නාලන්ද සිසුවා නිපදවූ ඒඩ්ස් ඖෂධය

prashan3000

Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    මාධ්‍ය කාරයෝ තමයි රට කන්නේ. කාට හරි පඩයක් ගියොත් බෝම්බයක් කරලා පොල් ගෙඩි අකුරින් දානවා.හැබැයි ඊට පස්සේ මොකද උනේ කියල වගක් නෑ . එකට ගොඩක් වෙලාවට හේතුව ඉස්සර හිටිය වගේ දැනුමින් මුහුකුරා ගියපු මාධ්‍යවේදීන් දැන් නැහැ .ඉන්නේ මොකක් හරි සිද්දියක් රස කර කර ජනතාවට කියන ගිරවු හෝ ලියන මහත්තුරු හරි . ගොඩක් මාධ්‍ය කාරයොන්ට අධ්‍යාපන සුදුසු කමුත් නෑ සාමාන්‍ය දැනුමත් නෑ .මොනවා හරි ලියල හරි කියල හරි හවසට කීයක් හරි සාක්කුවේ දාගන්න බලන දවස් කුලී කාරයෝ ටිකක් තමයි දැන් මාධ්‍යවේදීන් කියල ඉන්නේ. මොනවා උනත් ඒඩ්ස් වලට බෙහෙත් හොයාගත්ත රඛිත දිල්ෂාන් මාලේවනට සුබ පතනවා.මේක වතුර වලින් දුවන කාර් එක හදපු එකාගේ නිවුස් එක වගේ වෙන්න එපා කියලත් ප්‍රාර්ථනා කරනවා.