නාමල්, තරුණ සමුළුව මගහැර ගිය රහස කුමක් ද?

waligamaya

Well-known member
  • නාමල්, තරුණ සමුළුව මගහැර ගිය රහස කුමක් ද?

    අර්ධ ශතකයේ පොරක් ලෝක තරුණ සමුළුවේ සභාපති වූයේ ය. මේ පොර එසේ මෙසේ පොරක් නොවේය. "මනුෂ්‍යත්වයේ පැතුම" ආදර්ශ පාඨය ගෙන ඡන්දයට ආ පොරක් ය. උතුරු - මිතුරු අරමුදලේ රුපියල් කෝටි ගණනක් බහිරවයාට පිදූ පොරක් ය. මේ ආදී බොහෝ සුදුසුකම් සම්පූර්ණ කර ලෝකයට පරකාසේ වූයේ කිසිදු තරගයක් නොමැති බවය. අහම්බෙන් ය. ලෝකයට පරකාසේ කම ප‍්‍රදර්ශනය කළ ලෝක තරුණ සමුළුවේ සභාපති වීම මේ වෙසක් මහේය. පළදීමක් ය. මහින්ද රාජපක්ෂගේ ගොබෙල්ස් බලකායේ පෙරමුණේම සිටින මේ සැඟවුණු අමුත්තා යෞවන කටයුතු හා නිපුණතා ඇමැති ඩලස් අලහප්පෙරුම ය.

    ලෝක තරුණ සමුළුව නමින් දෙයක් මාගම්පුර මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලා පරිශ‍්‍රයේදී හා කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලා පරිශ‍්‍රයේදී පසුගිය 06 වෙනිදා සිට 10 වෙනිදා දක්වා පැවැත්විණ.

    දැනට ඔටුන්න හිමි කුමරු, නාමල් තරුණයා මේ සමුළුව මගහැර සිටියේ ය. තරුණ සමුළුවේ සභාපති පුටුව ලබා ගැනීමට මුලින් සැලසුම් කර තිබුණේ නාමල් කුමරුට ය. එහෙත් මඩ ගෑවෙන තැන්වලදී ඒවා මගහැර සිටීමට මේ කුමරුගේ උපදේශකයන් උපදෙස් දී ඇත. එනිසා ඉතා පරිස්සම් වෙයි. රග්බි කී‍්‍රඩාවේදී පමණක් මඩ නා ගැනීමට ඉදිරිපත් වෙයි. උපදේශකයෝ ද ඒ සඳහා උපදෙස් දෙති. එනිසා විනිශ්චය කරුවන්ට පහරදීමට පවා එඩිතර වේ. එහෙත් ඇතැම් තැන්වලට සහභාගිවීමට තරම් හයියක් නැත. කැසිනෝ සූදුවට අසීමිත බදු සහන සලසන පනත් තුනක් සංශෝධනයේදී නාමල් කුමරු මගහැර සිටියේය. දැන් ලෝක සමුළුව මගහැර සභාපතිකම ද මහල්ලෙකුට දන් දී ඇත. ඩලස් අලහප්පෙරුමට සභාපතිකම ලැබෙන්නේ එසේය.

    මෙසේ සිදුවූයේ ඇයි? එය සිදුවූයේ නිකම්ම නොවේ. සැඟවුණු බොහෝ කරුණු කාරණා ඊට හේතු වී තිබේ. ආණ්ඩුවේ ප‍්‍රකාශයන් අනුව ලෝකයේ රටවල් 148ක් නියෝජනය කරමින් තරුණ තරුණියන් 608 දෙනෙකු මෙයට සහභාගිවී ඇත. 1936 දී ආරම්භ කරන ලද මෙම තරුණ සමුළු ඉතිහාසයේ වැඩිම රටවල් ගණනක් නියෝජනය කරමින් වැඩිම පිරිසක් සහභාගි වූයේ මෙම සමුළුවට බව ද කියා තිබිණ. ඉදිරි වසර 10 හෝ 15 දක්වා ලෝක මට්ටමින් කි‍්‍රයාත්මක කිරීමට "කොළඹ ප‍්‍රකාශය" නමින් නිල ප‍්‍රකාශයක් ද එළි දක්වනු ලැබීය.

