නාසා අයතනයට නැවතත් වරදී

Hankook

Well-known member
  • Apr 4, 2022
    5,265
    8,165
    113
    නාසා ආයතනයේ අතිශය රහසිගත අධි ආරක්ෂිත ලිපි ගොනුවක් ඇසුරෙනි.
    මෙහි සිටින ජොනී සින්ස් යැයි කියන හා ඊවා ලොවියා යැයි කියන හෝ පොර්න් හබ් නම යැයි කියන වෙබ් අඩිවයක් ගැන මා මීට පෙර නොදන්නා බව වගකීමෙන් ප්‍රකාස කරමි.
    ♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️
    මාගේ ගුරුදේවෝත්තම සිවුපිලිසිඹියාපන් මීවනපලානේ සිරිධම්ලකර අරිහත් අනුබුදු සංමා සංබුදු රජානන් වහන්සේට නමස්කාර වේවා......
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    බිම්බර බව ගුරුත්වාකර්ෂනය අඩු වීම නිසා රාග ද්වේෂ මෝහ පහ වෙන බව මාගේ ගුරුදෙවිඳුන් ලොවට හෙලි කලේ 2012 වසරේදීය..බුදුන් උපන් හෙළබිම නමින් එදා මහා ප්‍රාඥයන් වහන්සේ ලියූ පොත එලි දැක්වූ මොහොතේම මුළු ලෝකයම කැළඹුනේ දෙබරයකට ගලකින් ගැසූවාක් මෙනි.

    නාසා ආයතනය වසර හතලිහක පමන පෙර සිටම මීවනපලානේ සිරිධම්මාලංකාර මහා ප්‍රාඥයන් වහන්සේ පසු පස ලුහු බදිමින් සිටියේය.
    මෙම දහම් පොත ප්‍රකාශයට පත් කිරීමත් සමග විශේෂ ගුවන් යානයකින් මෙහි පැමිනි නාසා පර්යේෂණ කණ්ඩායමක් පොතේ පිටපත් රැසක් ඇමරිකාවට ගෙන ගියේය..
    එහි අඩංගු කරුණු ගැන නාසා ආයතනය දීර්ඝ කාලයක් තිස්සේ පර්යේෂණ රාශියක් කලේය.(ඇත්තටම අදද ඔවුන් එය හදාරමින් පර්යේෂණ කරන්නේය.)
    🎯🎯🎯🎯🎯🎯🎯🎯🎯🎯🎯🎯🎯🎯🎯🎯
    පොළොවේ ඇති ගුරුත්වාකර්ෂනය නිසා මිනිස්සුන්ගේ රාග සිතිවිලි ඇති වන බවත් ගුරුත්වය අඩු තැනක් වීම නිසා රාගාදි කෙලෙස් දුරු කල හැකි බවත් මෙම කෘතියේ කර තිබූ හෙළිදරව්ව නිසා නාසා ආයතනය කැළඹුනේය.
    එවකට නාසා අයතනයේ ප්‍රධානී විලියම් ග්‍රේක්ගෙ නියෝගය පරිදි මේ සදහා බොහොම ආකර්ෂණීය අත්හදා බැලීමක් කිරීමට ඔවුන් තීරනය කලේය..
    🎯🎯🎯🎯🎯🎯🎯🎯🎯🎯🎯🎯🎯🎯🎯🎯🎯
    කාම චිත්‍රපට නළුවෙකු යැයි කියන ජෝනී සීන් සහ සුරූපී කාම නිලියක යැයි කියන ඊවා ලොවියා අභ්‍යාවකාශයට යවා අඩු ගුරුත්වාකර්ෂන තත්වයක් යටතේ කාමුකව හැසීරී එම දර්ශන
    චිත්‍රපටයට නඟා මහා ප්‍රාඥයන්ගේ ප්‍රකාශය බොරුවක් කිරීම ඔවුන්ගේ අරමුණ විය.

