නැපෝලියන්ගේ ඔළු කට්ට ඇතුලේ තිබී පැරණි මය&#3538

Error365!

Well-known member
  • Jun 27, 2012
    13,094
    9,823
    113
    එක තැනක නෑ
    නැපෝලියන්ගේ ඔළු කට්ට ඇතුලේ තිබී පැරණි මය&#3538

    නැපෝලියන්ගේ ඔළු කට්ට ඇතුලේ තිබී පැරණි මයික්‍රොචිපයක් හොයාගෙන


    snap180.jpg

    පසුගියදා, ප්‍රංශයේ අධිරාජ්‍යයා වූ නැපෝලියන් බොනපාට් ගේ හිස් කබල පරීක්ෂණයට ලක් කළ විද්‍යාඥයින්, ඔහු ගේ හිස තුළින් හමුවූ මයික්‍රොචිපයක් නිසා ඉමහත් විමතියට පත් වී තිබෙනවා.


    මේ සදහා කිසිදු පැහැදිලි කිරීමක් සොයා ගැනීමට නොහැකි වී තිබෙන අතර, ඔවුන්ගේ අවසන් නිගමනය වී ඇත්තේ මෙය පිටසක්වල ජීවීන් විසින් නැපෝලියන්ගේ හිස තුළ තැන්පත් කරන්නට ඇති බවයි! මන්දයත්, පිටසක්වල ජීවීන් පැහැරගෙන ගියා යැයි කියන ඇතැම් මිනිසුන්ගේ සිරැරැ තුළින් මෙවැනි චිප හමුවූ බවට වාර්ථා වන බැවිනි. එහෙත් පිළිගත් විද්‍යාඥයින් මෙවැනි ප්‍රකාශයක් ප්‍රසිද්ධියේ කළ වාරයන් ඉතා විරලය. එහෙයින් මෙය සුළු කොට තැකිය හැක්කක් නොවේ.


    "මේ සොයා ගැනීමේ ප්‍රතිඵලය හිතා ගන්නත් බෑ." ප්‍රංශ වෛද්‍ය සගරාවකට මෙම සිදුවීම හෙලිකල දොස්තර ඇන්ඩ්‍රි ඩුබොයිස් කියා සිටිනවා.


    "පිටසක්වල ජීවීන් මිනිසාගේ ඉතිහාසය වෙනස් කිරීමට දායක වී තිබෙන බව මෙයින් ඔප්පු වෙනවා. ඔවුන් ඉදිරියේදීත් එහෙම කරාවි!" ඔහු තවදුරටත් කියා සිටියි.


    දොස්තරවරයා නැපෝලියන්ගේ ඇටකටු පරීක්ෂා කිරීමට ප්‍රංශ රජයෙන් අවසර ගෙන ඇත්තේ $140,000 ක් ගෙවීමෙනි. ඔහු එම ඇටකටු පරීක්ෂාව කර තිබෙන්නේ, නැපෝලියන්ට පිටියුටරි ග්‍රන්ථියේ රෝගයක් තිබූ බවට සැක කිරීමෙනි. මන්දයත්, නැපෝලියන් ගේ මිටි සිරැරට හේතුව එවැනි රෝගයක ප්‍රථිපළයක් බවට ඔහු සැක කළ හෙයිනි. එහෙත් ඔහුට හමුව තිබෙන්නේ ඔහු සෙවූ දෙයටත් වඩා පුදුම දෙයකි.


    "මම හිස් කබලේ ඇතුල් පැත්ත පරීක්ෂා කරන කොට, මගේ අතට කිසියම් කුඩා නෙරීමක් අසුවුණා. ඉතින් මම අන්වික්ෂයක් ගෙන එය මොකක්දැයි පරික්ෂා කලා. එතකොටයි මට පෙනුනේ ඒක ඉතා දියුණු මට්ටමේ මයික්‍රොචිපයක් බව."


    චිපය වටා අශ්ටි වැඩී තිබූ ආකාරයට අනුව විද්‍යාඥයින් පවසන්නේ, එය මොළය තුළට ඇතුළු වී ඇත්තේ බොනපාට් ගේ තරැණ වියේදී බවයි.


