නැගණියට මංගල දැන්වීමක් - ඇගේ පෑන්ටිය C.K ය

kkr

Well-known member
  • Jun 1, 2008
    5,274
    796
    113
    Seeduwa
    නැගණියට මංගල දැන්වීමක්

    නැගණියට මංගල දැන්වීමක්


    ඈ උපන්නේ හැත්තෑ හතේදීය


    උතුමාණන් මේක සිංගප්පූරැවක්‍ කොරාපු දාය


    ඈ වැඩිවිය පත්වූණේ අසූ නමේදීය

    වි‍ජේවීර ඇල්ලූ පුවත ටී. වී එකේ යද්දී
    අම්මා මට ඒ ආරංචිය ඇවිත් කීවාය
    ඔහුගේ සිරැරින් ලේ ගැලූ නිමේෂයේම
    මල්වර රැධි‍රය ඇගේ කලවා තෙත් කළේය

    ඈ භද්‍ර යෞවනයට පිය නැඟූ මල්වර නැකත

    ඔහුගේ මරැ නැකත විය

    දැන් දෙදාස් තුනය

    ඈට දැන් අවුරැදු විසි හයකි

    ඇගේ දෙපා ඩිජිටල්ය

    ස්කෑන් කර බැලුවත්
    වැලි කැටයක පලුද්දක් නැත
    ඇගේ දෙතන බෙත්ම සිලිකන්ය

    මිනි ටී එකෙන් ඈත් මෑත් වන

    නැබතුර ඩීවීඩී කොලිටිය
    ඈ දෑත් හයි රිසලුෂන්ය
    මයි‍ක්‍රොමිනිය තුළ තෙරපෙන නිතඹ මල්ටි මීඩියාය

    ඇගේ වත නම් වී.එම්. එස් ය

    ඇගේ කට හඬ එෆ්. එම් ය
    ඔලුව වෑල් ය
    හදවත ට්‍රැකින් වේ
    (හැදුවට වැඩක්ම නැත)
    ඇගේ ආත්මයේ ෆන් ගස් බැඳී ඇත
    ඉපනැල්ලක්වත් නැති ඈ කිහිලි
    ඩි‍ඔචරන්ට් ගඳය
    ඇගේ පෑන්ටිය C.K ය
    එහෙත්
    අම්මා පල්ල ඇතුළ ජාතික චින්තනය

    ඈ මගේ නංගීය

    මා ඈ ගැන බැලිය යුතුමය
    ඉතින් ඇනලොග් නාකියෙක් හෝ
    ඩිජිටල් මෝඩයෙක් සොයමි
    ඩිජිටල් නම් සුළු ආබාධයක් තිබුණද කම් නැත
    ඇනලොග් නම් දික්කසාද
    දරැවන් නැති අය ඉල්ලන්න

    - කේ කේ සමන් කුමාර
    :lol::lol::lol::lol::lol::lol::lol::lol:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මගේ හිතාදර මිත්‍රයා කේ.කේ සමන් කුමාර හෙවත් සර්පයා.......
    ඌ ලිව්වොත් ඔය වැනි ඒවා ම තමාය......
    උගේ සර්පයෙකු සමග සහ නේරංජනා කියවනු වටී....
    ඔබ ඔළුවෙන් සිටගෙන ඇති සෙයක් දැනේවි...........