    පෝර්න් හබ් නම් යැයි කියන කාම චිත්‍රපට සමාගමත්
    ස්පේස් එක්ස් ආයතනයත් මේ සදහා පහසුවෙන් එකඟ විය.
    නාසා ආයතනය සමග සාකච්ඡාවකදී specs x ප්‍රධානි එලොන් මස්ක් ප්‍රකාස කර ඇත්තේ මෙවර මහා ප්‍රාඥයන්ගේ සිවුරු ගලවා දැමීමට තමන් සූදානම් බවයි...
    මේ සදහා ඇමරිකානු ඩොලර් මිලියන 5ක් ලබාදීමට එලොන් මස්ක් නොපැකිලව ඉදිරිපත් වූ අතර කාම චිත්‍රපටය අලෙව්යෙන් ලබන අදායමෙන් සීයට හැත්තෑපහක් එලොන් මස්ක්ට ලබා දීමට පොර්න් හබ් ආයතනය එකඟ විය.
    🎯🎯🎯🎯🎯🎯🎯🎯🎯🎯🎯🎯🎯🎯🎯🎯
    ජොනී සින්ස් සහ ඊවා ලොවියා මේ සදහා ඉතා කැමැත්තෙන් ඉදිරිපත් වූ අතර මහා ප්‍රාඥයන්ගේ පොත දෙදෙනාම කියවා බැලූවේය. ඊවා ලොව්යා තමන් මේ පොත බොරුවක්බව ඔප්පු කරන බවට වහසි බස් දෙඩුවාය. ජොනී සීන්ද ඊවා ලොවියාට ඇසක් ඉගිකර අපි මෙය බොරු බව ඔප්පු කරමු යැයි තලු මරමින් කීවේය .
    🎯🎯🎯🎯🎯🎯🎯🎯🎯🎯🎯🎯🎯🎯🎯🎯

    2015 අග භාගයේ ටොරිඩා ප්‍රාන්තයේ අභ්‍යාවකාශ මධ්‍යස්ථානයේන් ඩිස්කවරි ෂටලය අහසට නැගුනේ ජොනී සින්ස් ඊවා ලොවියා සහ කැමරා කණ්ඩායමත් සමගිනි
    මහා ප්‍රාඥයන් වහන්සේට අපහාස කිරීම පිනිස එතුමන් හඳින සිවුරේ පැහැයට සමාන තැඹිලි පැහැති අභ්‍යාවකාශ ඇදුම් මේ අය හැඳගෙන සිටියේය...
    ඉතාමත් උද්දාමයෙන් ඊවා තුරුලු කරන අහසට නැගුනු ජොනී සින්ස් සහ ජොනී සින්ස්ට තුරුලුව සිටි ඊවා ලොවියාද ඩිස්කවරි ෂටලය ඉහලට යන්න යන්න අගලෙන් අගල අඩියෙන් අඩිය දුරස් වන්නට විය.
    වායු ගෝලයෙන් මීදී යානය සම්පූර්ණ හිස් අවකාශයට ඇතුලු වන ව්ට දෙදෙනා සිට්යේ ඩිස්කවරි ෂටලයේ කොන් දෙකකය...

    කැමරා කණ්ඩායමද තමන් කරන්නට පැමිනි දේ ගැන නොතකා තමන් ගත යුතු දේ අත්හල යුතු දේ (ආනා පාන) ගැන සිතමින් කතා කරමින් සිටියේය.
    නාසා ආයතනය කෙතරම් උත්සාහ කලත් ජොනී සින්ස්ගේ සි⁣තේ ඊවා ලොවියා ගැන රාග යක් ඇති නොවීය. ඊවා ලොවියාද තමන් යලි කිසි දිනක රාගික ක්‍රියා නොකරන බවත් තමක් කල දේවල් ගැන පසු තැවෙන බවත් කියා ඇත.
    හොදටම කිපුණු නාසා ආයතනය කැමරා කණ්ඩායම ලවා මේ දෙදෙනාටම කාම උද්දීපනය ඔසු අධි මාත්‍රාවෙන් කීප වරක්ම දුන්නද ප්‍රතිපලයක් නැතිවිය...
    තව තවත් අභ්‍යාවකාශයේ සිටියොත් මේ සියලු දෙනා සදහටම කෙලෙස්, සං දුරු කරන බව වැටහුණු පෝර්න් හබ් ප්‍රධානීන් වහා පොලොවට නැවත පැමිනෙන ලෙසට මොර දුන්නේ මේ දෙදෙනා අහිමි වීම කාම චිත්‍රපට කර්මාන්තයට විසාල පාඩුවක් වන නිසාය.
    ආපසු පෘථිවියට ආසන්න වන්නට වන්නට ජොනී සින්ස් සහ ඊවා ලොවියා සිට්යේ එකිනෙකා තදින් වැළඳ ගෙනය.
    අභ්‍යාවකාශයේදී දුන් කාම උද්දීපන පෙති ක්‍රියාත්මක වන්නට වූයේ ගුරුත්වාකර්ෂනය දැනෙන්නට ගත්තායින් පසුවය.
    වාර්තා වලට අනුව ඔවුන් දෙදෙනා ආපුසු පැමිනි ෂටලය තුල ආවේගකාරී ලෙස කාමයේ හැසිරී ඇත.
    මෙයික් ගුරුත්වාකර්ෂනය සහ කෙලෙස් අතර ඇති සම්භන්ධය මනාව ඔප්පු විය