    මේ තරම් වූ දේකට ඔටුන්න හිමි නාමල් කුමරු නොපැමිණ මගහැර ගියේ ඇයි ? සමුළුව වෙනුවෙන් රුපියල් මිලියන 1,500ක් පමණ වියදම් කළ බව ද අනාවරණය වේ. වියදම හරියටම කොපමණ දැ යි ආණ්ඩුවෙන් හෙළිකරන්නේ නැත. නමුත් තහවුරු කළ හැකි ආණ්ඩුවේ පුද්ගලයන්ම කියන්නේ රුපියල් මිලියන 1500ක් පමණ වැය කරන ලද බවය. රාජපක්ෂලාට සහ සුරතලුන්ට මෙම මුදල පයිසයක් තරම් නොවුව ද අඩුම ගණනේ ඇඟලුම් කර්මාන්ත ශාලා පහළොවක් වත් දැමිය හැකි මුදලක් ය. ඒ තුළ අඩුම තරමින් තරුණ තරුණියන්ට රස්සා හත් අටදාහක් වත් ලබාදිය හැකි මුදලක් ය.

    නමුත් එහෙම දෙයක් කරන්නේ නැත. මේ හැමදේම කළේ නිකම්ම නොවේ. ඔටුන්න හිමි නාමල් කුමරුට ලෝක තරුණ සමුළුවේ සභාපතිකම ලබාදීමටය. ලෝකයේම තරුණයන්ගේ නායකයා බව මෙරට ජනතාවට පෙන්වීමට ය. ලෝක තරුණයන්ට වැඩ කිරීමට ය. ලෝකයේ තරුණයන්ට වැඩ කිරීමේදී අපේ රටේ තරුණ තරුණියන්ට ගාමන්ට් එකක්වත් ඉදි නොවීම වෙනම දෙයක් ය. මේ තරුණ සමුළුව අමතා මහින්ද රාජපක්ෂ මහරජු වදාරණ ලද බොහෝ දේවල් තිබේ. "විශේෂයෙන් ප‍්‍රතිපත්ති සම්පාදනය හා කි‍්‍රයාත්මක කිරීමේදී තරුණයන් කි‍්‍රයාශීලී සහභාගිකරුවන් වූ විට ආර්ථික හා සමාජ සංවර්ධනය වඩාත් සාර්ථක බව ශී‍්‍ර ලංකාව පිළිගනී." රජයේ නිල වෙබ් අඩවිය මහරජු දෙසා වදාළ දේ පළ කර තිබිණ. ආර්ථික සංවර්ධනයට තරුණයන්ව කි‍්‍රයාශීලී සහභාගිකරුවන් කර ගන්නා බව කියමින් ඉන්දියාව, චීනය, ඇතුළු රටවලින් කම්කරුවන් 63,000 ගෙන්වාගෙන මේ රටේ කොන්ත‍්‍රාත් වැඩ බිම්වල හිඳිති. මොවුන් කුලී කම්කරුවන් ය. අපේ තරුණයන්ට කුලී වැඩක්වත් නැත. මේ නිසා පිය රජතුමාගේ දිව දෙකේ කතාවලට විරෝධය පාමින් නාමල් කුමරු තරුණ සමුළුව වර්ජනය කරන්නට ඇති බව කල්පනා කරතොත් යම් තර්කයක් එහි තිබේ. කෙසේ නමුත් ඇත්ත කාරණය වන්නේ රජ පවුල පිටින්ම දිව දෙකේ කතා කියන බවය. ඒවගේම එකක් කියා ඊට සපුරාම වෙනස් දෙයක් කරණ බව ය.

    මහ රජතුමා තරුණ සමුළුවේදී තවදුරටත් පවසා තිබුණේ "අපගේ සුවිශේෂ තරුණ ජනයාගේ අවශ්‍යතා සහ අභිලාෂයන්ට ශී‍්‍ර ලංකාව විශේෂ අවධානයක් යොමු කර ඇත" යනුවෙන් ය.

