නැදුන්ගමුව

Randima3000

Well-known member
  • Feb 2, 2010
    1,166
    237
    83
    අදාල නෑනේ
    හොරණ පැත්තේ ලී මඩුවක දර කොටන් ඇද ඇද හිටපු උඹව මීට අවුරුදු 40කට කලින් රුපියල් 75,000ක් දීලා අරගෙන වැලිවේරියට ගෙනාවේ ධර්මවිජය ලොකු වෙද මහත්තයා.
    එදා ඉඳන් උඹ ධර්මවිජය පවුලට එයාලගෙම සාමාජිකයෙක් උනා. වැලිවේරියට ආව දවසේ ඉඳන් අද වෙනකලුත් උඹට කන්න කිතුල් කොටයක් උඹ උස්සන් ආවට කවදාවත් පවුලේ වැඩකට කොටයක් අදින්න වෙදමහත්තයා ඉඩ තිබ්බේ නැහැ.

    උඹට අවුරුදු 50 කිට්ටු වෙනකොට උඹේ කටේ ඉතුරු උන අන්තිම දත් පේලිය වෙදමහත්තයා මැණිකක් වගේ පරිස්සම් කලේ මිල්ලන්ගොඩ ලොකු රාජාලට උන දේ දැනගෙන නිසා වෙන්න ඇති. අදටත් කරේ තියෙන දම්වැලක් හපන්න හදනකොට කළුමාමා කොටුවෙන් තට්ටුවක් දාලා උඹට සැරකරන්නේ උඹට තියෙන ආදරේට.
    අඩි 5ක් දිග රාත්තල් 450ක් විතර බර දළ දෙක උස්සගෙන හැමදාම උදේට නැගිටින්න හදනකොට දළ දෙක උස්සගන්න තියෙන අමාරුව දැකලා වෙදමහත්තයා උඹ නිදාගන්න තැන ඔළුව උඩින් තියලා නිදාගන්න වෙනම තැනක් හැදුවා.
    මංගල කුලයේ ආසියාවේම දැවැන්තයා උනත්, දහස් ගණන් මිනිසුන් එක්ක ගැවසෙන කොට උනත්; උඹේ පිටිපස්සේ කකුල් දෙකේ දම්වැල් ගලවලා තිබ්බේ වෙදමහත්තයට උඹ ගැන තිබුන අපමණ විශ්වාසෙට වෙන්න ඕනෙයි. උඹ නැගිටිනකොට උඹේ බරටම කකුලේ ස්වභාවිකව හැදිලා තිබුන තුවාලෙට උදේ හවස කළුමාමා බෙහෙත් ගෑවා උඹ මදකිපිලා, ගස් බැඳලා උඹ ලඟට එන්න බැරි කාලේ උනත්. ඇපල්, පිපිඤ්ඤා උඹට කන්න අරගෙන උඹව බලන්න අපි ආපුවහම "ඇතාට දැන් පිපිඤ්ඤා විතරක් කවන්න. ඇපල් කැවුවොත් දියවැඩියාව හැදෙයි" කියපු කළුමාමත් මාරයි.
    උඹ හුස්මගන්න සද්දේ අහලා උඹේ හැඟීම් තේරුම් ගන්න පුළුවන් තරම් අන්‍යෝන්‍ය අවබෝධයක් උඹයි කළුමාමයි අතර තිබුනේ..

    කියන්න කතා ගොඩයි. ඒත් පරක්කු වෙනවා.
    මහ රන්දෝලියට නැකත ලං වෙනවා.
    අවුරුදු 40කට කලින් ලී මෝලේ කොටන් ඇද ඇද හිටපු උඹ තව විනාඩි කිහිපයකින් 12 වෙනි වතාවටත් සධාතුක කරඬුව වඩම්මනවා.
    නිකන්ම නෙවෙයි..

