නාමල් උඩුගමගේ අක්මවේ සැත්කමක්

tarson

Well-known member
  • Feb 25, 2009
    8,770
    5,997
    113
    ඕක බීලම නැහිලාද කොහෙද ... ඉක්මන් සුව ...
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඉක්මන් සුවය පතනවා..!
    ලෙඩ නොවී තියෙයිද බං බොන බීමට.. යකාගෙ බීමක් බොන්නෙ ඔය මනුස්සයා..
     

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    නාමල් උඩුගමට අසාධ්‍යයි..

    ජිවිතේ බේරාගන්න අක්මාවක කොටසක් බද්ධ කළ යුතුමයි

    නාමල් උඩුගම ඔබ ආදරය කරන ජනප්‍රිය ගායකයෙක්. පසුගිය දවසක අපි ඔබට නාමල් උඩුගම ගැන සංවේදී කතාවක් කිව්වා. ඒ තමයි නාමල් තදබල විදිහට රෝගී වී සිටින බව. ඒ වගේම නාමල් වෙනුවෙන් අක්මාවක කොටසක් පරිත්‍යාග කළ හැකි පින්වත් කෙනෙකුගේ උදව් උපකාර පවා අපි ඉල්ලුවා.
    අපි එහෙම කිව්වේ ඒ වෙද්දිත් නාමල්ට ඒ වෙනුවෙන් සූදානම් වන ලෙස වෛද්‍යවරු අනතුරු හඟවා තිබූ නිසයි.
    අපිට එහෙම කියලා ගත කරන්න පුළුවන් වුණේ සති කීපයයි. මෑතක දවසක මට රුවන්ති මංගලාගෙන් දුරකථන ඇමතුමක් ආවා.
    “නාමල්ට ටිකක් අමාරුයි.” රුවන්තිගේ දුරකථන ඇමතුමට ප්‍රතිචාර දක්වපු අපි වහාම ගියේ කොළඹ නවලෝක රෝහලට.
    “නාමල් දැඩි සත්කාර ඒකකයේ. හුඟක් අමාරුයි. සමන්” රුවන්ති ඒ විස්තරය අපිට කිව්වේ හුඟක් සංවේදීවයි.
    රෝහ‍ලේ අවසරය ලබාගත් නිසාම අපි නාමල් ළඟට කිට්ටු වුණා. නාමල්ට හොඳ සිහියක් නැහැ. යාන්තම් ඇහි පිය ඈත් කරලා අපි දිහා බලනවා විතරයි.
    “කොහොම හිටපු කෙනෙක්ද?” අපේ හිතට මහා සංවේදී බවක් දැනුණා.
    රුවන්ති පවසන ආකාරයට වෛද්‍යවරු දන්වලා තිබෙන්නේ සති කීපයක් ඇතුළතදී නාමල්ට අක්මාවක කොටසක් බද්ධ කළ යුතුමයි කියලා.
    නාමල්ගේ රුධිර වර්ගය ‘ඒ’‍පොසිටිව්. ඉතින් මේ ‍ලේ කාණ්ඩයට අයත් තරුණ පරිත්‍යාගශීලී කෙනෙකු සිටිනවා නම් රුවන්තිට කතා කරලා ඒ සම්බන්ධව තවත් තොරතුරු දැන ගන්න පුළුවන්.
    “අපි හිතුවේ නැහැ මේ තරම් ඉක්මනට මේ ශල්‍යකර්මය සඳහා යොමුවෙන්න සිදුවේවි කියලා.”
    ඊයේ පෙරේදා දවසක හිටිහැටියෙම නාමල්ගේ පාදයක අප්‍රාණික තත්ත්වයක් හට ගත්තා. ඊට පස්සේ ඇවිදින්න බැරි වුණා. ඒ අනුව තමයි මම නාමල්ව අරගෙන රෝහල් ගත වුණේ.”
    “කොහොම හරි නාමල්ව පරීක්ෂා කරලා බලපු වෛද්‍යවරු කිව්වේ එයාට හුඟක් අමාරුයි, ජීවිතේ බේරාගන්න බලමු කියලයි.”