    සුවිශේෂ තරුණ ජනගහනය පිළිබඳව විශේෂ අවධානයක් යොමු කර තිබීම හේතුවෙන් නීති විරෝධීව බෝට්ටු මගින් ඕස්ටේ‍්‍රලියාවට තරුණයන් පැන යනවා දැයි ප‍්‍රශ්නයක් මතුවේ. රුපියල් කෝටි 150ක් පමණ වියදම් කර බාල් නටන කොට මෙරටේ ඵලදායී නිෂ්පාදන කර්මාන්තයට යෙදවූයේ නම් මෙසේ බෝට්ටු මගින් තවත් රටකට පලා යාමට තරුණයන්ට උවමනා වන්නේ නැත. එහෙත් රුපියල් කෝටි දහස් ගණනක් වියදම් කර චෝගම් සැණකෙළි පවත්වා මහරජු එකපැත්තකින් පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල රාජ්‍ය නායක සමුළුවේ සභාපති බවට පත්වෙයි. අනික් පැත්තෙන් තවත් රුපියල් කෝටි 150ක් පමණ වියදම් කරණ ලෝක තරුණ සමුළුවේ සභාපතිකමට මහරජුගේ ගොබෙල්ස් බලකායේ අර්ධ ශතක පොරක් පත් වෙයි. තරුණයන්ට කුණුහරුප, දෙවියන්ගේ සිහි වන්නේ ය.

    මෙරටේ තරුණ තරුණියන් රැකියා සොයා බෝට්ටු මගින් ඕස්ටේ‍්‍රලියාවට පලා යාමට තරම් තත්වයක් ඇතිකර මහරජු ලෝකයට පරකාසේ දේශනා කිරීම අති දක්ෂ ලෙස කර තිබේ. තරුණ සමුළුව අරඹමින් මහා දේශපේ‍්‍රමී කතාවක් මහරජු විසින් කර තිබේ. "ඔබ සැමගෙන්, ලෝකය නියෝජනය කරන තරුණ පිරිසගෙන් ඔබගේ රට පූජනීය ලෙස සලකන ලෙසට ඉල්ලා සිටිමි. එය ඔබගේ වෙනත් කිසිදු උවමනාවකට දෙවැනි විය යුතු නොවේ. එමෙන්ම එය කවර ආකාරයේ ප‍්‍රතිලාභයක් වෙනුවෙන් හෝ කැපකළ නොහැක. රට වෙනුවෙන් වන ඔබගේ ලැදියාව කිසිවිටෙක පාවාදෙන ලෙසට අභ්‍යන්තර බලවේගයන්ගෙන් පීඩනයක් සිදුවිය හැකි වුවත් එවැනි බලපෑම්වලට සියලු ආකාරයෙන් විරුද්ධ විය යුතුය."

    පසුගිය පළාත් සභා මැතිවරණයට අකුරැස්ස ප‍්‍රචාරක රැළිය අමතමින් මේ කියන කටින් කියුවේ කුමක් ද? එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම නියෝජනය කරන රටවල් හතලිස් හතම අපේ රටට විරුද්ධ වුවත් කමක් නැති බවය. 29 වැනිදා පවත්වන පළාත් සභා මැතිවරණයෙන් තමන්ව ජයග‍්‍රහණය කරවිය යුතු බවය. ඔබගේ රට පූජනීය ලෙස සලකන ලෙස ද කවර ආකාරයේ බලපෑමකට වත් රට පාවා නොදෙන ලෙසට ලෝකෙට පරකාසේ දෙසා වදාරණ කට අකුරැස්සේ දී කීවේ 28 වෙනි දින ලෝකය හමුවේ රට පරාජය වූවාට ප‍්‍රශ්නයක් නැති බවය. මේ රටේ ඡන්ද තමන්ගේ ගොඩට එකතු විය යුතු බවය. නාමල් කුමරුන් තරුණ සමුළුව මගහැර ගියේ මේ වගේ විලිලැජ්ජා නැති කතා අහගෙන ඉන්න බැරි නිසාවත් ද? සමහර කෙනෙකුට හිතෙන්නට බැරි නැත.

    මගහැර යාමට හේතුව ඒ කිසිවක් නොවේ. වෙනම රහසක් ය. සඟවන්නට උත්සාහ කරන එවැනි රහස් බොහොමයක් තිබේ. ඒ අතරින් ටිකක් දැන් හෙළි කළ හැකිය. මෙම සමුළුවට සහභාගි වීමට කැමති තරුණ තරුණියන්හට අයදුම් කරන ලෙස අන්තර් ජාලය ඔස්සේ විවෘත ඉල්ලීමක් කර තිබිණ. ලොව පුරා තරුණ තරුණියන් කිසියම් ප‍්‍රමාණයක් එයට ප‍්‍රතිචාර දක්වා තිබිණ. ඔවුන් අතරින් අති බහුතරය කවුරුන් ද?