    ලක්ෂ ගානක් මිනිස්සුන්ගේ සාදුකාර මැද්දේ. උඩුවියන් යටින්, පාවඩ උඩින්, වෙස්, බෙර, නර්තන, සේසත් ආදී දහස් ගණනක් වුන ලංකාවේ ප්‍රවීනම ශිල්පීන්ගේ නර්තන පෙරටු කරගෙන.
    උඹේ ආරක්ෂාවටම වාසනයි, ඉන්දිරාජයි දෑලේ තියාගෙන.
    හරිම අපූරුයි.
    මාලිගාවේ රාජා 48 අවුරුද්දක් පෙරහරේ ගියාට දළදා පෙරහැර ඉතිහාසයේ අවුරුදු 10ක් නොකඩවා කරඬුව වඩම්මවපු එකම ඇතා උඹ. කරඬුව නැතුව පාරේ යද්දිත් මිනිස්සු උඹට වඳින්නේ ඒ පින නිසා වෙන්න ඇති. උඹ ඇත්තටම අපමණ පිංකාරයෙක්..
    නැදුන්ගමුව, උඹත් පිං දීපන්..
    නීලම්මහර වෙද හාමුදුරුවන්ගේ ඉඳන් හර්ෂ ධර්මවිජය වෙද රාලහාමි වෙනකල් උඹ අද ඉන්න තැන ඉන්න උඹත් එක්ක හිටපු හැමෝටම.
    උඹව ඇස් දෙක වගේ බලාගන්න කළු මාමටයි, ඉන්දික අයියටයිත් එක්කම...

    -කවිඳු හඳපාන්ගොඩ-


    28805703621_0c94808d41_b.jpg



    https://www.elakiri.com/forum/showthread.php?t=1865017

    ව්‍යාජ සත්ව අවිහින්සාවාදී හිපාටුවො දෙතුන්දෙනාටයි... පව් බන් උබලා.
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    නදුන්ගමුවේ රාජා කතා කරයි කියල මාතෘකාව යටතේ රචනාවක් ලියන්නත් හිතෙනවා ...
    එක්කෝ ඕන නෑ අයින් වෙලා පයින් යනවා පුතී :rofl:
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,121
    16,977
    113
    නදුන්ගමුවේ රාජා කතා කරයි කියල මාතෘකාව යටතේ රචනාවක් ලියන්නත් හිතෙනවා ...
    එක්කෝ ඕන නෑ අයින් වෙලා පයින් යනවා පුතී :rofl:

    :yes:ඔව් එහෙම යන එක හොදයි ජෙප්පෝ.නැත්නම් ඇතාගේ දුක කියන්න ඇවිත් ඒ කාලේ ජෙප්පෝ මිනිස්සුන්ට කරපු දේවල් අහගන්න උනොත් එහෙම..:lol:.
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,759
    28,115
    113
    :yes:ඔව් එහෙම යන එක හොදයි ජෙප්පෝ.නැත්නම් ඇතාගේ දුක කියන්න ඇවිත් ඒ කාලේ ජෙප්පෝ මිනිස්සුන්ට කරපු දේවල් අහගන්න උනොත් එහෙම..:lol:.

    :rofl:
     

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    :yes:ඔව් එහෙම යන එක හොදයි ජෙප්පෝ.නැත්නම් ඇතාගේ දුක කියන්න ඇවිත් ඒ කාලේ ජෙප්පෝ මිනිස්සුන්ට කරපු දේවල් අහගන්න උනොත් එහෙම..:lol:.

    :rofl:
    පකේ අවිහිංසාව එයාලගෙ :lol:
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    :yes:ඔව් එහෙම යන එක හොදයි ජෙප්පෝ.නැත්නම් ඇතාගේ දුක කියන්න ඇවිත් ඒ කාලේ ජෙප්පෝ මිනිස්සුන්ට කරපු දේවල් අහගන්න උනොත් එහෙම..:lol:.

    :rofl:
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,957
    35,883
    113
    වොන්ඩර් ලැන්ඩ්
    අඩෝ පට්ටෙට ලියල තියෙනවා.... එලම .....

    එක එක උන් කතා කිව්වට මටනම් රාජ ඇතා ගොඩක් වටිනවා... ඒ වගේම නදුම්ගමුවේ වෙදමහත්තයා වගේ අය තව අපේ රටට ඔන ප්‍රතිපත්ති ගරුක, වැදගත්, ගුණවත් මිනිස්සු....
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    :yes:ඔව් එහෙම යන එක හොදයි ජෙප්පෝ.නැත්නම් ඇතාගේ දුක කියන්න ඇවිත් ඒ කාලේ ජෙප්පෝ මිනිස්සුන්ට කරපු දේවල් අහගන්න උනොත් එහෙම..:lol:.


    අන්නේකයි .. මිනිහ උනත් ඇතා උනත් දුක දුකමයි නේ .. ඒක ඇත්ත :lol: