අද මට නෑයෝ ගැන හරිම කලකිරිමක් ආවා,මේකයි කතාව,රියල් අකවුන්ට් එකෙන් ආවේ නැත්තෙ මේක බලන එක නෑ හිපාටුවෙක් ඉන්නවා ඌ මගේ අකවුන්ට් එක දිහා ඇහ ගහගන ඉන්නෙ,එච්චර මිටර්ම ඩයල් එකක් නෙමෙයි හැබැයි,එක නිසා ඌට මේ ත්‍රෙඩ් එක මිටර් වෙන්නෙ නැති වෙයි.අපේ පුංචිඅම්මා බැන්දේ පත්තරකාරයෙක් එක්ක,එ කියන්නෙ පත්තර බයිසිකලේ තියාගන ගෙවල් ගානේ ගිහින් විකුණන පොරක් එක්ක,එ අංකල් මේ ලඟක් වෙනකන් ඔය වැඩේ කලා දැන් මුරුක්කු බිස්නස් එකක් කරගන ඉන්නවා,ඔය කසාදේට අපේ අනික් උන්දැලා පට්ට මලෙන් පුංචි අම්මා එක්ක ඉන්නෙ,නොගැලපෙන මගුලක් කරගත්ත,හරිහමන් රස්සාවක් නැති මනුස්සයෙක් එක්ක කියලා,පුංචි අම්මලාට හරි හමන් ගෙයක් තිබ්බෙත් නැ,පස්සෙ හිමිට හිමිට හදාගන දැන් ලස්සන පොඩි ගෙයක් හදාගන ඉන්නවා.පුංචි හැබැයි හෙන උත්සහවන්තයි,කෙල්ලයි කොල්ලයි ඉන්නෙ,උන් දෙන්නට කොහොම හරි හොඳට ඉගැන්නුවා,කෙල්ල ගිය අවුරුද්දෙ කැළනි කැම්පස් තෙරිලා ගියා,එ දවස් වල අපේ සමහර උන්ට නිකන් නයාට භුමිතෙල් ගැහුවා වගේ හිටියේ,කෙල්ල කැම්පස් සිලෙක්ට් උනා කියලා,හෙනම ජෙල,මෙහෙමයි කිව්වෙ "කාටද ඉතින් Art කරලා කැම්පස් යන්න බැරි" ඔන්න ඔහොම තමයි ටොක් කලේ,දැන් මේ සැරේ පුංචිගේ පොඩි එකා පෙරාදෙණිය කැම්පස් සිලෙක්ට් උනා ඉංජිනියරින් වලට දෙවෙනි සැරේ කරලා,මුන්ට දැන් මේක දරාගන්න බැ,ඇයි උන්ගේ ළමයි සැප විඳලත් යාගන්න බැරි උනා කැම්පස් වලට.උඔලාගේ නැයොත් ඉන්නවාද මෙහෙම ?
ගෙයක් දොරක් පිලිවලට හදාගන වාහනයක් කාරිය අරන් හිටියාමත් සමහරුන්ට තියෙන්න පුදුම ජෙලක්.තව කි දොහක් ඉන්නද බං මේ මිනිස්සු....