    දැනට හෙළි වී ඇති ආකාරයට විවිධ සංවිධානාත්මක කණ්ඩායම් පැමිණ තිබේ. දෙමළ ඩයස් පෝරාවේ තරුණ තරුණියන් ඒ අතර ප‍්‍රමුඛ ය. එමෙන්ම ලොව පුරා විසිරී තිබෙන සමලිංගික සංවිධාන කණ්ඩායම්, ම්ලේච්ඡ මූලධර්මවාදී ආගමික කණ්ඩායම්, මත් ද්‍රව්‍ය මාෆියා ප‍්‍රචාරක ව්‍යාපාර නියෝජිතයන් සහ සමාජ ගවේෂණ කණ්ඩායම් ඒ අතර සිටින බව හෙළිවේ. මේ අතරින් ලෝක තරුණ සමුළුවේ යම් හෝ ප‍්‍රගතිශීලි අරමුණු සමඟ සමාන්තර වීමට පැමිණියේ සමාජ ගවේෂණ කණ්ඩායම් පමණය. පැමිණි 608ක් වූ පිරිසගෙන් යහපත් අරමුණු වෙනුවෙන් පැමිණ සිට ඇත්තේ පනහකටත් අඩු පිරිසක් බව අනාවරණය වේ. විශේෂයෙන්ම ලොව පුරා සිටින සමාජවාදී තරුණ කණ්ඩායම්වල දශ ලක්ෂ ගණනක් තරුණ තරුණියන් අතරින් දහ දොළොස් දෙනෙකු හෝ මීට සහභාගී වී නැත. මෙම තරුණ සමුළුව බලමුළු ගැන්වූවන්ගේ පැටිකිරිය හෙළිවීමෙන් ඔටුන්න හිමි කුමරුගේ අනාගතයට එක්වන්නේ ඉතාම අනතුරුදායක ක`ඵ පැල්ලමක් ය. එනිසා සමු`ඵව අත්හැර දමා වෙනත් හොර පොළවල. හොර ගල් ඇහිලීමට නාමල් කුමරු තීරණය කර තිබේ. තරුණ සමුළුවට දෙමළ ඩයස් පෝරාවේ තරුණ තරුණියන්, සමලිංගික සංවිධානවල නියෝජිතයන්, ම්ලේච්ඡ අන්තවාදී ආගමික කණ්ඩායම්වල නියෝජිතයන් හා මත්ද්‍රව්‍ය මාෆියා ප‍්‍රචාරක කණ්ඩායම් ආදිය පැමිණීම පිළිබඳව හෙළි වුවද එයින් දැන් නාමල් කුමරුගේ දේශපාලන අනාගතයට කැළලක් එකතු නොවෙනු ඇති බවට හිත හදාගත හැකිය.

    පිය රජතුමා, ඔටුන්න හිමි කුමාරයා සහ තරුණ කටයුතු ඇමැති තරුණ සේවා සභාපති ඇතුළු පිරිස එකතු වී තාරුණ්‍යයට හෙටක් හැදුවේත් නිල්බලකාය හැදුවේත් රජ පවුලේ අනාගතය ගැන හිතලාය. ඔටුන්න හිමි කුමාරයාගේ මතු දියුණුව වෙනුවෙන් ය. ලෝක තරුණ සමුළුව සංවිධානය කරන ලද්දේ ද ඒ අර්ථයෙන්ම ය. එහි මුල්පුටුවේ වාඩි කිරීමට ය. එසේ වාඩිකර ලෝකයටම තරුණ නායකයා නාමල් කුමරු බව කීමට ය. මෙරට ජනතාව ඉදිරියේත් තරුණ පිරිස ඉදිරියේත් පාරම්බෑමට ය.