    මේ විදිහට රෝහල් ගත වෙච්ච නාමල්ගේ ජීවිතේට තිබුණු අවදානම දැන් ටිකක් විතර හොඳ අතට ඇවිත්.ඉතින් මේ වෙලාවේ තමයි පෙර කී ශල්‍යකර්මය ඉක්මනින්ම කළ යුතු බව සඳහන් කොට තිබෙන්නේ.
    නාමල් හොඳ පවුල් ජීවිතයක් ගත කරන තාත්තා කෙනෙක්. ඒ වගේම තමයි ජීවිතේ වුණත් පිළිවෙළට හදා ගත්තා.
    මේ හැම දෙයක්ම පිටුපස හිටියේ රුවන්ති. ඇය ශක්තිමත් බිරිඳක් හැටියට නාමල්ගේ ජීවිතේ හොඳින් සැලසුම් කළා.
    කොයි තරම් රාජකාරි තිබුණත් ඇය නාමල්ගේ රෝගී තත්ත්වය ගැන පවා හොඳින් සොයා බැලුවා.
    මේ රටේ තරුණ පරපුර එක්තරා කාලයක නාමල්ට අසීමිත විදිහට ආදරේ කළා.
    ඒ අය තවමත් හරියට නාමල්ගේ රෝගී තත්ත්වය ගැන දන්නේ නැහැ.”
    “ඉතින් මම ආදරෙන් ඉල්ලා සිටින්නේ මේ වෙලාවේ නාමල් වෙනුවෙන් ඉදිරිපත් වෙන්න කියලයි.”
    අක්මාවක කොටසක් තවත් කෙනෙකුට පරිත්‍යාග කළා කියලා ඒ පරිත්‍යාගශීලී පුද්ගලයාට කිසිදු ප්‍රශ්නයක් වෙන්නේ නැහැ කියලා බොහෝ විට වෛද්‍යවරු සඳහන් කරනවා. ඒ වගේම ජීවිත අවදානමක් ඇත්තෙම නැහැ.
    රුවන්ති මේ විදිහට උදව් ඉල්ලන්නේ ඒ සම්බන්ධව ඉතා හොඳින් දැනුවත් වී තිබෙන නිසාලු.
    “කවුරුහරි පරිත්‍යාගශීලී කෙනෙක් මේ විදිහට අපට උදව් කරනවා නම් ඒ කෙනාට සාධාරණයක් කරන්නත් අපි කැමැත්තෙන් ඉන්නවා. විවේක ගන්න කාල සීමාවේදී ජීවත්වීමේ පහසුව පිණිස මුදලින් වුණත් ආධාරයක් කරන්න මට පුළුවන්.”
    නාමල්ව බේරාගන්න රුවන්ති මෙන්න මේ විදිහට තමයි තමන්ගේ ශ්‍රමය වගේම ධනය වැය කරන්න බලා‍පොරොත්තුව ඉන්නේ.”
    දැන් මේ සටහන කියවන ඔබ එක දවසක් හරි නාමල්ගේ ගීතයක් අහලා තියෙනව නම්, රස විඳලා තිබෙනවා නම් නාමල් වෙනුවෙන් ඉදිරිපත් වෙන්න. ඔබ ‘ඒ’ ‍පොසිටිව් රුධිර කාණ්ඩයට අයත් නැත්නම් ඒ කාණ්ඩයට අයත් මිතුරු මිතුරියකට හරි කතා කරන්න. අන්න ඒ විදිහට ඉක්මනින්ම නාමල් වෙනුවෙන් පෙළ ගැහෙන්න බලන්න.

    රුවන්තිගේ දුරකථන අංකය
    0777281513
    0773936555

    සමන් ප්‍රියංකර නම්මුනිගේ
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    නාමල් උඩුගමට ඉක්මන් සුවය ප්‍රාර්තනා කරමු:sorry:
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    නාමල් උඩුගමට ඉක්මන් සුවය ප්‍රාර්තනා කරමු...!!!!
     

    Similar threads