නාමල්ගෙන් අලුත් වැඩක්!

N A K A M U R A

Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    තාරුණ්‍යයේ අනාගතය වෙනුවෙන් සියලුම පළාත් පාලන ආයතන ඩිජිටල්කරණයට පියවර ගන්නවා’ යයි තරුණ හා ක්‍රීඩා, සංවර්ධන සම්බන්ධීකරණ හා අධීක්ෂණ අමාත්‍ය සහ ඩිජිටල් තාක්ෂණ හා ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පැවසීය.

    පළාත් පාලන ආයතන ඩිජිටල්කරණය කිරීම පිළිබඳව අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේ පැවති සාකච්ඡාවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

    ඒ අනුව, තොරතුරු තාක්ෂණය දියුණු නව ලෝකයේ ස්මාර්ට් ජංගම දුරකතනයකින් මහජන සේවය ඉටු කරගැනීම සඳහා වූ පළාත් පාලන ආයතන ඩිජිටල්කරණය කිරීම අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ අධීක්ෂණයෙන් යුතුව පළාත් සභා හා පළාත් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාගේ මෙහෙයවීම මත සිදුවේ.

    මහ නගර සභා, නගර සභා හා ප්‍රාදේශීය සභා තුන්සිය හතළිස් එකක් (341) ක් ප්‍රමුඛ ව දිවයින පුරා පළාත් පාලන ආයතන මගින් විවිධාකාරයෙන් මහජනතාව වෙත සේවය සලසනු ලබයි.

    පළාත් පාලන ආයතන නව තාක්ෂණය සමග මුසුව ඩිජිටල්කරණයවීම හේතුවෙන් ජනතාව වෙත කාර්යක්ෂම හා වේගවත් සේවයක් සැපයිය හැකිවෙයි.

    එහි ඇති විනිවිදභාවය හා විශ්වාසනීයත්වය හේතුවෙන් රාජ්‍ය සේවය කෙරෙහි මහජන ප්‍රාසාදය ද ගොඩනැගෙන අතර ජනතාව මුහුණ දුන් අපහසුතාවයන් ද මඟ හැරී ගොස් සියලු කටයුතු කාර්යක්ෂ ම වනු ඇත.

    පළාත් පාලන ආයතන ඩිජිටල්කරණය කිරීම තුළින් ව්‍යාපාරික බදු අයකරගැනීම, ඝන අපද්‍රව්‍ය කළමනාකරණය, පරිසර බලපත්‍ර නිකුත් කිරීම, අනුකූලතා සහතික නිකුත් කිරීම, ගොඩනැගිලි සැලසුම් අනුමත කිරීම, අනතුරුදායක ගස් ඉවත් කිරීම, අයාලේ යන සතුන් පාලනය, ආදාහනාගාර සේවාවන් සලසා ගැනීම, ක්‍රීඩා පිටි හා ශාලා පහසුකම් වෙන් කරගැනීම ඇතුළු ප්‍රධාන පෙළේ සේවාවන් පහළොවක් ද අනෙකුත් සේවාවන් හැටකට අධික ප්‍රමාණයක් ද තම නිවසේ සිටම සපයා ගැනීමේ හැකියාව මහජනතාව වෙත ලැබේ.

    එහිදී අමාත්‍යවරයා මෙසේ ද කීය.

    “මිනිස්සුන්ගේ බදු මුදල් ගෙවන්න ඔවුන් ආයතන ගානේ රස්තියාදු වෙන්න ඕන නෑ. අපියි ඔවුන් ළඟට යන්න ඕනේ. ඇතැමුන් කියනවා රට සිංගප්පූරුවක් වගේ කරන්න ඕන කියලා. ඒකට තියෙන ප්‍රශ්නය ගොඩනැගිලි, වාහන යන්ත්‍ර සූත්‍ර නොවෙයි. මානව ප්‍රාග්ධනය සම්බන්ධවයි ගැටලුව තිබෙන්නේ.

    අපි හිතන විදිහ හා ආකල්ප වෙනස් කරගත යුතුයි. තාරුණ්‍යයට අනාගතයක් තිබෙන්නේ තොරතුරු තාක්ෂණය එක් කර රට ඉදිරියට යාමෙන් පමණයි

    දේශපාලනඥයන්ට පවා ඉදිරියට යන්න වෙන්නෙ තොරතුරු තාක්ෂණය සහිත ලෝකයකයි. එහෙම නැති වුණොත් තරුණ දේශපාලනඥයන්ගේ අනාගතය නැති වෙනවා.