    එසේ පාරම්බාමින් ජේම්ස් පැකර් ඇතුළු පාතාලයේ කැසිනෝ ගෙන්වාගෙන ඒ හෝටල්වල ගණිකා වෘත්තියට මෙරට දියණිවරුන් දැක්කීමට ය. තවත් පිරිසක් ඒ හෝටල්වල වෙනත් තුට්ටු දෙකේ රස්සාවලට ගාල් කිරීමට ය. එසේකර බැරිවන ඉතිරි පිරිස කොරියාවේ තුට්ටු දෙකේ රස්සාවලට දැක්කීමට ය. ඒ අතර කාලයේ රාජකීය කුමාරයා වෙනුවෙන් රජකම සූදානම් කිරීමට ය. ඔහුගේ සතුට වෙනුවෙන් අගනුවර පාරවල් වසා විනෝද බද්දෙන් නිදහස් කර, කාර් රේස් පැදීමට ඉඩ දී තිබිණ. රග්බි විනිශ්චය කරුවන්ගේ කණ පැලීමට අවස්ථාව දී තිබුණේ විනෝදයට ය. රජ කුමාරවරුන් නියෝජනය කරන රග්බිය ජය ගැනීමට ඉඩ දී අනික් කණ්ඩායම් පසුබැසිය යුතු වූයේ ද කුමාරවරුන්ගේ ප‍්‍රතිරූප පිම්බීමට ය. මේ සැලසුම් සියල්ල නූලට හරි ගිය ද තරුණ සමුළුව ගැස්සී ගියේය. ජාම් බේරා ගැනීමට පල්ලම් බැස යා යුතු විය.

    දැන් එළඹෙමින් තිබෙන්නේ තරුණ සමුළුවෙන් විතරක් නොව සිංහාසනයෙන් ද පවුලට බැස යාමට ය. වේදනාකාරී සත්‍යය එය ය. රට හැරී තිබෙන්නේ ඒ වෙතය.

    උපුටාගැනීම ලංකා ඉරිදා සංග්‍රහය
     
    Last edited:
    • Like
    Reactions: Elakiri Pora

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,791
    3,374
    113
    ඌ මේ දවස් වල රගර් ගහනවා නේද? ගහන ගහන එක පරාදද කොහෙද..
     

    Elakiri Pora

    Well-known member
  • Feb 7, 2012
    1,158
    380
    83
    ලක්බිම/ලoකාදීප
    හනේ ඉතින් රටේ මහම එකාගෙ පුතා... ජාත්‍යන්තරව රී ගන්නවා

    73lidvf3r5jh8h421s2mci3la0_10374898_10203476649582186_2998065985116044217_n.jpg
     
  • Jul 6, 2012
    10,696
    2,919
    113
    මට පේන්න බැරි ප@ක් බං.... :angry:
    මුං රටේ රග්බි වලට අන්තිමට කරපු ඒවගෙන් නම් එපාම වුනා. තාත්තගෙම පුතාල නෙ
     
  • Jul 6, 2012
    10,696
    2,919
    113
    ඌ මේ දවස් වල රගර් ගහනවා නේද? ගහන ගහන එක පරාදද කොහෙද..
    ඕකෙ දෙවනි එකා විතරයි ටිකක් හරි ටැලන්ට් එක තියෙන්නෙ. ඒත් ඌත් සුදුස්සෙක් නෙමේ. බාලම එකා කෙලින්ම සැටලයිට් යවන ප්‍රොජෙක්ට් එක භාරව දැම්මෙ උගත්කමක් හරි වෙන මුකුත් අධ්‍යාපන සුදුසුකම් තිබිල ද? එකත් ලඟකදි PhD කරන්න අරගෙන තියෙන්නෙ. සැටලයිට් එකක් යවන්න එච්චර ඇම්මක් තිබුන නම් ඊට වඩා ඕක භාර දෙන්න මිනිස්සු ලංකාවෙ හිටියා සහ ඉන්නවා. මේ පාරත් මහින්දය ජනාධිපති වෙයි. ඒත් ඊට පස්සෙ වතාවෙ ලංකාවෙ නායකයා මේ වගේ එකෙක්ම කරනව ද නැද්ද කියන එක මොලේ මැටිම තියන ලංකාවෙ ජනතාවටම භාරයි
     

