ඇයි බං මොරටුව නගරාධිපති කරපු දේකට නාමල් මහත්තයා සමාව ගන්නේ? එයාද කියලා තියෙන්නේ නගරාධිපතිතුමාට එහෙම කරන්න කියල?
මොනවා උනත් සමන්ලාල් නගරාධිපති කරපු දේ හරි. එහෙම කරපු නිසා තමයි අඩුම ගානේ සාමාන්‍ය මිනිස්සුන්ට හරි බෙහෙත විදගන්න අවස්ථාවක් ලැබෙන්නේ. නැතිනං වෙන්නේ ඕක නිලධාරීන් ටික බෙදා ගන්න එක.
නගරාධිපතිට අර වෛද්‍යවරිය අන්තිමට කීවා එයාලගේ 10 දෙනෙක්ට එන්නත දෙනකොට, ඕනි නං නගරාධිපතිගේ ලිස්ට් එකේ 5 කට එන්නත දෙන්නං කියලා. ඒක වැරදි. නගරාධිපති කිවේ එහෙම බැහැ, ඕනි නං සමානව, ඒ කියන්නේ දොස්තරගේ කට්ටිය 10 යි නං නගරාධිපති තෝරාගෙන ඉන්නා මොරටුවේ එන්නත අවශ්‍ය ලිස්ට් එකෙන් 10 කුත් ගන්න ඕනි කියලා. ඒක සාධාරණ නැද්ද?
තමුන්ගේ ප්‍රදේශයේ එන්නත් ලබා දීම ගැන තීරණය කරන්න අයිතිය තියෙන්නේ මිනිස්සුන්ට, ඒ කියන්නේ පුරවැසියන්ගේ නියෝජිතයා වන නගරයේ ප්‍රධානියාට. නගරාධිපතිට. ඕක තමයි මිනිසුන්ගේ අතේ බලය තියෙනවයි කියන්නේ.
නැතුව රජයේ නිලධාරීන්ට ඕක තීරණය කරන්න දෙන්න හොද නැහැ. දේශපාලකයන්ට දුෂිතයි කිව්වට, ඒ වගේ සිය දහස් ගුණයක් නිලධාරීන් දුෂිතය. දේශපාලකයෙක් අඩුම ගානේ ජන්දෙන් හරි ගෙදර යවන්න ඕනි. ඒ ම්නිසුන්ගේ හොද නරක එහෙම පරි පරික්ෂා වෙනවා. හැබැයි නිලධාරියෙක් ගෙදර යවන්න පෙලක් විය අවුරුදු 40, ඒ මිනිහ පෙන්ෂන් යනකන් ඉන්න වෙනවා.
ඕක තේරුම් ගන්න.