නැගෙණහිර මහඇමති තවමත් කොටි ව්‍යාපාරයේ

Ayano Mori

Member
Jul 19, 2010
50
7
0
නැගෙණහිර මහඇමති තවමත් කොටි ව්‍යාපාරයේ

Top Lanka News
kot.jpg
නැගෙණහිර මහඇමති ශිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් ප‍්‍රදේශයේ වනාන්තර මහා පරිමානයෙන් එළිකරවමින් දෙමළ ජනාවාස ගොඩනංවයි. සිංහලයන් නැගෙණහිරින් ඉතාම සංවිධානාත්මකව එළවාදමයි. ආයුධ අරගෙන ත‍්‍රස්තවාදියෙක් වශයෙන් කටයුතු කළ ඔහු දැන් මහඇමතිවරයා වශයෙන් නීතිය අතට ගෙන රාජ්‍ය බලය පාවිච්චි කරමින් ජාතිවාදී ක‍්‍රියාවක යෙදෙමින් සිටියි උතුරු නැගෙනහිර සිදුවන නීතිවිරෝධී ජාතිවාදී ඉඩම් කොල්ලය පිලිබඳ මාධ්‍ය දැනුවත් කිරීම සඳහා අද (21) කොළඹ සව්සිරිපායේදී පැවැති මාධ්‍ය හමුවේදී දේශහිතෛශී ජාතික ව්‍යාපාරය සභාපති වෛද්‍ය ගූණදාස අමරසේකර මහතා පැහැදිලි කළේය
අමරසේකර මහතා වැඩිදුරටත් පෙන්වා දුන් ලෙසට නැගෙණහිර පලාතේ සිදුවන්නේ ඉතාම දරුණු ජාතිවාදී ආක‍්‍රමණයකි. සේරුවිල, කන්තලේ, ගොමරන්කඩවල , ඊචලම්පත්තු, කුච්චිෙවිලි, කින්නියා, පොතුවිල් යන ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල හා දීඝවාපී හා සමන්තුරේ හි රජයට හා වනසංරක්‍ෂණ දෙපාර්තමේන්තුවට අයත් අක්කර දහස් ගණනක් ප‍්‍රදේශවල දෙමළ හා මුස්ලිම් ජාතික හා ප‍්‍රාදේශීය දේශපාලනඥයන්ගේ අනුග‍්‍රහය පිට එලිකරමින් ජනපද හදති. ගම් පිහිටුවීම කරනු ලැබේ. නමුත් මේ කිසිම තැනක එකම සිංහල ජාතිකයකු හෝ පදිංචි කරන්නේ නැත. රාජ්‍ය නොවන සංවිධාන විස්සකට වැඩි ගණනක් ත‍්‍රිකුණාමල දිස්ත‍්‍රික්කයේ ගම් පිහිටුවීමේ යෙදී සිටිති. ඒ සියල්ලක්ම කටයුතු කරන්නේ සිංහලයන් අතහැර ජාතිවාදී ප‍්‍රතිපත්තියකිනි.
සිංහලයින් නිදා සිටියොත් නැගෙණහිර පලාත සිංහලයන්ට සම්පූර්ණයෙන්ම අහිමි වි යන්නේ ය. ක‍්‍රි ව 1815 ලංකාව බිතාන්‍යයන්ට යටත් වෙනතුරා නැගෙණහිර සියයට සියයක් සිංහලයන් විසු ප‍්‍රදේශයකි.
 

III Reich

Member
Nov 10, 2010
544
42
0
auschwitz
T56 න් කරන්න බැරි උනු වැඩේ මහරජාගෙ නීතියෙන් හෝල්සේල් පිට දෙනවා !