නැනෝ නයිට‍්‍රජන් මිලට ගැනීමේදී වංචාවක්.. රු1302 වන එකක් රු.5230ට මිලට අරන්..

Bigspin

Well-known member
  • May 27, 2007
    4,243
    3,802
    113
    LONDON

    නැනෝ නයිට‍්‍රජන් මිලට ගැනීමේදී වංචාවක්.. රු1302 වන එකක් රු.5230ට මිලට අරන්.. :angry:



    යූරියා සහ නයිට්‍රජන් පොහොර ඒකාධිකාරය කඩිමුඩියේ පිහිටුවා ගත් සමාගමක තනි අයිතියට ලබාදීම සඳහා සකස් කළ කැබිනට් පත්‍රිකාව බොරුව අසත්‍යය පිරුණු මුදල් මඟඩියකට සැකසූ උගුලකි. කෘෂිකර්ම කේෂ්ත්‍ර යේ රැකවලුන් ලෙස පෙනී සිටින ඊනියා බුද්ධිමතුන් ලංකාවේ කෘෂිකර්මාන්තය වලපල්ලට යවමින් පුද්ගලයින් කිහිප දෙනෙකුට ධන උත්පාදනය සඳහා තම වෘත්තීය දැනුමත් ගණිකා වෘත්තීයේ යෙදවීම කණගාටුවකි.


    නැනෝ තාක්ෂණය පිළිබඳ එකම විශේඥයෙකු හෝ නොමැති තාක්ෂණික කමිටුවක් මගින් ඉන්දියාවේ රු. 484 ක් වන (ලංකා රුපියල් 1302.18) ක් වන නැනෝ නයිට්‍රජන්, ලංකාවේ මුදලින් රු. 5230 කට මිලදී ගෙන ඇතැයි මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීණි රෝහිණී කවිරත්න නිවේදනයක් නිකුත් කරමින් පවසයි.


    කැබිනට් පත්‍රිකාවට අනුව ද, ආනයනය කර ඇති නිෂ්පාදන විස්තරයට අනුව ද, මෙම නිෂ්පාදනයට ‘කාබනික සහතිකය‘ නැත. කාබනික කෘෂිකර්මාන්තය දියුණු කිරීම සඳහා යැයි දැවැන්ත ප්‍රචාරයක් ගෙන යමින් ආනයනය කරනු ලැබ ඇත්තේ අවම වශයෙන් කාබනික සහතිකය හෝ නොමැති නිෂ්පාදනයක් ය. :lol:


    ඩොලර් නැතිකම වසා ගැනීමට කාබනික පොහොර මිත්‍යාවේ ගිලෙන විටම මහ කන්නයට අවශ්‍ය පොහොර – බෙහෙත් සපයා ගැනීම ප්‍රශ්නයක් වන බව බුද්ධියත් ඇති ඕනෑම අයෙකුට වැටහී යා යුතුව තිබුණි. ඒ පිළිබඳ විශේඥයින් අදහස් දක්වා තිබුණි.


    කෘෂිකර්ම අමාත්‍යාංශය අද විට දැවැන්ත මුල්‍ය හා ශ්‍රාස්ත්‍රීය වංචා සිදු කරන හොර ගුහාවක් බවට පත්ව ඇත. චීන අශුචි ගෙන්වීමට අවශ්‍ය පරිසරය ගොඩනැගීමෙන් පසුව සියළු රාජ්‍ය තාන්ත්‍රික සම්ප්‍රදායන් හා රීති බිඳදමමින් චීනයේ දෙපතුල ලෙවකන රටක් බවට පත් කර ඇත. චීන අශුචි පොහොර කෙසේ හෝ ලංකාවට ගොඩබෑම දුෂිතයින්ගේ අරමුණයි.


