නාරංගල

toiya

Well-known member
  • Jan 8, 2007
    13,167
    4,555
    113
    පොන්සි ආණ්ඩුව
    නාරංගල යනු ඌව පලාතේ 2වනි උසම කන්ද වන අතර ලංකාවේ 38 වන උසම කන්ද වේ. 1,376 m ක් පමණ උස වන මෙම කන්ද සම්පූර්ණයෙන්ම පතන වනාන්තරයක් වේ..නාරංගල වෙත කන්දෙගෙදර-ගලඋඩ මාර්ගයෙන් සහ නාරංගල ප්‍රදේශයෙන්ද ළඟා විය හැක.
    අපේ කණ්ඩායම නාරංගල චාරිකාව ආරම්භ කළේ බදුල්ල නගරයෙනි. බදුල්ලෙන් උදේ 8ට පමණ කන්දෙගෙදර බස් රථයට ගොඩ වූ අප විනාඩි 45ක පමණ ගමනකින් පසු කන්දෙගෙදර නගරයට පැමිණියෙමු..කන්දෙගෙදර නගරයෙන් කෑම බීම මිලදීගත් අප කිලෝමීටර් 2ක් පමණ ඈතින් ඇති තංගමලේ දේවාලය අසලට පැමිණියෙමු..කන්දෙගෙදර නගරයේ සිට දේවාලය තෙක් වාහනයකින් පැමිණිය හැක..නමුත් එතැන් සිට ඔබ ගමන් කල යුත්තේ පයිනි..එනම් නාරංගල තරණය ආරම්භ වන්නේ මේ දේවාලය අසලිනි.
    දේවාලය අසල සිට උදෑසන ආහාරයෙන් සප්පායම් වූ අප තේ වතු මැදින් ගමන් කොට කුඩා වන රොදකට ඇතුල් වුනෙමු..එය මදක් දුශ්කර මාර්ගයක් වන අතර අධික බෑවුම සහ කූඩැල්ලන් දුශ්කරතාවය තවත් වැඩි කරයි..වනාන්තරය පසුකළ අප ඊළඟට ළඟා වූයේ පතන බිමකටය එහි වූ අඩි පාර දිගේ ගමන් කළ අප කදු fake peak හෙවත් වියාජ්‍ය මුදුන ලෙස හදුන්වන ගල් කුලු වලින් සමන්විත බිමකට පැමිණියෙමු..කන්ද පාමුල සිට බලන විට කදු මුදුන ලෙස පෙනෙන්නේ මේ කොටසයි..එබැවින් එය fake peak ලෙස හදුන්වයි.මෙතැන් සිට කදු මුදුනට පැහැදිලි අඩි පාරක් ඇත..මෙතැනට කදු මුදුන අලංකාර ලෙස දිස් වේ. fake peak මත මදක් විවෙක ගත් අප අඩි පාර ඔස්සේ කදු මුදුනට ළගා වුනෙමු. නාරංගල මුදුනට ළඟා වීමට දේවාලය අසල සිට පැය 2ක් 3ක් පමන ගත වේ.මෙහි මුදුනේ මේ වනවිට අලංකාර චෛත්‍යයක් ඉදිවෙමින් පවතින අතර නාරංගල මුදුනට දකුණු දිශාවෙන් නමුණුකුල ද නිරිත දිශාවෙන් පූනාගල කදු වැටියද බස්නාහිරට වන්නට හෝර්ටන් තැන්න ප්‍රදේශයද උතුරෙන් ලොග්ගල් ඔය ප්‍රදේශයද දැක ගත හැක.නාරංගල කන්ද යනු සංචාරයට ඉතා කදිම ස්ථානයකි.නමුත් මෙහි පැමිණෙන සංචරකයන් විසින් දමා යන ප්ලාස්ටික්,පොලිතින් හා වීදුරු වලින් මේ භූමිය අපවිත්‍ර වෙමින් පවතී. Pasindu Dissanayaka


    -ෆ්‍රොරෝම් මුණු පොත-
    14203386_1242664292425144_6993529478106619778_n.jpg

    14141989_1242664282425145_2616562686464143883_n.jpg

    14211964_1242665392425034_9073278718095350974_n.jpg

    14222358_1242663559091884_5338909668919227527_n.jpg