    waligamaya

    Well-known member
  • එළකිරි කොල්ලෙක්;16689948 said:
    ඕකෙ දෙවනි එකා විතරයි ටිකක් හරි ටැලන්ට් එක තියෙන්නෙ. ඒත් ඌත් සුදුස්සෙක් නෙමේ. බාලම එකා කෙලින්ම සැටලයිට් යවන ප්‍රොජෙක්ට් එක භාරව දැම්මෙ උගත්කමක් හරි වෙන මුකුත් අධ්‍යාපන සුදුසුකම් තිබිල ද? එකත් ලඟකදි PhD කරන්න අරගෙන තියෙන්නෙ. සැටලයිට් එකක් යවන්න එච්චර ඇම්මක් තිබුන නම් ඊට වඩා ඕක භාර දෙන්න මිනිස්සු ලංකාවෙ හිටියා සහ ඉන්නවා. මේ පාරත් මහින්දය ජනාධිපති වෙයි. ඒත් ඊට පස්සෙ වතාවෙ ලංකාවෙ නායකයා මේ වගේ එකෙක්ම කරනව ද නැද්ද කියන එක මොලේ මැටිම තියන ලංකාවෙ ජනතාවටම භාරයි

    :yes::yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,096
    3,543
    113
    Inside Your Laptop ;)
    http://www.elakiri.com/forum/showthread.php?t=1434406

    රගර් ගහන කොලුවාගේ කතාව.....

    rugger_player_holding_ball_above_head_afs-1030-00009.jpg


    අභිෂේක් දුෂ්කර ගම්මානයක කොලු ගැටයෙකි. ඔහුගේ ගමේ නම් වෙල් යායවල් නැත්තේය. එය මුහුදු මායිමට නොදුරු ගම්මානයක් නිසාම අභිෂේක්ට දුව පැන ඇවිදින්නට වුයේ ලුණු ලේවායන්ගේ ලවන පිරුනු පරිසරයකය. ඔහුට සහෝදරයන් පමණක්ම සිටි නිසාම කුඩාකල සිටම සොයුරියකගේ පෙමක් ලැබී නැත්තේය. තම පියාගේ වුවමනාව නිසාම අභිෂේක් ගමේ පාසලට ඇතුලත් ක‍ලද අධ්‍යාපනයට ඒ හැටි වුවමනාවක් නැති බවක් සියල්ලෝම කල්තියා දුටුවෝය. තම අනෙක් දරුවන්ද එසේම බැව් පියා දැන සිටියේය.

    අධ්‍යාපනය බැරිනම් ඇත්තේ ක්‍රීඩාවමය. අකුරු බැරිනම් ක්‍රිකට් යන සංකල්පය අභිෂේක්ගේ රටේ මුල් බැසගත් යුගයක් තිබුනේය. එහෙව් කලෙක අභිෂේක් ගේ පියාට අදහසක් ආවේ තම පුතු ලවා කිරිකොට් ගැස්සවීමටය. පුතුද කෙලිලොල් බවින් යුතු නිසාම කුඩා කල පිත්ත අතට ගත්තේය. කුඩාකල ක්‍රිකට් ක්‍රීඩා කලද පුතු වැඩිවියට පත් වෙද්දී පන්දුවක් දෙඅතේ රුවා ගැනීමටවත් තරම් දක්ෂයෙක් නොවන බව පසක් වීය. ඒ අතර තම අනෙක් සොයුරන්ද යන එන මගක් නොමැතිව හරි හැටි අධ්‍යාපනයක් නැතිව කල් ගෙවීය.

    අවාසනාවන්ත කාලයක නිමාවක් සටහන් කරමින් අභිෂේක් ගේ පවුලට නැවුම් අරුණැල්ලක් උදාවීය. ඒ තම පියා ගමේ ග්‍රාමසේවක වූ දවසය. එතැන් පටන් අභිෂේක් ගේ මව පබලු මාලයක් ගෙලේ රුවා ගත්තීය. එසේම රෙද්ද හැට්ටයට සමුදී ඔසරියක් ඇගේ රුවා ගත්තාය. සොයුරන් තිදෙනාටද සිකුරා මෙන්ම අනෙක් වටිනා ග්‍රහයෝද බැබලෙන්නට ගත්තේ එතැන් සිටය. අභිෂේක් ගේ පියාද වෙනම ආරකට සුදු සරම සහ අත්දිග කමිසය අදින්නටත්, පෙර සිටම පුරුදු කොට ආ ක්‍රමයටම රැවුල කපන්නටත් පටන් ගත්තේය.

    අභිෂේක් නැවත ක්‍රීඩාවට යොමු විය. ඒ ක්‍රිකට් නොවේය. රගර්ය.