    1974 අවුරැද්දේ ජුලයි මාසයේදී, එනම් බොනපාට් හට වයස අවුරැදු 25ක් ව තිබියදී, ඔහු දින කීපයකට අතුරැදන් ව සිටි බවට කථාන්තරයක් තිබෙනවා. ඔහු හිටි අඩියේ ආපසු පෙනී සිටි අතර, කොහේ ගියා දැයි ඇසූ විට ඔහු කියා ඇත්තේ, තමා තෙමිඩෝරියන් කැරලිකරැවන්ගේ අත්අඩංගුවේ පසුවූ බවයි. එහෙත් එවැනි පැහැර ගැනීමක් ගැන කිසිම වාර්ථාවක් මෙතෙක් සොයාගෙන නැහැ. දොස්තරවරයාගේ අදහස වන්නේ, නැපෝලියන්ව පිටසක්වල ජීවීන් පැහැරගෙන ගියේ මේ අවස්ථාවේදී බවයි. මෙම අතුරැදහන් වීමේ සිදු‍වීමෙන් පසුව නැපෝලියන් වෙනදා නොතිබුණු පුදුම ගැම්මකින් ක්‍රියා කළ බවයි වාර්ථා වන්නේ. ඔහු කෙටි කාලයකින්ම ඉතාලියේ සිටි ප්‍රංශ හමුදාවේ සේනාධිපති බවට උසස් වීමක් ලැබුවා. වැරහැලි හැදගෙන හිගන්නන් මෙන් හාමතින් පෙලෙමින් සිටි හමුදාව, ඔහු විශ්මයජනක ලෙස ඉතා සුපිරි හමුදාවක් බවට ටික කාලයකින්ම පෙරළුවා. මේ හමුදාවත් සමග ඔහු ඉතාලිය සමතලා කර දැම්මා.


    ජයග්‍රහණයන් ගණනාවකට පසුව, 1804 දී, කොට සිරැරකට හිමිකම් කී නැපෝලියන් බොනපාට් ප්‍රංශයේ අධිරාජ්‍යයා බවට පත්වුවා. මෙතැන් සිට ඔහුට හැකිවුනා තම අධිරාජ්‍යය ජර්මනිය, ඔස්ට්‍රේලියාව, ස්විට්සර්ලන්තය සහ ඩෙන්මාර්කය කරාද පතුරැවන්න.


    "නැපෝලියන් යුද්ධ සදහා භාවිතා කලේ එකල සාමාන්‍යයෙන් භාවිතා කළ යුධ උපක්‍රමට වඩා වසර ගණනාවක් ඉදිරියෙන් තිබූ දියුණු යුධ උපක්‍රම බව කවුරැත් පිළිගන්න දෙයක්" දොස්තර ඩුබොයිස් පවසනවා. "ඔහුගේ ඔළුව තුළ තිබූ චිපය, සමහර විට ඔහුගේ මේ සුවිශේෂී හැකියාව පිණිස බලපාන්න ඇති."


    තවදුරටත් ඔහු මෙසේ කියනවා. "නැපෝලියන්ගේ ප්‍රසිද්ධ පුරැද්දක් තිබුණා, හැමවෙලේම තමාගේ අත පපුව උඩිත තබාගෙන හිදීම. සමහර විට මේ චිපය, ඔහුගේ මො‍ලයේ සිට හදවතට යවන විද්‍යුත් තරංග වල වෙනසක් කළ නිසා ඔහු එහෙම අත තබාගෙන ඉන්න ඇති."

    ඉස්සුවේ http://ranmutu.blogspot.com

    පරණ නිව්ස් එකක්ද දන්නේ නැහැ. එත් මම කලින් දැකපු නැති නිසා ඔන්න උඹලටත් දුන්නා :):)
     
    • Like
    Reactions: BlueBat

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    පපර පාං......
    පප්ප පාං.........

    මී ළගට එළකිරියේ ඔරියන් හුටුමාණන් මෙහි දිය අවුත් එය තැන්පත් කලේ ඔහු/ඔහු ගේ ලිංගේන්ද්‍රිය තුල මෙවන් චිපයක් සවිකල සක්වලයින් බවට පවසනු ඇති............

    පිලිගන්න......
    ඔරියන්......
    හුටුමාණෝ..........................................................
     

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,094
    9,823
    113
    එක තැනක නෑ
    පපර පාං......
    පප්ප පාං.........

    මී ළගට එළකිරියේ ඔරියන් හුටුමාණන් මෙහි දිය අවුත් එය තැන්පත් කලේ ඔහු/ඔහු ගේ ලිංගේන්ද්‍රිය තුල මෙවන් චිපයක් සවිකල සක්වලයින් බවට පවසනු ඇති............

    පිලිගන්න......
    ඔරියන්......
    හුටුමාණෝ..........................................................


    :lol::lol::lol::lol::rofl::rofl::rofl::rofl:
     

    vishu

    Well-known member
  • Jul 3, 2007
    1,306
    97
    63
    මගේ ඔලුවෙත් නිකන් චිප් එකක් වගේ අහුවෙනවා මචන්.....