    මහාචාර්ය බුද්ධි මාරඹේ කෘෂිකර්ම අමාත්‍යාංශයේ ප්‍රතිපත්ති සම්පාදක කමිටුවෙන් ඉවත් කිරීම සැබෑ බුද්ධිමතුන් කෘෂිකර්ම කේෂ්ත්‍රයේ ප්‍රතිපත්ති තීරණ ගැනීමේ ක්‍රියාවලියෙන් ඉවත් කිරීමකි. ඒ වෙනුවෙන්, අශුචි කාබනික පොහොර ගෙන්වීමේ නියෝජිතයා ලෙස කටයුතු කළ වත්මන් කෘෂිකර්ම ලේකම් මහාචාර්ය උදිත් ජයසිංහ සිය ජාවාරමට අවශ්‍ය ලේඛන සකස් කිරීම සඳහා තැරැව්කරුවන් කුලියට ගෙන ඇත.


    කෘෂිකර්ම අමාත්‍යාංශය, කෘෂිකර්ම අමාත්‍යවරුන් සහ එහි ලේකම්වරුන් රටේ ලක්ෂ 24 ක් වන ගොවි ජනතාව ද, ආහාර සුරක්ෂිතතාවය ද, රටේ ආර්ථිකය ද මකර කටට යවමින් සිදු කරන නාඩගම නැවැත්විය හැක්කේ කෘෂිකර්ම කේෂ්ත්‍ර යේ ප්‍රවීණයන්, වෘත්තිකයින් මෙයට සම්බන්ධ තාක්ෂණික කරුණු සම්බන්ධයෙන්වන සංවාදයට එක්වීමෙන් පමනී. උද්දච්ච, පණ්ඩිත සොර මුලක් ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තය මකොල්ලකෑම වැලැක්වීමට එක්වන ලෙස කෘෂිකර්ම විශේඥයින්, වෘත්තිකයින්, ගොවිතැනට සම්බන්ධ සියලු සියළු පාර්ශවයන්ගෙන් මම අයැද සිටිමි.


    රෝහිණී කවිරත්න
    මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීණී
     

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,570
    6,068
    113
    ganna gena nam kiyana deyak nah..sure ekata commision ekak thiyagena athi..ey oya gani hena gon talk ekak deela thiyenne.. urea wala 70% ma apathey yanawa..ey wage polawata hodagena gihama aththatam wadak nah.. honda nitrogen ekak chemical unath honda ekak denna puluwan nam aththatama hondai.. prathi paththi neme adhala wenne.. honda deyak denna puluwan wena ekai..anduwata bala karanna ona..mey parana system ekata duwanna neme.. wadi wardhanyak ganna puluwan, parisarayak rakena, minisunge wakugaduth rakena krama wedyak..wachana passe mee harak wage eleegena yana eka nam mahama maha gon wada..
     

    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    හැම රෙද්දෙම හොරකමනේ... මේ කම්භ හොරුන්ගෙන් කවදා රටයි අපියි නිදහසක් ලබයිද?
     

    lilman

    Well-known member
  • May 10, 2009
    41,217
    55,032
    113
    Colombo
    ඕක හොයහත්තෙ ලංකාවෙ කෙනෙක්ලු.මුන් ඒක විකුනල වැඩිමිලට ආපහු රටට ගෙන්වනව..

    මුන්ට හරියන්නෙ චීන ගූම තමයි... :(
     

    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,730
    113
    ඇයි එන්නද ?
    #Neveragain

    අමනාප වෙන්න එපා. උබ වගේ උන් අවුරුද්ද මැද වගේ ඔය ටෝක්ස් දුන්නට චන්දෙ දවසට මේ කුඩුකාරයෝ රැලට ගිහින් කතිරේ දාල. මොකුත් නොවුන ගානට එනවා. quote කරලා තියාගනින් අද කිව්වයි කියල.
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,044
    2
    54,828
    113
    අමනාප වෙන්න එපා. උබ වගේ උන් අවුරුද්ද මැද වගේ ඔය ටෝක්ස් දුන්නට චන්දෙ දවසට මේ කුඩුකාරයෝ රැලට ගිහින් කතිරේ දාල. මොකුත් නොවුන ගානට එනවා. quote කරලා තියාගනින් අද කිව්වයි කියල.
    k
     
    • Haha
    Reactions: Anatha sinhalu