් අඩවියෙන්