නාමල් රාජපක්ෂ වෙනුවෙන් රූපවාහිනී පනත සංශේධනය කරයි
දේශීය 2010 නොවැම්බර් 14 වෙනි ඉරිදා, 09:33
පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂගේ හිමිකාරීත්වය යටතේ ‘Youth TV’ නම් රූපවාහිනී නාලිකාව පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය කරන සංශෝධන ඇතුළත් ශ්‍රී ලංකා රූපවාහිනී පනත් සංශෝධන කෙටුම්පත පසුගිය සතියේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබේ.
දැනට ක්‍රියාත්මක වන රූපවාහිනී පනතට අනුව ඡන්දයෙන් තේරී පත්වූ හෝ ජාතික ලැයිස්තුවෙන් පත් කළ මන්ත්‍රීවරයකුට ඔහුගේ හෝ ඇයගේ නමින් රූපවාහිනී නාලිකාවක් පවත්වාගෙන යා නොහැක. මේ හේතුව නිසා අදාළ පනත සංශෝධනය කර නාමල් රාජපක්ෂ මහතාගේ අධ්යක්ෂ ධුරයෙන් යුත් ‘තාරුණ්‍යයට හෙටක්’ සංවිධානයේ සාමාජිකයන් යොදාගෙන ‘Youth TV’ නාලිකාව පවත්වාගෙන යාම ආණ්ඩුවේ අරමුණ වී තිබේ. මෙම පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීම කඩිනම් කිරීමට කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා ද කටයුතු කර ඇති බව ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි. දුමින්ද සිල්වා ද ඉදිරියේ දී රූපවාහිනී නාලිකාවක් ඇරැඹීමට නියමිත ය.