නාසි අවිවල නූතන හැඩය
හිට්ලර් නාසි ජර්මනිය බිහි කලදා පටන් දෙවන ලෝක යුද්ධය අවසන් වෙන තෙක්ම නාසීන් විසින් යුද අවි,ගුවන් යානා,රථයන් සහ අනෙකුත් උපකරණ පිළිබඳ පර්යේෂණ සහ දියුණු කිරීම් මහා පරිමාණයෙන් සිදුකරන ලදි.නාසි විද්‍යාඥයින් සහ ඉංජිනේරුවන් වෙනත් ජාතීන්ට වඩා නවීන තාක්ෂණයෙන් නාසි ජර්මනිය සන්නද්ධ කරන්නට අවදානය යොමුකරන ලදි.
Horten Ho 229 යනු ලොව ප්‍රථම ස්ටෙල්ත් වර්ගයේ ගුවන් යානයයි(රේඩාර්වලට හසුනොවන ).ඊට රාත්තල් 2000ක් බර අවි රැගෙන අඩි 50,000ක් උසින් පියාසර කල හැකිවිය.උපරිම වේගය පැයට සැතපුම් 600කි.එහි ටර්බෝ ජෙට් එන්ජින් දෙකක් තිබූ අතර තුවක්කු සහ රොකට්වලින් සන්නදධ විය.නාසි පක්ෂයේ ප්‍රධානි හර්මන් ගෝරින් විසින් මෙම ව්‍යාපෘතියට රිච් මාකස්(නාසි ජර්මනියේ මුදල් ඒකකය ) 500,000කට වඩා ලබාදීමට අවසර දී තිබිණි.Horten Ho 229 යානය පළමුවරට ගුවන් ගත වූයේ 1944 වසරේදීය.එහි අඩුපාඩු රැසක් පැවතියද යුද්ධ සමයේදි කෙටි කාලයක් භාවිතා කර තිබේ.
නූතන හැඩය
දෙවන ලෝක යුද්ධය අවසාන වීමෙන් පසුව නාසි ජර්මනියේ තාක්ෂණය මෙන්ම නාසි විද්‍යාඥයින්ද ඇමෙරිකා එක්සත් ජනපදයට ලබාගත් අතර Horten Ho 229 යානයට සමාන ගුවන් යානා නිපදවීම පසුකාලීනව සිදුවිය.ඇමෙරිකා එක්සත් ජනපදයේ B-2 නම් උපාය මාර්ගික බෝම්බ හෙළන යානය ස්ටෙල්ත් තාක්ෂණයෙන් සන්නද්ධය.මෙයද ජර්මන් Horten Ho 229 යානය මෙන් වල්ගයක් රහිත flying wing වර්ගයේ යානාවක් වන අතර ගුවන් නියමුවන් දෙදෙනෙකුට එහි ගමන් කල හැකිය.මෙම යානයට සාම්ප්‍රදායික න්‍යෂ්ඨික බෝම්බ මෙන්ම තාප න්‍යෂ්ඨික බෝම්බ පවා රැගෙන යා හැකිය.
Fritz X නම් බෝම්බය රාත්තල් 3,500ක බරකින් යුක්ත පුපුරණ ද්‍රව්‍යවලින් සමන්විත විය.බෝම්බයට නිවැරදිව ඉලක්කය වෙත ගමන් කිරීමට මඟ පෙන්වූයේ රේඩියෝ සංඥා යොදාගෙනය.මෙම බෝම්බ ගෙන යන යානාවලට ගුවන් යානා නාශක තුවක්කුවල ප්‍රහාරක පරාසයට ඇතුල් නොවී අඩි 20,000ක පමණ උසක සිට බෝම්බ හෙළීමට හැකිවූයේ මෙම තාක්ෂණය නිසාය.නමුත් එය යුද්ධයේදී ප්‍රයෝජනයට ගත්තේ සීමා සහිත කාලයක් පමණි.ඊට හේතු වූයේ මෙවැනි බෝම්බ ගෙන යාමට සහ හෙළීමට හැකියාව තිබුණු ජර්මන් ගුවන් යානා ප්‍රමාණවත් තරම් නොතිබීමයි.නමුත් එවැනි දුෂ්කරතා මධ්‍යයේ වුවද මෙම බෝම්බ යොදාගෙන සාර්ථක ප්‍රහාර එල්ල කරන ලදි.1943 සැප්තැම්බර් මාසයේදී ඉතාලියේ රෝමා නම් නෞකාවට එල්ල කල මෙම බෝම්බ ප්‍රහාර දෙකකින් එකක් නිසා නෞකාවේ පුපුරණද්‍රව්‍ය ගබඩාව විනාශ වීමෙන් නැව පුද්ගලයන් 1255ක් සමග ගිලී ගියේය.මිත්‍ර හමුදාවන් මෙම බෝම්බ වලට මඟ පෙන්වන සංඥාවලට බාධා කිරීමට හැකි ක්‍රමයක් සොයා ගන්නා තෙක් නාසීන්ට නෞකා 5කට පමණ මෙම බෝම්බ යොදාගෙන හානි සිදු කිරීමට හැකිවිය.
නාසින්ගේ නියාමක බෝම්බ වලට සමාන වර්තමාන අවියක් වන්නේ කෲස් මිසයිලයි.මේවා අධික වේගයෙන් නිවැරදිව සතුරු ඉලක්ක වෙත මාරක ප්‍රහාර එල්ල කිරීමට යොදා ගැනේ.නූතන කෲස් මිසයිලවලට අතිධ්වනි වේගයෙන් ගමන් කල හැකි අතර ඒවාට තනිවම මාර්ගය සොයා ගත හැකි ලෙස දියුණු කර තිබේ.
මෙය නාසීන් විසින් පුපුරණ ද්‍රව්‍ය ගෙන යාමට නිර්මාණය කල කුඩා ප්‍රමාණයේ රථයකි(Goliath).එහි රාත්තල් 220ක පුපුරණ ද්‍රව්‍ය ගෙන යා හැකිය.දුරස්ථව පාලනය කල හැකිවූ මේවා 7000ක් පමණ නිපදවූ බව කියවේ.මෙය රේඩියෝ සංඥාවලින් පාලනය කල හැකි රථ වාහන වල ආරම්භක අවස්ථාව ලෙස හැඳින්විය හැකිය.
දුරස්ථපාලන රථ වර්තමානයේදී බහුලවම භාවිතා වන්නේ බිම්බෝම්බ ඉවත් කිරීම් කටයුතු සඳහාය.එක්සත් ජනපද හමුදා ඉරාකය සහ ඇෆ්ගනිස්ථානයේ දී මෙවැනි දුරස්ථපාලන රථ යොදාගත්හ.ඊට අමතරව මෙවැනි රථ ඔත්තු බැලීමේ සහ රහසිගත මෙහෙයුම් සඳහා යොදා ගැනේ.
නාසීන්ගේ ප්‍රබලම අවියක් ලෙස V-2 මිසයිලය හැඳින්විය හැකිය.එය ලොව පළමු දිගුදුර නියාමක බැලස්ටික් මිසයිලයයි.තම නගරවලට මිත්‍ර හමුදා බෝම්බ හෙළීමට පළිගැනීමක් ලෙස මෙම අවිය ජර්මානුවන් විසින් නිපදවූයේ යැයි කියවේ.1944 සැප්තැම්බර් මාසයේදී V-2 මිසයිල 3000ක් පමණ ලන්ඩන් සහ මිත්‍ර හමුදා ඉලක්ක වෙත එල්ල කරන ලදි.
වර්තමානයේ විවිධ රටවල් අන්තර් මහද්වීපික මිසයිල අත්හදා බලන්නේ එවැනි අවිවලින් සන්නද්ධ වීම තම යුද ශක්තිය විදහා පෙන්වීමට හොඳම අවස්ථාවක් නිසා පමණක් නොව ඒවාහි බලසම්පන්නකම නිසාය.මෙම මිසයිල න්‍යෂ්ඨික ශීර්ෂ ගෙන යා හැකිසේ එක්සත් ජනපදය,රුසියාව,චීනය ආදී රටවලින් විසින් දියුණු කර තිබේ.එසේම මේවා ගොඩබිම,වාහන ,සබ්මැරීන සහ ගුවන් යානාවල සිට පවා දියත් කල හැකිය.
Source:Warhistoryonline.com
-HarshaLulzSec-