    අවසන එලොන් මස්ක්ද නාසා ප්‍රධානි විලියම් ග්‍රේස්ද නසා ආයතනය ස්පේස් එක්ස් පොන් හබ් ආයතන සියල්ලද ජොනී සීන්ස්ද ඊවා ලොවියදා සමස්ත ඇමරිකාවද මහා ප්‍රාඥයන් වහන්සේගේ දහමේ සත්‍ය වටහා ගත්තෝය.
    එහෙත් ප..ර සුද්දන්ගේ ගතිය පෙන්වමින් ඔවුන් එලි පිට පරාජය බාර නොගෙන ඉහත දැක්වෙන ඡයාරූපය පමනක් මාධ්‍යට නිකුත් කලේය.
    එයින් ඔවුන් අභ්‍යාවකාශයේ කාමුක සිතිවිලි ඇති වන බව ලොවට ඒත්තු ගන්වා පරාජය සඟවා ගත්හ.
    එහෙත් වසර ගණනක් ගියද ඔවුන් කලා යැයි කියන මෙම කාම චිත්‍රපටය අදටද ඔවුන් පොර්න්හබ් වෙබ් අඩවියට නිදහස් කර නැත..

    එමෙන්ම දැනට අභ්‍යාවකාශ චාරිකා වල නිරත අභ්‍යාවකාශගාමීන්ද ජාත්‍යන්තර භ්‍යාවකාශ මධ්‍යස්ථානයේ සේවය කරන අයද තමන්ට නිකෙලස් බවක් දැනෙන බව කියමින් නාසා ආයතනයට එවූ කේබල් පණිවිඩ රැසක්ද නාසා ආයතනය සගවා ගෙන සිටින්නේ මහා ප්‍රාඥයන් වහන්සේට ගෞරවයක් ලැබේ යැයි සිතාය
    ♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️
    මීවනපලානේ සිරිධම්මාලංකාර සංමා සංබුදු අනුබුදු මහා අරිහත් මහා ප්‍රාඥයන් ගේ තරම දැන ගන්නට මේ කතාව ප්‍රමානවත් නොවේද..
    👉අභිමානයෙන් ශෙයාර් කරන්න.
    මේ පිළිබද ඔබේ අදහස් කොමෙන්ට් කරන්න.
    නමෝ මීවනපලානාය මහා ථේරෝ කියා කොමෙන්ට් කර විශ්ව ශක්තිය ලබා ගන්න.
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
    Screenshot_20240322_135108_com.gspace.android.jpg

    @Stimulus mind @Heshan Daminda @scurvy @nevermindNevergiveup @AnuradhaRa @Lovtus @emoji diaries @ITGuy25 @NRTG
     
    Last edited:

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,109
    27,537
    113
    ♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️
    මාගේ ගුරුදේවෝත්තම සිවුපිලිසිඹියාපන් මීවනපලානේ සිරිධම්ලකර අරිහත් අනුබුදු සංමා සංබුදු රජානන් වහන්සේට නමස්කාර වේවා......
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
    Angry I Hate It GIF by HRejterzy
    Give Up GIF by Good Behavior


    මෙතනින් පස්සේ කියවන එක නතරකලා 🥴 🥴 🥴
     
    • Haha
    Reactions: kukku baba