නාමල් කුමාරගේ හඬපටවල ඇත්ත හෙළිවෙයි

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    එතකොට රනිල් මෛත්‍රීපාල සිරිසේනව මරන්න හදල නැද්ද ? :confused:
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,763
    28,898
    113
    නාමල් කුමාරගේ දුරකථනයේ මකා දැමූ හඬපටවල ඝාතන කුමන්ත‍්‍රණයක සාක්‍ෂි නෑ

    දූෂණ විරෝධී ජාතික බළකායේ අධ්‍යක්‍ෂ නාමල් කුමාර නමැත්තාගේ ජංගම දුරකථනයේ තිබී මකා දමන ලද හඬපට සියල්ල පරීක්‍ෂා කළ ද ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන සහ හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහත්වරුන් ඝාතනය කිරීම සඳහා නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා සමග කුමන්ත‍්‍රණයක් කළ බවට කිසිදු සාක්‍ෂියක් සොයා ගැනීමට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මේ වන තුරුත් සමත් වී නැත.

    නාමල් කුමාර නමැත්තාගේ ජංගම දුරකථනයේ තිබූ මකා දමන ලද හඬපට විශාල ප්‍රමාණයක්‌ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් සොයා ගනු ලැබුවේ හොංකොං වෙත රැගෙන ගොසිනි. මෙසේ මකා දමා තිබියදී නැවත සොයාගත් එම හඬපට සියල්ල අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙන වෙනම පරීක්‍ෂා කළ ද ඝාතන කුමන්ත්‍රණයක්‌ පිළිබඳව එම දුරකථන සංවාදවල සඳහන් වී නොමැති බව අනාවරණය වී ඇත.

    මෙම ජංගම දුරකථනය මගින් නාමල් කුමාර පොලිස්‌පතිවරයාට සහ නියෝජ්‍ය පොලිස්‌පති නාලක ද සිල්වා මහත්වරුන්ට අවස්‌ථා

    රැසකදී කතාකර ඇති බව හෙළිවී තිබේ.

    ඇතැම් දුරකථන සංවාද විනාඩි 39-40 තරම් දීර්ඝ ඒවා වන අතර ඇතැම් ඇමතුම් විනාඩි කීපයක්‌ පැවති ඒවා බවද පොලිස්‌ මූලස්‌ථානය පවසයි.

    නාමල් කුමාර නමැත්තා තමන්ට අවාසි සහගත වන දුරකථන ඇමතුම් මකා දමා ඝාතන කුමන්ත්‍රණයක්‌ ගැන පැවසෙන හඬපට කීපයක්‌ ජංගම දුරකථනයේ ඉතිරි කර ඇති බවද හෙළිවී ඇත. :lol:

    ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ යන මහත්වරුන් ඝාතනය කිරීම සඳහා ත්‍රස්‌තවාදී විමර්ශන ඒකකයේ නියෝජ්‍ය පොලිස්‌පති නාලක ද සිල්වා මහතා තමා සමග කුමන්ත්‍රණයක්‌ කළ බවට නාමල් කුමාර මාධ්‍ය ඔස්‌සේ හෙළිකර තිබිණි.

    මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වූ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව චෝදනා ලැබ සිටි නියෝජ්‍ය පොලිස්‌පති නාලක ද සිල්වා මහතා අත්අඩංගුවට ගත් අතර ඔහු මේ වන විට බන්ධනාගාරගත කර සිටියි.

    මෙම කුමන්ත්‍රණ සිද්ධිය හෙළි කළ නාමල් කුමාර නමැත්තාගේ ජංගම දුරකථනයේ හඬපට විශාල ප්‍රමාණයක්‌ මකා දමා තිබූ බව විමර්ශන වලින් අනාවරණය විය.

    එසේ මකා දමා තිබූ හඬපට නැවත ලබා ගැනීමට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක්‌ හොංකොං සමාගමක්‌ වෙත පසුගියදා ගිය අතර එහිදී මකා දමන ලද හඬපට විශාල ප්‍රමාණයක්‌ සොයා ගැනීමට හැකි විය.

    හේමන්ත රන්දුණු


    - http://divaina.com/daily/index.php/puwath-2/21631-2018-12-24-16-04-33
     
    Last edited: