නැවක් ගොඩ ගහලා සිංහලු!

Kolama

Well-known member
  • Sep 11, 2008
    19,475
    23,734
    113
    ලිම්පෝපෝ කන්දෙ
    නැවක් ගොඩ ගහලා සිංහලු!



    අයහපත් කාලගුණයත් සමග ඊයේ ගාල්ලේදී අනතුරට ලක්වූ භාණ්ඩ ප්‍රවාහන යාත්‍රාව දැනට තිබෙන්නේ සුප්‍රසිද්ධ බොනවිස්ටා කොරල් පරය ආසන්නයේ බව, සමුද්‍රීය පරීක්ෂණ ආරක්ෂණ අධිකාරියේ සාමාන්‍යාධිකාරී ආචාර්ය ටර්නි ප්‍රදීප් කුමාර මහතා ප්‍රකාශ කළේය.

    ඔහු පෙන්වා දෙන්නේ, මේ හේතුවෙන් කොරල්පරයට හානි සිදුවීමේ අවදානමක් පවතින බවයි.

    ශ්‍රී ලන්කන් ග්ලෝරි නැමති නෞකාව ඊයේ පැවති අධික සුළං සහිත කාළගුණ තත්ත්වය හේතුවෙන් මෙලෙස ගොඩගසා තිබිණ.

    එම අවස්ථාවෙ යාත්‍රාවේ නව දෙනෙකු සිටි බවත්, ඔවුන් සියලු දෙනා ආරක්ෂිතව මුදාගත් බවත් නාවික හමුදා ප්‍රකාශක ලෙෆ්ටිනන් කමාන්ඩර් ඉසුරු සුරියබණ්ඩාර මහතා සඳහන් කළේය.

    මෙම යාත්‍රාවෙන් පරිසරයට හානි සිදුවේදැයි විමර්ශනය කරන බවද නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

    ඔහු වැඩිදුරටත් පැවසුවේ යාත්‍රාව යථා තත්ත්වය‍ට පත් කිරීමේ මෙහෙයුම් ද ආරම්භ කර ඇති බවයි.

    මේ අතර, සමුද්‍රී පරීක්ෂණ ආරක්ෂණ අධිකාරියේ සාමාන්‍යාධිකාරී ආචාර්ය ටර්නි ප්‍රදීප් කුමාර ප්‍රකාශ කළේ, තෙල් ටොන් 15 ක් රැගත් නෞකාව කොරළ් පරයේ ගැටීම හා අධීක රළ පහර හේතුවෙන් තෙල් මුහුදු ජලයට එක්වීමේ අවධානමක් ඇති බවයි.

    එසේ සිදුවුවහොත්, ජලජ ජීවීන්ට මෙන්ම කොරල් පරයට ද හානි සිදුවිය හැකි ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

    මේ වනවිට, එම තත්ත්වය වලක්වා ගැනීමට කටයුතු කරමින් සිටින බව ද ඒ මහතා ප්‍රකාශ කරයි.

    Source: https://www.newsfirst.lk/sinhala/
     
    Last edited:

    Similar threads