    ගෝලාකාර පන්දුව පිත්තේ වදින්නේ නැත්තේය. පිත්ත ඒ තරමට කුඩාය. අනික ‍හරියටම ගෝලා කාරය. එවන් පන්දුවට වෛර කළ අභිෂේක් දෙපැත්තෙන් උල් වූ පන්දුව කිහිල්ලේ ගසාගෙන පිට්ටනියට පැන්නේය. පන්දුව වෙනස් කලාට ක්‍රීඩාවකදී දක්ෂතාවය වුවනාම බව අභිෂේක් නොදත්තේය. තමා ඇතුලු කණ්ඩායම පිට පිටම පරාජය ලබද්දී ගමේ අය ග්‍රාමසේවක මහතාට මෙන්ම, අභිෂේක්ට උසුලු විසුලු කරන්නට වූහ.


    අභිෂේක් සියල්ල දරාගත නොහැකිව ගෙදර ගියේය. තම පියාද පුතුගේ පරාජයෙන් කලකිරී සිටින බව අභිෂේක් දත්තේය. පියා සහ පුත්‍රයා ක්‍රීඩාව දක්ෂතාවයෙන් තොරව ජය ගන්නට උපක්‍රම යෙදුවේය. ගමේ සිටින දක්ෂතම කණ්ඩා‍යමේ ක්‍රීඩකයන් අමතා ඔවුනට සංතෝසම් දී පුතුගේ කණ්ඩායමට එක්කාසු කර ගත්තේය. එහෙත් දක්ෂතම කණ්ඩායමේ නායකයා එයට එකතු නොවූයේය. ඒ අන් කිසිවක් නොවේය. තම දක්ෂතාවය යටතේ තරග කරන්නටත්, නායකයා ලෙස සිටින ග්‍රාමසේවක මහතාගේ පුත්‍රයාගේ නම බැබලවීමට තරම් තම දහඩිය හෙලන්නට අකැමැත්ත නිසාය. එය සාධාරණය.

    අභිෂේක් නැවත පිටියට ආවේය. ඒ මුදලට ගත් දක්ෂයන් රැසක් සමගය. ඔවුන් තම ගමේ සියළු තරග ජය ගත්හ. ප්‍රාන්තයේ සියළු තරග ජය ගත්හ. එසේම රාජ්‍යයේ සියළු තරග ජය ගත්හ. දැන් අභිෂේක් සැබෑ ක්‍රීඩා ශීලී තරුණයෙක්ය. ඔහුගේ නායකත්වය නිසා තම කණ්ඩායම ජය ගන්නේය. අභිෂේක් ගමට මෙන්ම රටටම සම්පතක්ය. ගමේ උදවිය විසිල් ගැසුවෝය. ඒ තම ගමේ නම රාජ්‍යය පුරා ගෙන ගිය නිසාය.

    ඒ පමණක් නොව සෑම පත්තරයක්ම, රූපවාහිනී වෙලද දැන්වීමක්ම හැඩ වන්නේ අභිෂේක් රුවින්ය. ඒවාට තම කණ්ඩායමේ සෙසු ක්‍රීඩකයන්ගේද සහභාගිත්වයද ඇත්තේය. නමුත් එවන් වෙලද දැන්වීම අතර තුර රූපරාමු මන්ද ගාමී වන්නේය. එසේ මන්දගාමීව රූප මාරුවන අතර තුර සිටින්නේ අභිෂේක්ය. ඒ ඔහුව උක්ත කළ යුතු නිසාමය. මන්ද ඔහු උල් පන්දුව රැගෙන පිටිය පුරා දිව්වේ, දුවන්නේ දක්ෂතාවය නිසාමය.

    එවන් දක්ෂතා පිරි ක්‍රීඩකයන්ට අපේ ප්‍රණාමය... !

    කතෘ අවසරය මත එළකිරි.කොම් සදහා උපුටා ගත්තේ මෙතනින්......


    Code:
    http://samindikasrimantha.blogspot.com/2012/05/blog-post_23.html


    :oo: පහත බ්ලොගයෙන් එළකිරි.කොම් සදහා උපුටා ගැනීමේ © අයිතිය , කතෘ විසින් urajdrlk ® වෙත පිරිනමා ඈත. :yes::yes:


    Code:
    http://www.samindikasrimantha.blogspot.com/