නාමල්ගෙ විදුලි බිල හදිසියේ ගෙව්වෙ ලබන මාසේ FR නඩුවට බයේ

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    40,057
    35,992
    113
    වොන්ඩර් ලැන්ඩ්
    පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂගේ ලක්ෂ 26ක විදුලි බිල කඩිමුඩියේ ගෙවා ඇත්තේ බිල්පත පැහැර හැරීමට එරෙහිව ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම ලබන මස 06 වැනිදා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැඳවීමට නියමිතව තිබියදී බව ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පළාත් සභා මන්ත්‍රී නලින් හේවගේ මහතා පවසයි.



    අදාළ විදුලි බිල ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන් පොළොන්නරුවේ නීතිඥවරයෙකු ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ FR පෙත්සමක් ගොනු කර ඇති බවත් එය ලබන මාසයේ විභාගයට ගැනීමට නියමිත බවත් ඔහු මාධ්‍යවේදීන් හමුවේ කියා සිටියේය.

    වත්මන් ලංවිම සභාපතිවරයා, එවකට ලංවිම සභාපතිවරයා, විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර, එවකට අමාත්‍ය රවී කරුණානායක, නාමල් රාජපක්ෂ සහ මහින්ද රාජපක්ෂ යන මහත්වරුන් මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇති බව හේවගේ මහතා පැවසීය.

    තමා ඇතුළු පිරිසට මෙම නඩුවට පෙනී සිටින ලෙස දැනුම් දී ඇති බවත්, නඩුව විභාග වීමට බියෙන් සනත් නිශාන්ත මන්ත්‍රීවරයා විසින් පනත් කෙටුම්පත සමථයකට පත් කළ බවත් ඔහු පැවසීය.

    නාමල් රාජපක්ෂ සහ සනත් නිශාන්ත සහභාගී වූ රූපවාහිනී වැඩසටහනකදී නාමල් රාජපක්ෂගේ විවාහ මංගල්‍යයේ නොගෙවූ බිල්පත පිළිබඳව තොරතුරු හෙළි කළ බව හේවගේ පැවසීය.

    2019 වසරේ විවාහ උත්සවය පවත්වා බිල ගෙවා ඇත්තේ 2023 වසරේදී බවත් එය විශාල වංචාවක් බවත් ඔහු සඳහන් කළේය
     
    • Like
    Reactions: vito

    maticat

    Well-known member
  • Jul 24, 2010
    1,766
    1,423
    113
    දන්නැති නිසා අහන්නෙ, වැරැද්දක් කරල සොරි කියනව වගේ බිල ගෙව්වම නඩුව අහක් වෙනවද ?
     

    himal2000

    Well-known member
  • Jun 27, 2021
    614
    751
    93
    මෙතන ප්‍රශ්න ගණනාවක් තියෙනවා. දැන් කාගේ හරි වෙඩිමකට විදුලිය වෙනමම අරගන්න කියලා දෙයක් තියෙනවද?එතන ලොකු වැඩක් යනවා ඒ හින්දා දෙනවා නම් අඩු ගාණේ deposit/advance එකක්වත් ගන්නෙ නැද්ද? ඒකේ බිල මනමාලයගේ නමට නැත්නම් කාගේ නමටද ආවේ?
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,508
    47,680
    113
    O5vFE6O.jpeg
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    අවුරුදු හතරකට පස්සේත් එකම ගාන.

    යකෝ දඩ පොලියක් ගහන්න එපැයි
     
    • Like
    Reactions: Naughtykolla48