    අපේ අමාත්‍යාංශය මගින් පළාත් පාලන කටයුතු අමාත්‍යාංශයට හා ආයතනවලට ප්‍රමුඛතාව ලබාදී කටයුතු කරනවා. ඊට අවශ්‍ය දැනුම තාක්ෂණය ඇතුළු සියලු සහයෝගය අපේ අමාත්‍යාංශයෙන් ලබාදෙනවා.

    ඒ කටයුතු ඉක්මනින්ම ආරම්භ කිරීම සඳහා මෙහයුම් කමිටුවක් පත්කර කටයුතු කරන ලෙස ඉල්ලා සිටිනවා.

    ඒ වගේම පළාත් පාලන ආයතනවල ඉන්න සේවකයින්ගෙන් එම කටයුතු ගැටළුවක් නොමැතිව ඉටුකර ගැනීම සඳහා තොරතුරු තාක්ෂණ හා ඩිජිටල්කරණය පිළිබඳ පුහුණුවක් ලබාදීමට කටයුතු කරනවා.

    මෙහි පළමු අදියරේ දී වැඩිම ආදායම් උත්පාදනය කරන පළාත් පාලන ආයතන සීයක් ගෙන ඩිජිටල්කරණ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන ලෙස මම නිළධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා” යැයි අමාත්‍යවරයා පැවසීය.

    මෙම අවස්ථාවට පළාත් සභා හා පළාත් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා, අමාත්‍යාංශ ලේකම් එස්.ඩී.ඒ.බී. බොරලැස්ස, තොරතුරු තාක්ෂණ අමාත්‍යාංශයේ ලේකම් ජයන්ත ද සිල්වා, පළාත් පාලන රාජ්‍ය අමාත්‍යාංශය අතිරේක ලේකම් (සංවර්ධන) එම්. කොඩිප්පිල්ආරච්චි, විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ සාමාන්‍යධිකාරි ඕෂධ සේනානායක, ගම්පහ මහ නගර සභාවේ නගරාධිපති එරංග සේනානයක යන මහත්ම මහත්මීන් ඇතුළු පළාත් පාලන ආයතනවල සහ ඩිජිටල් තාක්ෂණ අමාත්‍යාංශ නිලධාරීහු පිරිසක් සහභාගී වූහ.
     

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,282
    21,198
    113
    1632887770911.jpeg
     
    • Like
    Reactions: NRTG

    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    නියත ජනපති
    කුමරු නාමල් :yes:

    (පුක එපා හිනාවෙන්න මෙතරම්)
     
    • Haha
    Reactions: shenat

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,592
    113
    xxx
    හොද වෑඩක්.. ඒත් මතක ඈතුව සිස්ටම් බෑකප් ගන්න එක හරියටම කරන්න වෙනවා..ඒ වගේම දත්ත වල ආරක්ෂාවත් හොදටම තියෙන්න ඕනේ..
     
    • Haha
    Reactions: shenat and NRTG

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,537
    5,764
    113
    කරනවනම් හොදයි. ඒත් ලන්කාවේ වෙන්නේ හොද ගානක් ගසා කන එක. ඩෙජිටල්නේ....
    වරිපනම් නම් ගෙවන්න ඔන්ලයින් තියනවා ගෙවලා නෑ.බලන්න ඔනේ දවසක.
     
    • Like
    Reactions: malakadss

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    ඔය ඩිගිටල් බිගිඩල් කැලේ බන් Dudly සර් සරම උස්සල පෙන්නුවාම.
    ඔක්කොම දුවනවා. කොම්පියුටර් එකේ කෑලි ටික අදුරගන්න පුලුවන්නම් තව කමක් නෑ
     

    koj500

    Well-known member
  • Nov 1, 2014
    867
    816
    113
    ඕවා කරලා තව වැඩ වැඩි කරලා දෙයි ද කියලා යි baya. ඕවා database වල fill කරලා, තව පොත් පත් වලත් ලියලා, Carbon copy වලත් ලියන්න එපැයි ඕවා down යනකොට. හදන රෙද්දක් හරියට හදන්න ඕනි.
    Vaccine systems යන widiya දන්නෝ දනිති.
     
    • Like
    Reactions: NRTG

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    මොන නාමල්ද ගොයියො දැන්
    අන්න මහජනතාව ඩඩ්ලි වටේ රොක් වෙලා ඊලගට චන්දෙ ඉල්ලන්නලු😄