නාමල්ට අලියෙක්

jk perera

Well-known member
  • Dec 13, 2009
    11,730
    5,216
    113
    අපේ ගෙදර
    නාමල්ට අලියෙක්

    le0yF.jpg


    VDp92.jpg


    පින්නවල අලි අනාථාගාරයේ පැටවුන් බෝ කිරීමේ හැකියාව ඇති එකම තරුණ ඇතා පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ පෞද්ගලික පරිහරණය සඳහා ලබාදීමට සුදානම් කර ඇති බව වාර්තා වෙනවා.

    පරිසරවේදී සජීව චාමිකර මහතා මේ පිළිබඳව හෙළිකර සිටින්නේ දැනට පින්නවල අලි ඇත්තු 85 දෙනකු පමණ සිටියද ඔවුන් අතර ඇතුන් සිටිනුයේ තිදෙනකු පමණක් බවයි.

    අඳ ඇතකු වන "රාජා" දැනට මහලූ සතෙක් වන අතර "සම්පත්" ද පින්නවල සිටින මහලූ ඇතෙකි. තරුණ වයසේ පසුවන පින්නවල සිටින එකම ඇතා වන්නේ නාමල්ට දීමට යන "සුමන" නමින් හැඳින්වෙන මෙම ඇතාය.

    පින්නවල අලි අනාථාගාරය අලි ඇතුන්ට හොඳින් රැකවරණය ලබාදෙමින් පරිබාහිර අලි සංරක්ෂණ මධ්‍යස්ථානයක් ලෙස පවත්වා ගෙන ගිය ද එහි සිටි අලි ඇතුන් 84 දෙනෙකු පමණ දේශපාලඥයන් ගේ බලපෑම් අනුව මේ වනවිට වරින්වර විහාර, දේවාලවලට, ධනවත් ව්‍යාපාරිකයන්ට, ප‍්‍රභූවරුන්ට හා විදෙස් සත්ත්වෝද්‍යානයන්ට ලබා දී තිබෙනවා.

    අලි ඇතුන් දීමෙන් පසුව ඒ පිළිබඳව සොයා බැලීමක් කිරීමට කිසිවෙක් නොමැති අතර පින්නවලින් කොල්ලූපිටිය, පොල්වත්ත විහාරස්ථානය වෙත ලබාදුන් "සිංහරාජා" ගිරිඋල්ලේ දී අකුණු සැර වැදීමෙන් මිය ගියේ දුම්රිය මාර්ගයේ ගැටෙන පරිදි මේ සතා දම්වැලකින් බැඳ තිබුණු නිසාය.

    පොල්හේන්ගොඩ, ඇලන්මැතිනියාරාමයේ අලි බලා ගැනීමට යොදවා ඇත්තේ අලි අනාථාගාරයේ "නීලගිරි" මරා දැමීමට සම්බන්ධ වූ ඇත් ගොව්වෙකි. එසේ තිබිය දී 2011 වසරේ දී අලි අනාථාගාරයෙන් "සාමා" නම් ඇතින්න ඇලන්මැතිනියාරාමයට පිරිනැමුණේය.

    ඇලන්මැතිනියාරාමයේ සිටින වනාන්තරයෙන් හොරෙන් අල්ලාගත් අලි පැටවකු සචින් වාස් ගුණවර්ධන මහතාට විකුණා ඇති අතර, ඒ සතා දැනට බලාගන්නේ අලි අනාථාගාරයෙන් ඉවත් කළ පෙර සඳහන් කළ ඇත් ගොව්වාය.

    9DZC9.jpg



    පින්නවල අලි අනාථාගාරයේ අලි ඇතුන් පෞද්ගලික හිමිකරුවන් වෙත ලබාදීම හා වනාන්තරයෙන් අලි ඇතුන් අල්ලා ගෘහාශි‍්‍රත කිරීම වහා ම නැවැත්වීමට පියවර ගන්නා ලෙසත් 2009 අංක 22 දරන පනතින් අවසන් වරට සංශෝධිත වනසත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනතට අනුව පින්නවල අලි අනාථාගාරයේ, දෙහිවල සත්ත්වෝද්‍යානයේ, විහාර, දේවාල හා පෞද්ගලික හිමිකරුවන් සතු සියලූ ම හීලෑ අලි ඇතුන් ජාන වාර්තාවක් සමඟ ලියාපදිංචි කිරීම සිදු කළ යුතු බවත් පරිසරවේදී සජීව චාමිකර මහතා ප්‍රකාශ කර සිටිනවා.

    මේ සඳහා අලි සොරකමේ යෙදෙන කණ්ඩායම් හා ඔවුන් මෙහෙයවන දියවඩන නිලමේවරු ඇතුළු ප‍්‍රභූවරුන් යැයි කියාගන්නා පිරිස් අකැමැති වුව ද වග කිය යුතු රාජ්‍ය ආයතනයක් වශයෙන් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව මේ ක‍්‍රියාවලිය වහා ම ක‍්‍රියාත්මක කළ යුතු ව ඇතැයි ඒ මහතා වැඩිදුරටත් කියා සිටිනවා.

    Source

     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    :eek:මුන්ට පිස්සුද බන් අලිත් හුරතල් කරන්න යන්නෙ
     

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    පෞද්ගලික පරිහරණයට..................
    මොනාටද දන්නේ නැහැ පාවිච්චි කරන්න යන්නේ............

    :baffled::baffled::baffled::eek::eek::eek: