නාමල් රාජපක්ෂගේ ලන්කට් එක සහ මාවිල් ආරු ඇŞ
නාමල්ගේ ලැම්බෝගිනි,රත්තරන් අශ්වයින්,රත්තරන් ඔරලෝසු,උපන්දිනේට ලැබුණු හෙලිකොප්ටර් ,රත්තරන් ලන්කට් ආදී එකී නොකී නහුතයක් ජාති ගැන අසා සංවේගයට පත්වූ සිංහලයෝ වහ වහා යහපාලනය දෙසට අදුනෝය.මේවායේ ඇත්ත නැත්ත කෙසේ වෙතත් අල්ලපු ගෙදරට අලුත් ටීවී එකක් හෝ ගෙන ආවොත් හිත නරක්කරගන්නා සැදැහැවත් නෝනලා මහත්වරු මේ අජාසත්ත බොරු අසා කම්පා වී මහින්ද රාජපක්ෂ ගෙදර යැවීය.
එසේකොට දිවවිත් රූපවාහිනිය දෙස කට ඇරගෙන බලාසිටියේ නාමල් රාජපක්ෂ ඇතුළු නඩයේ අහවල් එක අල්ලා ටීවී එකේ පෙන්නනතුරුය.වසරක් ගතවීත් අල්ලපු ලන්කට් එකක් නැත.චන්දෙට කලින් ලංකාවේ කොතැන හෝ මහා පරිමාන ඉදිකිරීමක් කලේ නම් එය නාමල්ගේ හෝ ගෝඨාභයගේ විය. වසර දෙකකට වඩා වැඩි කාලයක් තිස්සේ කරගෙන ආ මෙම සාපරාදී කුමන්ත්රගණය වරක් රාජිත විසින්ම හෙළිදරව් කරන ලදී. නමුත් යුධ ජයෙන් ඔකඳ වී සනීප ජීවිත ගෙවමින් සිටි ආණ්ඩුවේ උද්දච්ඡ මිනිසුන් කිහිප දෙනෙක් "අපි ඉන්නකන් ඒවා කොහෙද?" යන අදහසින් සිටියා මිසක මෙම මඩවලටවත් පිළිතුරු නොදී වෙන වෙන බහුභූත කරමින් සිටි නිසා මේ බොරු ජනතාව අතර පැළවිය.
එහි කුටප්ප්රා ප්තිය ලෙස සිදුවන්නේ රටට එරෙහි සියළු දුෂ්ට බලවේග විසින් කුහකයින් සහ අවස්ථාවාදීන් එකතු කරගෙන එදා උන්ට කරගන්නට බැරිවූ දෙය කරගැනීමත් යුද්ධය කල මහින්දගෙන් පලිගනීමත්ය. යුද්ධයේ අයිතිය හා ගෞරවය හිතූ මනාපෙට කට්ටිය අතර බෙදාගන්නා විට යුද්ධයට නායකත්වය දුන් මිනිහාගේ කොටස ඉතා කුඩාය. රතන,චම්පික,ෆොන්සේකා හා චන්ද්රිිකාද යුධ වීරයන්ය. ඒ උනත් පසුගිය දස වසර තුල කල සංවර්ධන ක්රි යාදාමය තුල හෝ අන් යම්තැනක හොරකම් හෝ දුෂණ වූවානම් ඒ සියල්ල තනිකරම මහින්දටය. එම කාලය තුල කැබිනට් මණ්ඩලේ උන් චම්පික,මෛත්රී ,රාජිත ,හකීම්,රිෂාඩ්,නවීන් ඇතුළු නඩය ඉතාම නිර්දොෂීය. මෙවැනි නරුමයන් විසින් මේ මොහොතේද ජනතාව අන්දවමින් සිටී.බොරු කප්පරක් ඇදබා රටක් වැනසූ මොවුන් වැන්නන් රටේ දේශපාලන නායකත්වයට තබා වැසිකිළි සේදීමටවත් සුදුසු නොවන බව මේ මොහොත වනවිට ජනතාව තේරුම් ගනිමින් සිටී.
මහින්දගේ පාලන කාලය තුල නකුට දෙපරැන්දේ ගසාගෙන සිටි විග්නේශ්වරන්ලා අද රට කරවන රූකඩ ඉදිරියේ සිංහ වෙස් ගෙන රඟපාමින් සිටී.මේ සියල්ල දැක දැකත් ඊනියා දුෂණ ගැන පමණක් නන්දොඩවමින් රඟන කිලිනොච්චි මැදවච්චිලාද ජෝන් බාස්ලාද උතුර දෙස නොබලා මුක පූට්ටුවී සිටිති.ඊනියා උරුම කරුම කාරයින් කනගාටුව ප්රචකාශ කිරීමෙන් සැනසෙත්. මේවා දකින විට මුන් යුද්ධය කාලයේ කරායැයි කියන ඒවා ඇසු විට සිනහා යන්නේ අධෝමුඛයෙනි.
රට කොටියා ඉදිරියේ හතරගාතෙන් වැටී සිටි මොහොතක බලයට ආ මහින්ද දිව්රුම්දෙන අවස්ථාවේදීම "මේ යුද්ධය තවත් ජනපතිවරයෙකුට පවරන්නේ නැත "කියා කිව් බව කීදෙනෙකුට මතක ඇතිදැයි නම් දන්නේ නැත.බටහිරයන් ඉදිරියේ ඕනෑම පාවාදීමක් කිරීමට කැපවූ නායකයන් අතර මහින්දගේ භූමිකාව අපට වැදගත් වන්නේ කිසිවෙකුට දන නොනමීමට ඔහු ගත් එඩිතර තීන්දුවයි.එසේ නොවන්නට අදද ලංකාව අමු සොහොනකි.