පහත දැක්වෙන්නේ නාසීන්ගේ සුපිරි රහස් අවි කිහිපයක් සහ ඒවායේ නූතන හැඩයයි.
ස්ටෙල්ත් ගුවන් යානා

නියාමක මිසයිල

දුරස්ථව පාලනය කල හැකි රථ
මෙය නාසීන් විසින් පුපුරණ ද්‍රව්‍ය ගෙන යාමට නිර්මාණය කල කුඩා ප්‍රමාණයේ රථයකි(Goliath).එහි රාත්තල් 220ක පුපුරණ ද්‍රව්‍ය ගෙන යා හැකිය.දුරස්ථව පාලනය කල හැකිවූ මේවා 7000ක් පමණ නිපදවූ බව කියවේ.මෙය රේඩියෝ සංඥාවලින් පාලනය කල හැකි රථ වාහන වල ආරම්භක අවස්ථාව ලෙස හැඳින්විය හැකිය.
නූතන හැඩය
දුරස්ථපාලන රථ වර්තමානයේදී බහුලවම භාවිතා වන්නේ බිම්බෝම්බ ඉවත් කිරීම් කටයුතු සඳහාය.එක්සත් ජනපද හමුදා ඉරාකය සහ ඇෆ්ගනිස්ථානයේ දී මෙවැනි දුරස්ථපාලන රථ යොදාගත්හ.ඊට අමතරව මෙවැනි රථ ඔත්තු බැලීමේ සහ රහසිගත මෙහෙයුම් සඳහා යොදා ගැනේ.
අන්තර් මහද්වීපික බැලස්ටික් මිසයිල