නාමල්ට එරෙහි නඩුවක් කල් යයි

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    40,040
    35,980
    113
    වොන්ඩර් ලැන්ඩ්
    පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් කටයුතු කරමින් ගවර්ස් කෝපරේට් සමාගමේ රුපියල් මිලියන 30ක මුදලක් ආයෝජනය කිරීම තුළින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදු කළේ යැයි චෝදනාකොට හිටපු අමාත්‍ය නාමල් රාජපක්ෂ ඇතුළු විත්තිකරුවන් පිරිසකට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකර තිබූ නඩුව සැප්තැම්බර් මස 13 වනදා යළි කැඳවන ලෙස කොළඹ මහාධිකරණය අද නියම කළා.
    ඒ, එම නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ ඉදිරියේ කැඳවූ අවස්ථාවේදීයි.
    එම නඩුවේ පැමිණිල්ලේ සාක්ෂි විමසීම අවසන් වී තිබෙන අතර අපරාධ නඩු විධාන සංග්‍රහයේ 200 වන වගන්තිය යටතේ විත්තියේ සාක්ෂි කැඳවීමකින් තොරව විත්තිකරුවන් නිදහස් කරන ලෙස ඉල්ලීමක් කිරීමට සූදානම් වන බවයි මීට පෙර විත්තියේ නීතිඥවරු විසින් දැනුම් දී තිබුණේ.
    ඒ අනුව නඩුව සැප්තැම්බර් මස 13 වනදා නැවත කැඳවීමට නියෝග කළ මහාධිකරණ විනිසුරුවරයා එදින මෙම ඉල්ලීම සම්බන්ධයෙන් කරුණු දක්වන ලෙස නියෝග කළා.
    පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වශයෙන් කටයුතු කරමින් අයථා ලෙස උපයාගත් රුපියල් මිලියන 30ක මුදලක් ගවර්ස් කෝපරේට් සමාගමේ ආයෝජනය කිරීම තුළින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදු කළේ යැයි චෝදනා කොට හිටපු අමාත්‍ය නාමල් රාජපක්ෂ ඇතුළු විත්තිකරුවන් හය දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් ඉකුත් යහපාලන රජය සමයේ මෙම නඩුව ගොනුකර තිබුණා.
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113
    නඩුකාර මැද මුලන වහල් පොන්සියා: පොඩ්ඩක් ඉන්න තාක්සනික දෝසේ මතුවෙන්න කල් ඔනේ
     
    • Like
    Reactions: hasithayad

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    ඉතුරු ටික හිතාගනිල්ලකෝ "නීතිපතිවරයා විසින් ගොනුකර තිබූ නඩුව"
     
    • Like
    Reactions: Cypress

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    නඩුකාර මැද මුලන වහල් පොන්සියා: පොඩ්ඩක් ඉන්න තාක්සනික දෝසේ මතුවෙන්න කල් ඔනේ
    පොඩ්ඩක් ඉන්න තාක්සනික දෝසේ මතුවෙන්න කල් ඔනේ :lol: @2osama
     
    • Haha
    Reactions: Cypress